Ads 468x60px

.

දුමින්දගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය යහපත්


වෙඩි තැබීමකින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය යහපත් බව වෛද්‍යවරුන් පවසයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, එස්.කේ ගම‍ගේ පැවසුවේ දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හෙට දිනය වනතුරු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.


ඊයේ සිදුකළ සැත්කම්වලින් පසු දුමින්ද සිල්වා මේ වනවිට රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ දුමින්ද සිල්වාගේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.

දුමින්ද භාරතගේ කම්මුලට ගැහුවා - දිවිගලවාගත් භාරතගේ රියදුරු


 වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවාගත් භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියදුරු එම සිද්ධිය විස්තරකොට තිබුනේ මෙසේය 

"අපි වල්පොල හන්දියට එනකොට හවස 3.30 ට විතර ඇති. ඡන්දය අවසන් වෙන්න පොඩි වෙලාවක්‌ තිබුණේ. මුල්ලේරියාව පැත්තෙ ඡන්ද මධ්‍යස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කරන්න භාරත මහත්තයට යන්න ඕනෙ කිව්වා.

වල්පොල හන්දියෙදි දුමින්ද සිල්වා ප්‍රාඩෝ ජීප් තුනකින් ආවා. ඒ අය අපි ගිය වාහනේට මඟ හරස්‌ කරල නතර කළා.

දුමින්ද සිල්වා පිස්‌තෝලෙකුත් අරගෙන ජීප් එකෙන් බැහැල කුණුහරුපයෙන් බැණගෙන ඉස්‌සරහට ආවා. භාරත මහත්තයත් ඒ වෙලාවෙ වාහනයෙන් බැස්‌සා.


දෙන්නම බැනගත්තා. එක පාරටම දුමින්ද සිල්වා භාරත මහත්තයගේ කම්මුලට වේගයෙන් පහරක්‌ ගැහුවා. මහත්තයා ඒ පාරට බිම ඇදගෙන වැටුණා.


එතකොටම දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ ටී 56 ආයුධයකින් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. භාරත මහත්තය කකුල අල්ලගෙන දඟලන්න පටන්ගත්තා. එතකොට කව්දෝ කිව්වා ඕකගෙ ඔළුවටම තියලා ඉවරයක්‌ කරලා දාපන් කියලා.


ඒත් එක්‌කම දුමින්ද සිල්වා ළඟ හිටපු අය පිට පිට භාරත මහත්තයගෙ ඔලුවටයි පපුව දිහාවටයි වෙඩි තියන්න ගත්තා.


භාරත මහත්තය ළඟ හිටපු ආරක්‍ෂක නිලධාරියො දෙන්න මහත්තයව උස්‌සගෙන ජීප් එක පිටුපසට යන්න හැදුවා. එතකොටම දුමින්ද සිල්වාගෙ කට්‌ටිය ඒ දෙන්නටත් වෙඩි තිබ්බා
"


 
Related Posts with Thumbnails