Ads 468x60px

.

යුරේනිගෙයි අකිලගෙයි අදර සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද..?

ඒවා ගැන මම කතා කරන්න කැමති නෑ ,අපි හොඳ යාළුවෝ වෙලා හිටියා...අකිල
 
එයා මිත්‍රකමක් දැන් නෑ කියලා කියනවානම් එහෙම වෙන්න ඇති...යුරේනි  
 
කාලයත් එක්ක හැමදෙයක්ම වෙනස් වෙනවානේ . ඒ ගැන කතා නොකර ඉමු...දෙදෙනාම
 
කලා ක්ෂේත්‍රයේ දිනෙන් දින නිරන්තරව ඇතිවෙන කටකතා අතර මෙවර කතා බහට ලක් වී ඇති යුවලක් වන්නේ නව පරපුරේ ජනප්‍රිය නළු නිලි දෙපළක් වන අකිල සඳකැලුම් සහ යුරේනි නොෂිකා පිළිබඳවයි.එසේම ඔවුන් දෙපළ එකට රඟපෑ ටෙලි නාට්‍යක් වන්නේ ‘කින්දුරන්ගනා ‘ටෙලි නාට්‍යයයි .
 
සතිඅන්ත පුවත්පතකට ඔවුන් ලබා දුන් පිළිතුරු දෙස බැලීමේදී අතීතයේ ඔවුන් දෙපලගේ මිතුදම මේ වන විට දුරස් වී ඇති බව හැඟී යනවා. මේ ඔවුන් ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහසුයි.
 
අකිලගේ ජීවිතේ මේ දවස්වල නිහංසා ත් එක්ක කියලා ආරංචියක් තියෙනවා ?
ඔව් ,මම මේ දවස්වල නිහංසා ත් එක්ක තමයි කාලය ගත කරන්නේ ,මගේ අලුත්ම ටෙලිනාට්‍යයේ වැඩ පසුගිය සතියේ ආරම්භ වුනා.
 
කලා ක්ෂේත්‍රයේ කෙනෙක් විදියට කටකතා ගැන මොකද හිතන්නේ ?
එහෙම විශේෂයක් නෑ. මට ඔය පුහු දේවල් ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැනේ .
 
අකිලට කටකතා හැදිලම නැද්ද ?
ඕනෑ තරම් කටකතා හැදිලා තියෙනවා. මම ඒවාට බයත් නැහැ ,ඕවා ගැන හිතන්නෙත් නැහැ ,ඒ මගේ හැටි 
 
අකිල ,යුරේනිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද ?
හ්ම්..,හ්ම්…යුරේනිද , ඒවා ගැන මම කතා කරන්න කැමති නෑ ,අපි හොඳ යාළුවෝ වෙලා හිටියා කාලයක් ..
 
ඒ කියන්නේ දැන් යුරේනියි ඔයයි හොඳ යාළුවෝ නෙමෙයි ?
ඔව් . කාලයත් එක්ක හැමදෙයක්ම වෙනස් වෙනවානේ . ඒ ගැන කතා නොකර ඉමු.
 
 
මේ ඒ සම්බන්ධයෙන් යුරේනි දැක් වූ අදහසුයි 
 

යුරේනි කටකතා වලට බයද ?
කටකතා ගැන මම විශේෂයක් දක්වන්නේ නැහැ ,ඒ මොකද කිව්වොත් මට ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ ,මම බයත් නැහැ කටකතා වලට 
 
යුරේනි ගෙයි අකිලගෙයි අදර සම්බන්ධයක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඇත්තද ?
ඒ සම්බන්ධයෙන් මං කතා කරන්න කැමති නෑ .
 
අකිල කියන්නේ යුරේනිගෙයි අකිලගෙයි මිත්‍රකමක් දැන් නෑ කියලා ?
එයා කියනවා නම් එහෙම වෙන්න ඇති.
 
 
 
 
 
Related Posts with Thumbnails