Ads 468x60px

.

ඩයලොග් වෙතින් අන්තර් ජාලය ඔස්සේ ව්‍යාපාරිකයින්ට වීඩියෝ සාකච්ඡා

අනවශ්‍ය ගමන් වියදම් අඩුකර ගනිමින් ව්‍යාපාර වලට අන්තර් ජාලය ඔස්සේ රැස්වීම්, මාධ්‍ය හා වීඩියෝ සාකච්ඡා පැවැත්වීම හැකියාව ලබාදෙන WebEx විද්‍යුත් මාධ්‍ය සාකච්ඡා ක්‍රමය ඩයලොග් සහ සිස්කෝ(Cisco) එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙයි. 



අන්තර් ජාලය ඔස්සේ ව්‍යාපාරිකයින් වීඩියෝ සාකච්ඡා පවත්වන ලොව ප්‍රමුඛතම ක්‍රමයක් ලෙස සිස්කෝ WebEx ප්‍රසිද්ධියට පත්ව ඇති අතර මෙම ක්‍රමය මගින් මධ්‍යම ප්‍රමාණයේ සිට මහා පරිමාණයේ ව්‍යාපාර දක්වා සේවා සපයයි. 

මේ නිසා, ව්‍යාපාර අතර මෙන්ම ව්‍යාපාර හා පාරිභෝගිකයින් අතර ඕනෑම තැනක සිට සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට මෙම ක්‍රමයෙන් හැකියාව ලැබේ. 

ඉදිරි වසර දෙක ඇතුළත ශ්‍රී ලංකාවට මෙම සේවාව ලබාදෙන එකම විදුලි සන්නිවේදන සේවා සැපයුම්කරු වන්නේ ඩයලොග් ආසිආටා සමාගම බව එම සමාගම කියයි. 

දැනට ලොව පුරා සිස්කෝ WebEx සඳහා ලියාපදිංචි පාරිභෝගිකයින් ප්‍රමාණය මිලියන 06 කට වැඩි අතර මසකට පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡා ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් මිලියන 7.6 ක් පමණ වේ. 

“මෙමගින් පාරිභෝගිකයින්ට නිවසේ සිට පමණක් නොව ලොව ඕනෑම තැනක සිට තම ව්‍යාපාර කරගෙන යාමට අවකාශ ලැබෙනවා.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි, ප්‍රධාන විධායක නිළධාරී ජෙරමි හක්ස්ටබල් මහතා කීය. 

වැඩිම පාරිභෝගික සංඛ්‍යාවක් සමග 2.5G කුළුණු 2000 ක් සහ 3G කුළුණු 1200 කට වැඩියෙන් ඩයලොග් සතුව තිබේ.
 
Related Posts with Thumbnails