Ads 468x60px

.

සංගා මූල්‍ය හා දූෂණ වංචා නිසා හංවඩු ගැසූ ආයතනයකට මුදල් දිනාදීමට සැරසෙන්නේ ඇයි.?

එලඹෙන සැප්තැම්බර් මාසයේ ඉන්දියා වේදී පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලි යේදී තමන් කඳුරට මරූන්ස් කණ්ඩායමට කී‍්‍රඩා කිරීමට සූදානම් බව සුපිරි පිතිකරු කුමාර සංගක්කාර විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බව hota වෙත වාර්තා වෙනවා.

හයිද්‍රාබාද් සන්රයිසස් සමග ගිවිසුමකට එලැඹ තිබෙන නිසා කඳුරට මරූන්ස් කණ්ඩායමට ක්‍රිඩා කිරීමෙන් සංගක්කාර ට මුල්‍ය අලාභයක් සිදුවන අතර කඳුරට කණ්‌ඩායම අතහැර හයිද්‍රාබාද් පිලට සංගක්‌කාර ක්‍රීඩා කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඩොලර් 150,000 ක මුදලක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්‌කෝටි හැත්තෑ ලක්‍ෂයක පමණ මුදලක්‌ අහිමි වනවා.


හයිද්‍රාබාද් සන්රයිසර්ස්‌ පිලට ක්‍රීඩා නොකළහොත් සංගක්‌කාරට අයි.පී.එල්. කොන්ත්‍රාත්තුවට හිමි මුදලින් 20% ක මුදලක්‌ අහිමිවන අතර එය අවම වශයෙන් ඩොලර් 140,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්‌කෝටි හැට ලක්‍ෂයක්‌ පමණ
වනවා.

කෙසේ නමුත් මේ වන විට ලැබෙන තොරතුරු අනුව සංගක්කාර කදුරට කණ්ඩායම නියෝජනය කිරිමට කැමැත්ත පල කොට ඇති අතර එයින් වැඩි වාසි අත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටය.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය යනු පසුගිය කෝප් වාර්තාවෙන්ද මූල්‍ය වංචා හා දූෂණ සිදුවූ ප්‍රධාන ආයතනයක් වශයෙන් හංවඩු ගැසූ ස්ථානයකි.


එහි තවත් විස්තර පහතින් 

' කොයි තීරණය ගත්තත් මම දැන් වැරදිකාරයෙක්‌ ' - සංගා කියයි
එළැඹෙන චැම්පියන්ස්‌ ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේදී තමා නියෝජනය කළ යුතු කණ්‌ඩායම තීරණය කිරීම තමාටම පැවරීම කොතරම් දුරට සාධාරණද යන්න සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර ඊයේ (29 දා) පැවසීය. අවසානයේදී සිය සහභාගීත්වය කඳුරට කණ්‌ඩායම වෙනුවෙන් ලබාදෙන බව සංගක්‌කාර ඊයේ සවස තීරණය කළේය.

ලබන මස ඉන්දියාවේ පැවැත්වෙන චැම්පියන්ස්‌ ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කිරීම සඳහා කුමාර් සංගක්‌කාර අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කළ සන්රයිසස්‌ හයිද්‍රාබාද් කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාවේ කඳුරට කණ්‌ඩායම් දෙකටම සුදුසුකම් ලැබීම මත සංගක්‌කාර අදාළ ප්‍රශ්නයට මුහුණපා සිටියි.

"මම නියෝජනය කළ කණ්‌ඩායම් දෙකම චැම්පියන්ස්‌ ලීග් තරගාවලියට සුදුසුකම් ලැබීම මත මම මොන තීරණය ගත්තත් වැරදි කාරයෙක්‌ වෙන මට්‌ටමකට පත් වෙලා. දැන් මේක හුග දෙනෙක්‌ වැරදි විදිහට වටහා ගෙන තියෙනවා. 


මේක රටක්‌ සහ සල්ලි අතර හෝ රටක්‌ සහ අයි.පී.එල්. අතර තේරීමක්‌ කියල. චැම්පියන්ස්‌ ලීග්වල රටවල් ක්‍රීඩා කරන්නෙ නැහැ. ඒකෙ ක්‍රීඩා කරන්නෙ ක්‍රීඩා සමාජ හෝ කණ්‌ඩායමක පෞද්ගලික හිමිකරුවෙකුගෙ කණ්‌ඩායමක්‌ පමණයි." යනුවෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව සංගක්‌කාර පවසයි.

"ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය පෙරේදා වන තුරු මගෙන් මේ ගැන කිසිම දෙයක්‌ ඇහුවෙ නැහැ. හැබැයි ඒගොල්ලන් පෙරේදා සවස මේ ගැන මගෙත් එක්‌ක කතා කළා. 


මම කිව්වා හයිද්‍රාබාද් හිමිකරුවන් සමග සාකච්ඡා කරල දඩයක්‌ නැතිව හෝ දඩය අවම කරල දෙන්න මම එතකොට කඳුරටට සෙල්ලම් කරනව කියල." යනුවෙන් පැවසීය.

"හයිද්‍රාබාද් කණ්‌ඩායම නියෝජනය කරන ජාත්‍යන්තර ක්‍රීඩකයන් 10 දෙනෙකුම මේ ප්‍රශ්නයට මුහුණදීල සිටිනවා. මම හයිද්‍රාබාද් කණ්‌ඩායම නියෝජනය කළොත් මගේ කොන්ත්‍රාත්තුවෙන් 20% ක දඩයක්‌ ගෙවන්න වෙනවා. 


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඩොලර් 150000 ක්‌ පමණ අහිමි වෙනවා. මම දැන් දෙපැත්තටම හිර වෙලා ඉන්නෙ. ක්‍රීඩකයකු හැටියට මේක අවාසනාවන්ත සිදුවීමක්‌. 

මම කියන්නෙ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය සහ ක්‍රීඩකයන් අතර තියෙන සබඳතාව මීට වඩා වැඩි දියුණු වෙන්න ඕන කියන එකයි." යනුවෙන් සංගක්‌කාර වැඩිදුරටත් පැවසීය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය හයිද්‍රාබාද් සන්රයිසස්‌ කණ්‌ඩායම සමග සාකච්ඡා කර සංගක්‌කාරගේ ඉල්ලීම ඉටු කරදීමට අපොහොසත්ව තිබේ. 

ඒ අනුව තමාගේ සේවය කඳුරට කණ්‌ඩායම වෙත ලබාදීමට සංගක්‌කාර ඊයේ සවස තීරණය කර අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව සංගක්‌කාර නොසතුටින් සිටින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් ඊයේ (29 දා) අප කළ විමසීමකදී පවසා සිටියේ, "අපි සංගක්‌කාරට ඊමේල් මගින් සියලු විස්‌තර දන්වන තියෙනවා. අපේ තීරණය සංගක්‌කාර කඳුරට නියෝජනය කළ යුතුයි කියල. එහෙම නොවුණොත් ඉදිරි ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගන්නවා." යනුවෙන් පැවසීය. 


සංගා කඳුරට පිල සමග තීරණය ගැනීමට පෙර මාධ්‍ය අමතා කල ප්‍රකාශය පහතින්.

 
Related Posts with Thumbnails