Ads 468x60px

.

දුමින්ද මන්ත්‍රීවරයා අවදානම් තත්වයෙන් මිදේ !

අංගොඩ, සල්මල් උයන ප‍්‍රදේශයේ ඡන්ද පොල මධ්‍යස්ථානයක්අසළදී සිදු වූ ගැටුමකදී ඇති වූ 
වෙඩි තැබීමකින් ජනාධිපතිඋපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයටපත් වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද ආර්. සිල්වාමහතා බරපතළ තුවාල ලබා තිබේ.

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමන්ද්‍ර මහතා වෙඩි වැදුනු ස්ථානයේදීමමිය ගොස් ඇති අතර, වෙඩි වැදුන ඔහුගේ ආරක්ෂකයින්දෙදෙනෙකු අංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් 

අනතුරුව මිය ගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා මේවන විට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ  

දැඩි සත්කාර ඒකකයකටඇතුළත් කර ඇති අතර, හදිසි ශෛල්‍යකර්ම කිහිපයක් මේ වන විට  
සිදු කරමින් පවතී.




මෙම වෙඩි තැබීමේදී දුමින්ද සිල්වා මහතාගේ හිතවතුන් පිරිසකට වෙඩි වැදී ඇති අතර, ඔවුන්  ශ‍්‍රී ජයවර්ධනපුරරෝහලට ඇතුළත් කර ඇත.සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පස්දෙනෙකු 
කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇතැයි  ජාතික  රෝහලේඅධ්‍යක්‍ෂවරයා පැවසීය.

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට ඇදිරි නිතිය

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව මුල්ලේරියාව පොලිස් බලප‍්‍රදේශයට  
පොලිස් ඇඳිරි නීතියපනවා තිබේ. අද පස්වරු 4.30 සිටහෙට අලූයම 6.00 වනතෙක් පොලිස් ඇදිරි නීතිය පැනවූ බව පොලීසිය සඳහන්කරයි.සාමකාමීව හැසිරෙන ලෙස පොලීසිය  
මහජනතාවටදැනුම්දී සිටියි.ප‍්‍රදේශය හරහා ගමන් කරන රථ වාහන සඳහා විකල්පමාර්ග 
 භාවිත කරන ලෙසද පොලීසිය කියයි.

භාරතගේ ඝාතනය ගැන ජනපතිගේ අවධානය

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ  වෙඩි තැබීම පිළිබඳජනාධිපති මහින්ද රාජපක්ෂ 
මහතාගේ අවධානය යොමුවතිබෙන අතර මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන 
ලෙසපොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට නියෝගකර තිබේ.

 අනුව වෙඩිතැබීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට 

බාරදී ඇති වග පොලිස්මූලස්ථානය සඳහන් කරයි.


වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව කරුණු දැන ගැනීම සඳහාජනාධිපතිවරයා කොටිකාවත්ත 

මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේහිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගාරච්චි මහතාට දුරකතන 
ඇමතුමක් ලබාදී ඇති බව  වාර්තා වේ.



දුමින්දගේ ගෝලයින් ජ.පුර රෝහලේ ආරක්ෂාව අතට ගනියි

වෙඩි වැදීමෙන් මියගිය භාරත ලක්‍ෂමන් මහතාගේආධාරකරුවන් ජ’පුර රෝහල වෙත ඇතුළු 
වී තමනායකයාගේ  ජිවිතයට යම් අනතුරක් කරනු ඇති යනබියෙන්  මන්ත‍්‍රී දුමින්ද සිල්වා  
මන්ත්‍රීවරයාගේ  ආධාරකරුවන්විසින් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ‍්‍රය රැකවල් ලා ඇති බව 
වාර්තාවේ.
ඔවුන් විසින් රෝහල් ආරක්‍ෂක අංශ නොතකා හරිමින් සියළුපුද්ගලයන්ගේ ශරීර පරීක්‍ෂා  
කටයුතු සිදු කරමින් සිටිති.

එහෙත් මේ නීත්‍යානුකුල නොවන සෝදිසි කිරීම් වලට එරෙහිපොලීසිය කිසිදු
ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බවද රෝහල්ආරංචි මාර්ග කියයි.

මේ අතර වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ  කාර්යාලයට කලහකාරී පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ද වාර්තා වේ.
භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා වෙඩි පහරකින් ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟ කුපිත වී සිටින 
ඔහුගේ ආධාරකරුවන් විසින් මෙම ගිනිතැබීම සිදු කරන්නට ඇති
බවට සැක කෙරේ.මේ වන විට මුල්ලේරියාව පොලිස් බල ප‍්‍රදේශය තුල ඇඳිරි නීතිය
ක‍්‍රියාත්මක වේ.

දුමින්ද මන්ත්‍රීවරයා අවදානම් තත්වයෙන් මිදේ !

දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තුමන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ 
තත්වය අවදානම්තත්වයෙන් මිදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ජීවිත අවදානම් තත්වය අවම වුවද තවත් ශළ්‍ය කර්මකිහිපයක්  ක‍්‍රියාත්මක 

කරන බවද ඔවුන් පවසයි.

මන්ත‍්‍රීවරයාගේ ශරීරයේ තිබූ උණ්ඩ දෙකක් ඉවත් කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්දසිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර 

රෝහලට ඇතුලත් කලවහාම එම ස්ථානයට පැමිණි ආරක්ෂක ලේකම් ගෝඨාභයරාජපක්ෂ 
මහතා පැය දෙකකට ආසන්න කාලයක් එහි රැදී සිට ඇතග ලක්ෂ්මන් හුළුගල්ලල
ප්‍රසන්න වික්‍රමසුරිය යන මත්වරුන්ද එම ස්ථානයේ සිට ඇත.
 
Related Posts with Thumbnails