Ads 468x60px

.

කහවත්තේ අපරාධය හොයන්න 'සීබා'ටත් බැරි වෙයි...

වැදගත් තොරතුරු සියල්ලම අකාමකා දමලා...

ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් පහක්...

වත්තේ තිබූ කොස් ගසක් හා තවත් ගස් දෙකක් කපා දැමුවේ කවුද...?

තේ ගස් අතර අරක්කු බී ‘බයිට්‘ කෑ පුද්ගලයන් කවුද...?

කහවත්තේ කොටකෙතන පොලිස් මුරපොළ අසල හුදකලා නොවූ නිවෙසක සිදු වූ ද්විත්ව ඝාතනයේ වැදගත් තොරතුරු සියල්ලම අකාමකා දමන අයුරින් අපරාධය කැර ඇති බව පෙනේ යැයි පොලිස් ආරංචි කියයි.

රහස් පොලිසිය ඇතුළු කණ්ඩායම් පහක් පරීක්ෂණ සඳහා කැඳවා ඇත. මවගේත් දියණියගේත් ඇඟුරු වී ගිය සිරුරු දෙක පිළිබඳ පශ්චාත් මරණ පිරීක්ෂණ රත්නපුර රෝහලේ පැවැත්වේ. රජයේ රස පරීක්ෂක සිද්ධිය වූ ස්ථානය පිරික්සීය. 


ගිය වර අපරාධකරුවන් අල්ලා ගැනීමට උදව් කළ ‘සීබා‘ ට මෙවර හෝඩුවාවක් ගත නොහැකි විය. මවගේත් දියණියගේත් මරණයට පෙර වත්තේ තිබූ කොස් ගසක් හා තවත් ගස් දෙකක් කපා දැමුවේ කවුද.? යන්නත්, මීටර් 40ක් දුරින් වත්තේ තේ ගස් අතර අරක්කු බී ‘බයිට්‘ කෑ පුද්ගලයන් සොයා ගැනීමටත් පොලිසිය වෙහෙසෙයි. 

මියගිය දෙදෙනාගෙන් කෙනකුට අයත් බව කියන කරාබුවක බෝලයක් ද සොයාගෙන ඇත.





  සී.ඒ. ප්‍රේමවතී
        එස්.ජී. පුෂ්පකුමාරි



 
Related Posts with Thumbnails