Ads 468x60px

.

රන්ජන්ට උත්තර බඳින්නැයි නුවර ගුරුවරියට නියෝගයක්

සබරගමු පළාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා තමාට අපහාස කරන ලදැයි කටුගස්තොට ප‍්‍රදේශයේ පාසලක ගුරුවරියකට එරෙහිව රුපියල් මිලියන 500 ක වන්දි ඉල්ලා පවරා ඇති නඩුව විත්තිකාර පාසල් ගුරුවරිය එදිනට නියමිතව තිබූ විත්ති පාර්ශ්වයේ උත්තර සැපයීමට අපොහොසත් වූ හෙයින් විත්ති උත්තරය ලබාදීමට අවසන් වරට නොවැම්බර් 23 දිනට කල් තැබීමට අතිරේක දිසා විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා නියෝග කළේය.

 
එදිනටවිත්ති පාර්ශ්වය උත්තර සැපයීමට අපොහොසත් වුවහොත් ඒක පාර්ශ්විකව නඩු විභාගය පවත්වන බවද මහේස්ත‍්‍රාත් වරයා මෙහිදී අවධාරණය කළේය.

කටුගස්තොට පදිංචි නාමල් විජේරත්න නමැති කාන්තාවක ඇයගෙන් රුපියල් දසලක්ෂයක මුදලක් වංචා කළේ යැයි පවසමින් තමාට එරෙහිව මහනුවර අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකින් තමාගේ දේශපාලන හා කලා ජීවිතයට විශාල හානියක් වූ බව පවසමින් රන්ජන් රාමනායක මහතා පාසල් ගුරුවරියට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

පසුගිය ඔක්තෝබර් 05 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාසල් ගුරුවරිය වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් විත්ති උත්තරය බැඳීමට තමාට උපදෙස් ලැබී නැතැයිඑහෙයින්සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් බණ්ඩාර වැලිකුඹුර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිලිකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජිත් කාරියවසම් මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ විත්ති පාර්ශ්වයට උත්තර බැඳීම සඳහා ලබා දී තිබුණ තුන්වැනි දිනය මෙය බවත්, ඊළඟට ලබාදෙන දිනය අවසන් දිනය ලෙස සලකන ලෙසත් ය.
 
Related Posts with Thumbnails