Ads 468x60px

.

කහවත්තේ යළිත් ද්විත්ව ඝාතනයක් - මවක් හා දියණියක් මරලා..

කහවත්ත ප්‍රදේශය පුරා ස්ත්‍රීන් ඝාතනය කිරීම් රැසක්...

කහවත්ත කොටකෙතන නිවසක තිබී පිළිස්සුනු කාන්තා මළ සිරුරු දෙකක් අද උදැසන හමු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවනවා.

මෙම මරණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේවන විටත් එහි  යවා ඇතැයි ද ඔහු කියා සිටියි.



 හැටතුන් හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ තිස් දෙහැවිරිදි දියණිය මෙලෙස පිළිස්සී මරණයට පත්ව සිටි බවත්, මෙය අපරාධයක් බවට සැක කරන බවත්  කහවත්ත පොලීසිය සදහන් කරයි.

මීට පෙරාතුවද කහවත්ත, කටුකෙතන ප්‍රදේශයේ මවක හා දියණියක ඝාතනය කර තිබුණු අතර එකී මරණයට අදාළව කැබිනට් අමාත්‍ය වරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

කහවත්ත ප්‍රදේශය පුරා ස්ත්‍රීන් ඝාතනය කිරීම් රැසක් පිළිබඳ මීට ඉහතදී වාර්තා විය.



පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, නිවසක් ගිනි ගන්නා බවට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී ‍සිරුර සොයාගත් බවයි.එම සිරුරු අදාළ නිවසේ පදිංචිව සිටි 63 හැවිරිදි මවගේ හා 31 හැවිරිදි ඇයගේ දියණියගේ බවට පොලීසිය සැක පළ කරයි.


පොලීස් මාධ්‍ය  ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ,  මෙය ද්විත්ව ඝාතනයක් බවට සැකකෙරෙන බවයි.

එහි සිරස වීඩියෝව පහතින් බලන්න

 
Related Posts with Thumbnails