Ads 468x60px

.

කප්රුක මුදලාලි ඝාතන හේතුව සොයා ගනී...

පිට්ඕන් කාමරයේ කැමරාවෙන් ඇඳුම් මාරු කරද්දී පින්තූර අරන්...


කාන්තාවක බිය ගන්වා ඇය අයතා වැඩට යොදාගෙන.


තවත් දෙදෙනකු ගැන පොලිසියට තොරතුරු... 


ගම්පහ කප්රුක රෙදි පිළි ආයතනයේ ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) ඝාතනයට හේතුව එම සාප්පුවේ ඇඳුම් ඇඳ හරිවැරිද බලන කාමරයේ සමීප දර්ශන කැමරාවෙන් ගත් පින්තූර සම්බන්ධ පටලැවිල්ලක් විය හැකි යැයි පොලිසිය කියයි.



පසුගිය 6 වැනි දා ඔහු මරා දැමිණි. ‘පිට්ඕන්‘ කාමරයේ කැමරාවෙන් ගත් කාන්තාවක බිය ගන්වා ඇය අයතා වැඩට යොදා ගත් දෙදෙනකු ගැන ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.

මෙහිදී ක්‍රියාත්මක වූ එම ආයතනයේ හිමිකරු එම කාන්තාව ඇදුම් මාරු කරන අතරතුර එම කුටියේ රහසිගතව සවිකර තිබු CCTV කැමරාවකින් ඇයගේ නිරුවත් ජයාරූප ගෙන ඇත.රෙදි පිලි වෙලදසලේ හිමිකරුවා එතනින් නතර වන්නේ නැත.එම කාන්තාවගේ නිරුවත් ජායාරුප ඇයට පෙන්වා ඇයව අපකීර්තියට පත්කරන බව පවසා ඇයව දුෂණය කර ඇත.

එයින් නොනැවතුන ඔහු තම හිතවතෙකුටද එම කාන්තාව ලබාදී ඇත.විවාහක කාන්තාවක් වන ඇය තමාට හදිසියේ වූ මෙම අප්‍රසන්න තිරිසන් ක්‍රියාවෙන් පසු මානසිකව අද වැටි ඇති අතර නිතර එම සිදුවීමෙන් පිඩා විඳ ඇත.

එම කාන්තාවගේ සහෝදරයා තම සොහොයුරියගේ මෙම වෙනස දැක එයට හේතුව විමසා ඇත.මුලින් ඇය කීමට මැලි වුවත් සහෝදරයාගේ බලකිරීම මත ඇය එම සිදුවීම වමාරා ඇත. එම සිදුවීම ඇසීමෙන් කෝපයට පත් ඇගේ සොහොයුරා සිය මිතුරෙකු සමග ගොස් එම ව්‍යාපාරිකයා වෙලදසල තුලදීම කපාකොටා ඝාතනය කර ඇත.

පොලිසිය මේ වනවිට එම කාන්තාවට අතවර කල අනෙක් පුද්ගලයා සොයමින් පවතී.


 
Related Posts with Thumbnails