Ads 468x60px

.

බැදලා නෑ කියන හිමාලි බැන්දේ අවුරුදු දහයකටත් කලින්ලු

නිවේදිකාවක,ටෙලි හා චිත්රපටි නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හිමාලි සයුරංගිගේ අතිධාවනකාරී පිරිමි හුවමාරුවේ ආරම්භය සිදුවන්නේ මෙයට අවුරුදු 10 පෙරය.එනම් "ටෙලිවිව්" ආයතනයට සම්බන්දව රැකියාව කල අමල් අල්විස් හා හිමාලි සයුරංගි විවාහ වන්නේ අවුරුදු 10 කට ඉහතදීය.එනමුදු එම දීගයට ආයුෂ තිබුනේ මාස 4 වැනි කෙටි කාලයකි.


තවත් කලකින් අනතුරුව වෙන්ව සිටි දෙදෙනා නිත්‍යානුකුලව දික්කසාද වුනි.මේ අතරේ ඇයට රුපවාහිනියේ රවින්ද්‍ර මුණසිංහ මුණ ගැසීම සිදුවේ."නදුන් උයන " හරහා ඇයව ක්ෂේත්‍රයේ ඉදිරියට ගෙන එනු ලබන්නේ ඔහු විසිනි.මෙම සබදතාවයද කෙටි කලකින් නිමවන්නේ ජනප්‍රිය ගායක මර්වින් පෙරේරාගේ පුත් අමල් පෙරේරාගේ මුණගැසීමෙන් අනතුරුවය.අමල් මෙලෙස කාලයක් නිවසක්ද කුලියට ගෙන හිමාලි සයුරංගි තියාගෙන සිටි බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නා කරුණකි.ඇයගේ පිරිමි හුවමාරුවට ඇති විශේෂ කැමැත්ත හේතු කොට ගෙන මෙවර ඇය ලංවන්නේ කොයි කවුරුත් හොදින් හදුනන "ආදරණීය පුර්නිමා" හි අසංක නැතහොත් ධනංජය සිරිවර්දන වෙතටයි.මේ අතරේ අමල් පෙරේරාට ශිරෝෂි රොමේෂිකා මුණ ගැසීම හේතු කොටගෙන අමල්ගේ නිවසින් ඉවත්වන්නට හිමලිට සිදුවූ බව පැවසේ.කෙසේ වුවත් තමා හා විවාහ වන්නේ යයි බොරු පොරොන්දුවක් දුන් ධනංජයද එපා වීමට ඇයට වැඩි කලක් ගත වුයේ නැත."එකමත් එක රටක" චිත්‍රපටයෙන් අනතුරුව එහි අධ්‍යක්ෂ සනත් ගුණතිලක මහතාගේ ඇල්විටිගල නිවසට පදිංචියට ඇය ගිය බව අප මින් පෙර ලිපියකදීද සඳහන් කොට ඇත්තෙමු.දුලානි අනුරාධා හා හිමාලි සයුරංගි ඇල්විටිගල නිවසේ සනත් හා සිටීමට ඇල්ලු පොරය අප පාඨකයන් දන්නා අතර හිමාලිගේ නරක කාලයටකටදෝ සනත් ගුණතිලකට එන්.ඩී.බී. නැගණිය මුණගැසීමෙන් පසු ඇල්විටිගලින් එලියට බැසීමට සිදු වූ බවද සියලු දෙනා දන්නා කරුණකි. දැන් ඉතින් හිමාලිගේ අලුත් පෙම්වතා කව්ද?එය නුදුරු අනාගතයේදී දැනගන්නට ඔබටත් හැකියාව ලැබේවි



 
Related Posts with Thumbnails