Ads 468x60px

.

උපේක්ෂාගේ බලුතඩියා මන්ත්‍රී උදිතට හරස් උනු හැටි මෙන්න...

මැණික් හින්න පැවැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සංවිධානය කර තිබූ රැස්වීමට සහභාගි වීමට තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබුනා. 

මෙම රැස්වීමට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියද සහභාගි වී සිටියා. උපේක්ෂා තමන්ගේ වාහනයේ ගමන් කළ අතර, මනූෂ සහ උදිත ලොකුබණ්ඩාර ගමන් කරනු ලැබුයේ එකම වාහනයේය. 

රැස්වීම ආරම්භයට පෙර එහි යාම නුසුදුසු බැවින් පිරිස වාහන නතර කළ අතර, උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය පමණක් තනි වාහනයේ යාම සුදුසු නොවන බව තීරණය කළ උදිත සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇගේ වාහනයට ගොඩවීමට තීරණය කළේය. 

ඇයගේ වාහනයට ගොඩවීමට ගිය උදිත උපේක්ෂාගේ වාහනයේ දොර ඇරියේය. එකවරම දඩස් ගා දොර වසා දැමූ උදිත මනූෂ සිටි වාහනයට ආපසු දුව ආවේ හති දමමින්ය. ඇයි මේ බයවෙලා. මනූෂ උදිතගෙන් විමසුවේය. 

ඒකේ යන්න බැහැ බං හෙන බලු තඩියෙක් ඉන්නවා. උදිත පිළිතුරු දෙමින් කීවේය. අවසානයේ උපේක්ෂාගේ වාහනයේ බලු තඩියාට බයේ උදිත සහ මනූෂ මුළු ගමන පුරාම තමන්ගේ වාහනයේ ගමන් කළ අතර, උපේක්ෂාගේ වාහනයට ගොඩවීමේ අදහස අතහැර දැම්මේය. 
මැණික්හින්නේ පැවැති රැස්වීමට ගිය උපේක්ෂා කතාවක් පැවැත්වීම පසෙකලා ගීතයක් ගායනා කළාය. “අම්මලා දුක්ගන්නේ පුතුන් හදන්නයි. පුතුන් රජුන් කරන්නයි.” ගීතය ඇය ගායනා කරන අයුරු කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා නිරීක්ෂණය කරනු පෙනෙන්නට තිබුනා

මෙම සංචාරය අතරතුර දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගේ ආසනයේ පැවැති රැස්වීමකටද මෙම තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායම සහභාගි විය. එය පැවැතියේ මේ සතියේ සඳුදාය. මේ ආසනයේ සංවිධායක දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා වුණත් මැතිවරණයේ එයාගේ සහයට අපි උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීතුමාත් පත්කරලා තියෙනවා. 

උදිත මන්ත්‍රීතුමා ඉන්න නිසා මේ ආසනයේ රැස්වීම්වලට නිළියන් ගෙන්නම් අඩුවක් වෙන එකක් නැතැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වේදිකාවේ කියා සිටිද්දී අසුන්වල සිටි එම රහස දන්නා කවුරුත් සිනහව නතර කරගැනීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. 

"අම්මලා දුක්ගන්නේ පුතුන් හදන්නයි. පුතුන් රජුන් කරන්නයි" උපේක්ෂා ගායනා කල ගීතය පහතින්.

 
Related Posts with Thumbnails