Ads 468x60px

.

භාරත ලක්ෂ්මන්ගේ දේහය නිවසට ගෙනඑයි , දුමින්ද සිල්වාගේ සැත්කම සාර්ථකව අවසන්


ඊයේ(08) සිදු වූ වෙඩි හුවමාරුවෙදී  බරපතළ තුවාල ලැබූපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද  
සිල්වා මහතාගේ  සෞඛ්‍යතත්ත්වය පිළිබඳව නිවැරදි නිගමනයකට එළිඹිය හැක්කේපැය 
48කින් පසුව බව වෛද්‍යවරු පවසති.

ශ්‍රී ජයවර්ධනපුර ‍රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සවේන්ද්‍ර ගමගේමහතා ප්‍රකාශ කළේ එතෙක් 

මන්ත්‍රීවරයා දැඩි සත්කාරඒකකයේ රඳවා තැබෙන බවයි. එතෙක් ඔහුව වෙනත්රෝහලකට  
හෝ රැගෙනයාම අවධානම් බව රෝහලේඅධ්‍යක්ෂවරයා පැවසිය.

හිසට එල්ල වූ වෙඩි ප්‍රහාර දෙකක්‌ හේතුවෙන් අසාධ්‍යතත්ත්වයේ පසු වූ දුමින්ද සිල්වා  

මහතා හදිසිශල්‍යකර්මයකට භාජනය කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙනතිබුණු අතර එය පැය පහක පමණ කාලයක්‌ පුරා සිදු කෙරිණි.




මුල්ලේරියාව වල්පොළ හන්දියේ පිහිටි සිරිමාවෝබණ්‌ඩාරනායක පුස්‌තකාලය ඉදිරිපිටදී 
ඊයේ(08 ) සිදු වූ වෙඩිහුවමාරුවෙදී  භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා සමග සිටි මහතාගේ ආරක්‍ෂක
නිලධාරින් වූ නිමල් රාජපක්‍ෂ, ජයතිලකනැමැත්තන් සහ හසීම් යන අය  මියගොස් තිබේ.


මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍රමහතා ඇතුළු සිව්දෙනකු මියගොස්‌  
පාර්ලිමේන්තු මන්ත්‍රීදුමින්ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙක්‌ බරපතළ තුවාලලැබූහ. තුවාල ලැබූ  
අනෙක්‌ පුද්ගලයන් තිදෙනා කොළඹජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින්සිටිති.
භාරත ලක්‍ෂමන් මහතා ඇතුළු ආධාරකරුවන් ඊයේ (8දා)පස්‌වරු 3.00
ට පමණ මුල්ලේරියාව සිරිමාවෝ බණ්‌ඩාරනායක පුස්‌තකාලය ඉදිරිපිට පිහිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 
 ප්‍රබලආධාරකරුවකුගේ නිවසට පැමිණ තිබේ.


දේශපාලන කටයුතු සහ මැතිවරණ පැවැත්වෙන අවස්‌ථාවන්හි එකී නිවසට පැමිණ ටික වේලාවක්‌  
රැඳී සිටීම භාරතලක්‍ෂමන් මහතා කාලයක සිටම කරගෙන ගොස්‌ ඇති අතර මීට පෙර සිරිමාවෝ බණ්‌ඩාරනායක පුස්‌තකාලය ඡන්දමධ්‍යස්‌ථානයක්‌ ලෙස පැවැතීම ඊට හේතු වී තිබී ඇත.


 අනුව ඊයේ පැවැති මැතිවරණය නිසා භාරත ලක්‍ෂමන් මහතා ඇතුළු ආධාරකරුවන් එම නිවසට පැමිණ 
 එහි ඉදිරිපිටරැඳී සිටියදී අංගොඩ හන්දිය දෙසින් දුමින්ද සිල්වා මහතා ඇතුළු අධාරකරුවන් පිරිස භාරත  
ලක්‍ෂමන් මහතා ඇතුළුපිරිස සිටි දෙසට පැමිණ තිබේ.


ඔවුන්ගේ පැමිණීමත් සමග කිසියම් දරුණු වෙඩි තැබීමක්‌ සිදු වී ඇති අතර ඒ සමගම එම ප්‍රදේශය එකම යුද පිටියක්‌බවට පත් කෙරෙමින් දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව ආරම්භ වී තිබේ.

ඝාතනයට ලක්‌ වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේදේහය ඊයේ සවස පශ්චාත් මරණපරීක්‍ෂණ කටයුතු සඳහාඅයිඩීඑච් රෝහලේ සිට කොළඹ පොලිස්‌ මෘත ශරීරාගාරයවෙත ගෙන ඒමට පියවර ගෙන තිබිණි.


දැනට කාලයක සිටම කොටිකාවත්ත, මුල්ලේරියාව, අංගොඩසහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල මැතිවරණ
හා උණුසුම්දේශපාලන තත්ත්වයන්හිදී මෙසේ ගැටුම් නිර්මාණය වෙමින්තිබිණි.


භාරත ලක්‍ෂමන් මහතා මෙසේ ඝාතනය වීමත් සමග දැඩිලෙස කුපිත වී සිටි  මහතාට ආදරය කළ පිරිස්‌ 
දුමින්ද සිල්වා මහතාට පක්‍ෂපාතී පිරිස්‌වල දේශපාලන කාර්යාලවලට පහරදී අලාභහානි කරමින් 
කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.


එසේ කුපිත වූ පිරිස්‌ මුල්ලේරියාව රෝහල ඉදිරිපිටදී පොලිස්‌ කැබ් රථයක්‌ද ගිනි තබා විනාශ කරනු ලැබූහ.


මෙහිදී ඊයේ පස්‌වරුවේ මෙම සිද්ධිය සිදු වීමට පැය කාලකට පමණ පෙර පැට්‍රල් කෑන්, බෝම්බ ඇතුළු අවි ආයුධ සමගමුල්ලේරියාව දෙසට අධික වේගයෙන් පැමිණෙමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක්‌ මොරගහ හන්දිය ප්‍රදේශයේදී කාර් රථයක හැපී අනතුරට ලක්‌ වී තිබේ.


ඒ අවස්‌ථාවේ කැබ් රථයේ පැමිණි පිරිස එය අතහැර පලා ගොස්‌ තිබී ඇති අතර භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනයත් සමග කුපිත වූවන් ඊයේ සවස එම ඩිෆෙන්ඩර් රථය ද ගිනි තබා විනාශ කර ඇත.


ඒ අතරේ කෝපයට පත්ව සිටි භාරත ලක්‍ෂමන් මහතාගේ තවත් ආධාරකරුවන් පිරිසක්‌ ඊයේ සවස වැල්ලම්පිටියේ පිහිටා තිබූ දුමින්ද සිල්වා මහතාගේ පක්‍ෂ කාර්යාලය ද ගිනි තබා විනාශ කර තිබිණි.


භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනය හේතුවෙන් මෙසේ මුල්ලේරියාව ප්‍රදේශය පුරා නොසන්සුන්කාරී තත්ත්වයක්‌නිර්මාණය වීමත් සමග එම ප්‍රදේශයට ඊයේ පස්‌වරු 4.00 සිට අද (09 දා) පෙරවරු 6.00 දක්‌වා පොලිස්‌ ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේය.
වෙඩි තැබීමට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසෙහි සිදුකළ සැත්කම සාර්ථකව අවසන් කළ බව එම සැත්කම සිදුකළ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පවසයි. 

අද(09) අලුයම මෙම සැත්කම සිදුකළ බව ඇය සඳහන් කරයි. 

වෙඩි ප්‍රහාරය නිසා දුමින්ද සිල්වා මහතාගේ මොළයට දැඩි ලෙස හානි සිදුවී තිබූ බව ඒ පිළිබඳව විස්තර කළ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සඳහන් ක‍ළාය. 

තවත් පැය 48 ක කාලයකින් පසු ඔහුගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂාවට ලක්කෙරෙන බව ද ඇය ප්‍රකාශ ක‍ළාය. 

කොළොන්නාව, මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ ඊයේ(08) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කර තිබිණි. 

වෙඩි ප්‍රහාරයකින් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර 
මහතාගේ දේහය ජාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙනවිත් තිබේ. 


කොළඹ පෞද්ගලික මල් ශාලාවක සිට අද(09) පෙරවරුවේ ඒ මහතාගේ ජාවත්ත 
ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ආ බව අද පැවසීය. 


කෙටි වේලාවක් එම නිවසේ තැන්පත් කර තැබෙන දේහය කොළොන්නාව ප්‍රදේශයේ 
පිහිටි ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතය. 


ඊයේ(08) පස්වරුවේ කොළොන්නාව, මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ජිවිතක්ෂයට පත්විය. 

 

 
Related Posts with Thumbnails