Ads 468x60px

.

මෙලොවින් සමුගත් සුපිරි බොලිවුඩ් නළු රාජේශ් ඛන්නාගේ අවසන් කටයුතු අද (19)

බොලිවුඩ් සිනමාවේ 1970 සහ 80 දශකයේ මුල්ම සුපිරි නළුවා වූ රාඡේශ් ඛන්නා ඊයේ (18 දා) මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට හැටනව හැවිරිදි වියේ පසුවූ රාඡේශ් ඛන්නා පසුගිය මාස කිහිපය තුළ රෝගාතුර වී රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීය.




මිය යන විට ඔහු 69වැනි වියේ පසු වූ අතර රෝගී තත්ත්වය උස්සන්න වීම හේතුවෙන් පසුගිය 23වැනිදා රෝහල්ගත කර ඇති අතර දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු  මුම්බායිහි පිහිටි සිය නිවෙස වෙත රැගෙන ගොස් තිබේ.

ඔහුගේ අවසන් කටයුතු අද (19) දිනයේ සිදු කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඔහු 1992 සහ 1996 අතර කාලයේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද පිවිසියේය. ඔහු සිය ජීවිත කාළය තුළ චිත්‍රපට 163 කට රංගනයෙන් දායක වී තිබේ.

ආරාධනා, ආනද් සහ අමර්ප්‍රේම් රාජේෂ් ඛන්නාගේ සුපිරි රංගනය විදහා දැක්වූ චිත්‍රපට වන අතර එම චිත්‍රපට ප්‍රේක්ෂකයින්ගේ වැඩි ආකර්ෂණයට ලක්විය.

ඉන්දීය සුපිරි නිලියක වන ඩිම්පල් කපාඩියාගේ ස්වාමිපුරුෂයා වූ රාජේෂ් ඛන්නා සුපිරි නිලි ට්විලන්කල් ඛන්නාගේ පියායි. රාජේෂ් ඛන්නා සිය සිනමා දිවිය තුළ සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර ඊට ෆිල්ම් ෆෙයාර් සම්මාන 3ක් ද ඇතුළත්ය.

හිටපු ලෝක්‌සභා මන්ත්‍රීවරයකුද වූ රාඡේශ් ඛන්නා 1942 දී උපත ලැබීය. ජානේ ඛන්නා යෑයි හැඳින්වූ ඔහුව එක්‌ යුවලක්‌ විසින් හදාගෙන ඇත. ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක්‌ හිමිකරගත් රාඡේශ් ඛන්නාට 2005 දී ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මාන හිමිවිය.1984 දී හෙතෙම සිය බිරිය වූ ඩිම්පල්ගෙන් වෙන්වී ජීවත්විණි.

මේ අසහාය සුපිරි නළුවා බොලිවුඩ් සිනමාව තුළ වඩාත්ම ජනාදරයට පාත්‍ර වූයේ ඔහු රැඟපෑ චිත්‍රපටවල ආර්. ඩී. බර්මන් සංගීතය සැපයීමත් කිශෝර්කුමාර් ගී ගැයීමත් නිසාය.

හැත්තෑව දශකයේ හින්දි සිනමා රසික රසිකාවියන් අතර අතිශයින් ජනාදරයට පත්වූ රාඡේශ් ඛන්නාගේ අවමඟුල් කටයුතු අද (19 දා) දහවල් මුම්බායි නගරයේදී පැවැත්වේ.


ඔහු රඟපෑ චිත්‍රපටයක ඉතාමත් ජනප්‍රියට පත් ගීතයක් පහතින්
 
Related Posts with Thumbnails