Ads 468x60px

.

සෙරෙප්පු එල්ලූ සිසුවියගේ මවට ගුරුවරුන්ගෙන් බලපෑම්


මාස්‌පතා රුපියල් 
පන්දහස බැගින්
ගිණුමක්‌

සෙරෙප්පු පැළඳ පාසල් පැමිණි දැරියගේ බෙල්ලේ එම සෙරෙප්පු දෙක එල්ලූ ගුරුවරිය පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශ නිවැරැදි කරන ලෙස ඇතැම් ගුරුවරුන් තමාට බලපෑම් කරන බව එම දැරියගේ මව ඉන්ද්‍රවතී මැණිකේ මහත්මිය පවසනවා.

තමාගේ දියණියට සිදු වූ මෙම අසාධාරණය පිළිබඳව පළවීමෙන් පසු පොලිසියේ වීරරත්න මහතා දැරියට සපත්තු දෙකක්‌ ලබාදුන් බව පැවසූ ඇය දැන් තම පවුලට නිවසක්‌ තනාදීමටත් දියණිය වෙනුවෙන් මාස්‌පතා

රුපියල් පන්දහස බැගින් ගිණුමක තැන්පත් කිරීමට හා තවත් ආධාර ලබාදීමටත් බොහෝ දෙනකු ඉදිරිපත් වී ඇති බවත් පැවසුවා.

තම දියණියට මෙම වරප්‍රසාද ලැබීම ගැන මුලින්ම ස්‌තුති කරන බව ද ඇය කීවා. ත්‍රිකුණාමල සේරුනුවර පොලිස්‌ වසමේ අඟහිඟතාවෙන් පෙළෙන මෙවැනි පාසල් දරු දැරියන් සොයා ඔවුනට උදව් උපකාර කරන ලෙස ත්‍රිකුණාමල නියෝජ්‍ය පොලිස්‌පති කපිලරත්න මහතා සේරුනුවර පොලිසියට උපදෙස්‌ දී ඇත.
 
Related Posts with Thumbnails