Ads 468x60px

.

අනියම් සම්බන්ධතා ඇතිවෙන්නෙ මෙහෙමයි - උදයන්ති පැහැදිලි කරයි

පුංචි තිරයේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදයන්තිව හඳුන්වන්න පුළුවන්. වෙනදා තරම් පුංචි තිරයේ දකින්න නොලැබෙන නිසා ඇගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

ජීවිතේ අලුත් වෙනසක් වෙන්න යන නිසාද වැඩිය සද්දයක් නැත්තේ?

 
විශේෂයක් නෑ. ගිය අවුරුදු ටිකේම එක දිගට වැඩ කළා. ඒ නිසා ටිකක් විවේකයෙන් ඉන්න ඕන කියලා හිතුණ නිසා වැඩ ගොඩක් භාරගත්තෙ නෑ.

උදයන්ති ආදරය ගැන මොකද හිතන්නෙ?

 
ආදරය හොඳයි. වෙලාවකට හරිම කම්මැළියි. තවත් වෙලාවකට ඕනම නෑ කියලා හිතෙනවා.

අහිමි වුණ ආදරය ගැන පසුතැවීමක් තියෙනවද?


ඒ ආදරය හිමිනැති නිසා තමයි අහිමිවෙන්නේ. දුකක් දැනෙනවා. ඒ වෙලාවට පසුතැවීමක් හිතට දැනුණත් ටික දවසක් ගියාම හිත හදාගන්න පුළුවන්.

විවාහය කල් යන්නේ මේ පුරුදු නිදහස් ජීවිතෙන් අත්මිදෙන්න අමාරු නිසාද?

 
එහෙම දෙයක් නෑ. මම එහෙම ලොකුවට නිදහස් ජීවිතයක් ගත කරන්නේ නෑ. තාම විවාහ වෙන්න සුදුසු කෙනෙක් මට ලැබුණේ නෑ.

ඔයා විවාහ වෙන්න කැමැති මොනවගේ පුද්ගලයෙක් එක්කද?

 
මාව තේරුම්ගෙන හොඳට බලාගන්න පුළුවන්, මට ආදරය කරන හොඳ ගතිගුණ තියෙන කෙනෙක්ට. ඒත් තාම එහෙම කෙනෙක් ලැබුණේ නෑ. එහෙම කෙනෙක් නොලැබුණොත් හැමදාම තනිකඩව ඉඳියි.

විවාහ වෙන්න අකමැතියි කියන්න තරම් ඇයි උදයන්තිට ආදරය එපා වුණේ?

 
තාම හොඳ කෙනෙක් ලැබුණේ නෑ. සමහර වෙලාවට මගේ හිතයන පිරිමි ඉන්නවා. ඒත් ඒ ගොඩක් අය බොළඳයි. සිහින ලෝකවල ජීවත් වෙන්නේ. එහෙම අය එක්ක විවාහ වෙනවට වඩා හැමදාම තනිකඩව ඉන්න එක හොඳයි. මට අවශ්‍ය හැමදේම තියෙනවා. ඉන් මට තනියම ජීවත් වෙන්න පුළුවන්.

මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් තියෙන්නේ තාවකාලික ආදරය විතරයි. ඒකට හේතුව මුදල් කියන දේ ආදරයට වඩා ප්‍රබල නිසාද?

 
එහෙම සම්බන්ධතා ඇති. එතන හැබැයි ආදරයක් නෑ. එතන තියෙන්නේ ආසාවක් විතරයි. හැබැයි ඒ දේවල් තාවකාලිකයි.

අනියම් සම්බන්ධතා ඇතිවෙන්නේ ඇයි?

 
ඒකට හේතුව එකක් කියලා කියන්න අමාරුයි. අද සමාජයේ අනියම් සම්බන්ධතා කියන දේ විලාසිතාවක් වෙලා. අද හැම ගෙදරකම  ඒ දේ තියෙනවා. අපිට ජනමාධ්‍යයෙන් පවා අහන්න දකින්න ලැබෙන්නේ ඒ දේ ගොඩක් වැඩිවෙලා නිසා.

රංගන ශිල්පිනියකට මුදල් කියන දේ හැමදේටම වඩා වැදගත් වන්නේ කාලෙන් කාලෙට විලාසිතා අනුකරණය කරන නිසාද?

 
මම හිතන්නෑ අද මුදල කියන දේ වැදගත් කියලා. මුදල් පස්සෙන් යන අයත් ඉන්නවා. කිසිම මුදලක් අයකරන්නෙ නැතුව ජනප්‍රියත්වයක් ලබාගන්න රඟපාන අයත් ඉන්නවා.

රංගන ශිල්පිනියක් ලෙස උදයන්තිට ලැබෙන ආදායම ජීවත් වෙන්න ප්‍රමාණවත් ද?

 
රංගනයෙන් ලොකු සල්ලියක් හම්බකරන්න අමාරුයි. මම කලාව තෝරාගත්තේ සල්ලිම හම්බකරන්න නෙමේ ආසාවට. මට ගෙදරින් සල්ලි ලැබෙනවා. ඒ වගේම වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පිනියක් ලෙස මට ලැබෙන මුදල් මගේ ජීවිතේ ගෙනියන්න ප්‍රමාණවත්.

රංගන ශිල්පිනියක් වුණ එක ගැන උදයන්තිට ‍පොඩි හරි පසුතැවීමක් තියෙනවද?

 
පසුතැවීමක් නෑ. පාසල් යනකා‍ලේ ඉඳන්ම ආස කළේ නිළියක් වෙන්න. ලලිත කලා අංශයෙන් තමයි මම උපාධිය කළේ. එනිසා නිළියක් වුණ එකට පසුතැවෙන්නේ නෑ. මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබුණේ මේ ක්‍ෂේත්‍රයට ආපු නිසා.

උදයන්ති නිළියක් නොවුණ නම් මොන ක්‍ෂේත්‍රය තෝරාගනීවිද?

 
ගුරුවරියක් වේවි. මම විද්‍යාපීඨ අධ්‍යාපනය අරමග නතර කළේ රංගනයට අවස්ථාව ලැබුණ නිසා. ගුරුවරියක් වෙන්න ඕන කියන දේ මගේ තිබුණ එක හීනයක්. ඒත් අද චූටි පසුතැවීමක් තියෙනවා ඒ ගැන මතක් වෙනකොට අපරාදේ කියලා හිතෙනවා.

පසුගිය දිනවල ඇතිවුණ කටකතා ගැන අද මොකද හිතෙන්නෙ?

 
ඒවා ගැන කතාවෙන තරමට මම තවත් ශක්තිමත් වුණා. පුදුම විදියට ඒ දවස්වල සමාජය මං ගැන කතා කළේ. මම මගේ පාඩුවේ හිටියා. සමහර කටකතාවලින් මට නරකක් වුණ අවස්ථාත් තියෙනවා.  


ඒත් මට ඒ දවස්වල ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක මගේ වෘත්තීය ජීවිතේ  ලොකු දියුණුවක් ලැබුවා. ඒ දවස්වල මම ගැන ගොඩක් කතා වුණේ මට ගොඩාක් ආදරේ කරපු නිසා කියලයි මම හිතන්නේ. අද නම් ඒ දේ සාමාන්‍ය දෙයක්.

අද රංගනයට එන නවකයන් ගැන මොකද හිතන්නෙ?

 
ගොඩක් අයට ලොකු දැනුමක් නෑ. අද ගොඩක් තියෙන්නෙ මෙගා නාට්‍ය. ඒ නිසා ගිරව් වගේ පිරිසක් තමයි රංගනයට එකතු වෙලා තියෙන්නේ. අද හොඳ අධ්‍යක්ෂවරු ගොඩක් ඉන්නේ ගෙවල්වල. ඒ නිසා ඒ අයට හොඳ උපදේශනයක් මගපෙන්වීමක් ලැබෙන්නෑ.
 
Related Posts with Thumbnails