Ads 468x60px

.

ලංකාවත් සමලිංගිකයන්ගේ පාරාදීසයක් වෙලා

නංගි අද රෑ ඔයා මාත් එක්ක ඉන්නවා නේද? 
අද රෑ අපි චිත්‍රපටියක් බලමු...

කොල්ලෙක් එක්ක පැනල යනවනම් කමක් නැහැ...දෙමවුපියන්

පසුගිය දිනක කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 දුරකථන අංකයට කිසියම් තොරතුරක් ලැබුණි. ඒ මාතර ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පිරිමියෙක් කාන්තාවකට පහරදෙන බව පවසමින්.ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ජංගම මුර සේවයේ නිරතවූ පොලිස් නිලධාරීන් දෙදෙනා රණ්ඩු කල යුවළ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත් ඉදිරිපත්කොට ඇත.

එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂාකා වරුණි බෝගහවත්ත මහත්මිය ඔවුන් දෙදෙනාගෙන් කල ප්‍රශ්නකිරීම් වලින් දැනගැනීමට ලැබුනේ ඔවුන් දෙදෙනා අඹුසැමි යුවලක් බවය. දැනට මාස හයකට පමණ උඩදී 22 හැවිරිදි බිරිය සැමියා සමග අමනාප වී වෙනම ජිවත්වන බවත් ඔවුන්ට දරුවෙක් සිටින බවත් අනාවරණය වුනි. බිරිඳ නගරය වෙත ගොස් සිටිනු දැක ඇති සැමියා ඇය අසලට ගොස් ආරවුලක් ඇතිකරගෙන තිබේ.

එම නිසා
ඇයට වෙනත් සම්බන්ධතවයක් ඇති බවට තරුණය දිගින් දිගටම චෝදනාකොට ඇත.පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය එහිදී තරුණියගේ ජංගම දුරකථනය තමාගේ භාරයට ගෙන පරික්ෂා කිරීමේදී එහි ආදරවදන් සහිත එස්.එම්.එස් රාශියක් තිබී ඇත.

නංගි මම ඔයාට ආදරෙයි.මම ඔයාව බලන්න එනවා.ඔයා මට කැමතියි නේද යන පණිවිඩය දුටු පොලිස් පරීක්ෂිකාව ඒ පිළිබඳව වැඩි දුරටත් ප්‍රශ්නකොට ඇත. ඒ අනුව එම තරුණිය ප්‍රකාශකොට ඇත්තේ මිස්කෝල් ඇමතුමක් මගින් හදුනාගත් අක්කා කෙනෙකු තමාට කතා කරන බවයි. ඇය රැකියාවක් සොයා දීමට පොරොන්දු වූ බවත් ඒ හේතුවෙන් මාතර නගරයට පමිණි බවත් ඇය වැඩිදුරටත් කියා ඇත.

ඒ අනුව අදාළ තිරතුරු තහවුරු කරගැනීමට පොලිස් පරික්ෂකාව දුරකථන ඇමතුමක් ගෙන එම අක්කා සමග කතා බහ කරන ලෙසට දැනුම් දී ඇත. ජංගම දුරකතනයේ ශබ්ධය වැඩිකොට එය සියලු දෙනාට ඇසෙන්නට සැලැස් වූ අතර ඔවුන්ගේ දෙබස මෙසේ විය.

අක්කා -
නංගි දන්කොහෙද ඉන්නේ?
නංගි - අක්කේ මන් දැන් මාතර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ
අක්කා - මම අද වැඩට ආව.මම වැඩ ඇරිලා එනකම් ඉන්නවා නේද?
නංගි - ඉන්නම් අක්කේ ඔයා ඉක්මනට එන්න.
අක්කා - නංගි ඔයා මට කැමතියි නේද?
(පොලිස් පරික්ෂිකාව : ඔව් කියන්න )
නංගි - ඔව් අක්කේ
අක්කා - මම කියන දේවල් ඔයා කරන්න කැමතියි නේද?
නංගි - ඔව් අක්කේ


ඒ සංවාදය ඇසීමෙන් පසුව එම තරුණිය පිරිමියෙකු සමග සම්බන්ධතාවයක් නොපවත්වන බව සියලු දෙනාට අවබෝධවිණි. සිය බිරිඳට චෝදනා කල සැමියාටද සංවාදය අවසානයේ කිසිවක් හිතාගැනීමට නොහැකි වී ඇත.

පොලිස් පරික්ෂිකාව මෙම "අක්කා" අල්ලාගැනීමට
දැල එලු අතර සිවිල් හඳුමින් සැරසී පෙර කි තරුණිය සමග තවත් පොලසි කණ්ඩායමක් කටුව මාතර නගරයට ගොස් ඇත. එහිදී තවත් දුරකථන ඇමතුම් අක්කාගෙන් නංගිට ලැබුණු අතර ඒවායින් කියවුනේ "නංගි අද රෑ ඔයා මාත් එක්ක ඉන්නවා නේද? අද රෑ අපි චිත්‍රපටියක් බලමු" වැනි දැය.

එම තරුණිය
බෝධිය ඉදිරිපිට බස් නැවතුම්පල වෙත පමිනිසිටි අක්කා හමුවීමට ගිය අවස්ථාවේ ඇය සමග පැමිණි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගත් අතර පසුව හෙළි වුයේ ඇය අකුරස්සට නුදුරු ගමක පදිංචි 28 හැවිරිදි කාන්තාවක් බවයි.

ඇය කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකි. ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් නවලදී හෙළි වුයේ මේ ආකාරයෙන් මිස්කෝල් ලබා දෙමින් දිගින් දිගට තරුණියන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවයි. රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් කාන්තාවන් රවටා ඔවුන් සමග රාත්‍රිය ගත කර ඇති බවත් එහිදී ඇය කියා ඇත.

මේ අතර මාතර නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු මාතර පොලිස් ස්ථානය වෙත කැඳවා ගැනීමට සිදුවිය. 14 හා 15 හැවිරිදි දරුවන් දෙදෙනාට එකිනෙකා නැතුවම බැරිය. ඔවුන් වෙන් කිරීමට මාපියන් කෙතරම් උත්සහ කලත් එය අසාර්ථක වී ඇත.


ඇතැම් දිනවල දෙමාපියන් නිදාසිටින විට එක දැරියක් ජනේලයෙන් පැන හොර රහසේ අනෙක් දැරියගේ නිවසේ කාමරයට ඇතුල් වෙයි. බැරිම තැන පොලිසිය වෙත කැඳවාගෙන ආ මවුපියන් පොලිසියේ පිහිට පතා කියා ඇත්තේ "කොල්ලෙක් එක්ක පැනල යනවනම් කමක් නැහැ" යනුවෙනි. 
 
Related Posts with Thumbnails