Ads 468x60px

.

නෙළුම් පොකුණේ නාට්‍යයක් පෙන්වනවා කියන්නෙ කූඹින්ට අලි පෙන්වනවා වගේ වැඩක් - ජයසේකර අපොන්සු

නෙළුම් පොකුණ වගේ විශාල රංග ශාලා අපට දරන්න අමාරුයි...

එක්තරා පළාතක පාසලක වේදිකාව පවා දිරලා. ටොයිලට් පාවිච්චි කරන්න බෑ...

නෙළුම් පොකුණේ නාට්‍ය පෙන්වීම කූඹින්ට අලි පෙන්වීම වගේ වැඩක් බවත් නාට්‍ය හා රංගකරණය විෂයක් ලෙස හදාරණ දරුදැරියන්ට ඔබින රංග ශාලාවක් නැති බවත් ප්‍රවීන කලාකරුවකු වන ජයසේකර අපොන්සු මහතා පවසයි.


ඔහු අද පුවත්පතක සංවාදයකට එක්වෙමින් මේ බව පවසා තිබූ අතර එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ 

" නෙළුම් පොකුණ වගේ විශාල රංග ශාලා අපට දරන්න අමාරුයි. එහි නාට්‍ය හදන්න ඕන ඊට ඔබින ලෙසටයි. නෙළුම් පොකුණ නාට්‍යයක් පෙන්වනවා කියන්නෙ කූඹින්ට අලි පෙන්වනවා වගේ වැඩක්. හැබැයි නාට්‍ය කලාවට තාක්ෂණික අංශයේ උදව් අඩුයි. රංගන ශාලා අඩුයි. මං මගේ නාට්‍ය අරන් මෑතක එක්තරා පළාතක පාසලකට ගියා. එහි වේදිකාව පවා දිරලා. ටොයිලට් පාවිච්චි කරන්න බෑ. බොහෝ වෙලාවට වෙදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයාමයි නිෂ්පාදකයා වෙන්නේ." යනුවෙනි.

ඔහුගේ නව නිර්මාන සම්බන්ධයෙන් පවසන්නේ 

"මගේ අලුත් නාට්‍යය 'සකෝ' මේ දිනවල ප්‍රදර්ශනය වෙනවා. එයින් කියැවෙන්නේ තාක්ෂණය නිසා මිනිසුන් වෙනස් වෙලා රෝබෝවරුන් වැනි අය බවට පත්වීම පිළිබඳවයි. 

'ෆෙන්ෂුයි ගෙදර' හි මම මුඩුක්කුවක කෙනෙක් ලොතරැයියක් ඇදිල ධනවත් වුණු චරිතයක් නිරූපණය කරණවා. එය විකාශනය වෙනවා. අනෙක 'තූර්යා'හි මිනීපෙට්ටි සාප්පු මුදලාලිගේ චරිතයක් කරනවා. මම අධ්‍යක්ෂණය කළ 'මාඩම් ශෝබා' නාට්‍යයත් චමින්ද රණසිංහ නිෂ්පාදනය කළ 'සීතා මං ආවා' චිත්‍රපටයත් එන්න තියෙනවා." යනුවෙනි.

 
 
Related Posts with Thumbnails