Ads 468x60px

.

අම්ම මට මනමාලයෝ හොයන්නෙ මට වයස අවුරුදු 16 ඉඳලමයි - දුලීකා

හිටපු පෙම්වතා නළුවෙක්

ජනප්‍රිය නිළි දුලීකා මාරපන ට මීට වසර 3ට පමණ පෙර චෝදනාවක් තිබුනේ ඩුබායි හි රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රු. ලක්ෂ 19කට අධික ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙනි.


1976 වසරේ උපන්  ඇයට රංගන ක්ෂේත්‍රයටම සම්බන්ඳ පෙම්වතෙකු සිටියද තවමත් අවිවාහක වී සිටීම පිළිබඳව පසුගියදා පුවත්පතකට අදහස් දක්වා තිබුණා.

දුලීකට දෙමව්පියන් කියන්නෙ නැද්ද දැන්ම විවාහ වෙන්න කියලා?
මගෙ අම්ම මට මනමාලයෝ හොයන්නෙ මට වයස අවුරුදු 16 ඉඳලමයි. දැන් අවුරුදු 20 ක් තිස්සේ මට මනමාලයෝ හොයනවා. දික් කසාදවෙන්න මම විවාහ වෙන්නෙ නෑ. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙනෙක් එක්ක විතරයි මම විවාහ වෙන්නේ.

දුලීකාට පෙම්වතෙක් හිටියද?
අවුරුදු හතර හමාරක බොහොම සංවේදී ප්‍රේම කතාවක් මටත් තියනවා. මම ඒ සම්බඳය බිදවැටීම නිසා තනිකඩව ඉන්නව කියලත් සමහරු කියනවා. ඒත් යම් හේතුවක් මුල් කරගෙන ඒ සම්බඳය නවතා දැමුවේ මමයි. ඒ නිසා දුකක් නෑ.


ඒ කියන්නෙ පෙම්වතා දුලීක එක්ක තරහද?
අපෙ නෑ. මුණගැහුණු වෙලාවට සුහදව කතා කරනවා.

දුලීකගෙ හිටපු පෙම්වතා නළුවෙක් නේද?
ඔව්.

අද ඔහු සමඟ පෙම් චරිතයක් රඟපාන්න හම්බ උනොත් රඟපානවද?
ඔව්. රඟපානවා.


 
Related Posts with Thumbnails