Ads 468x60px

.

මගේ මධු පුතාගේ ජීවිතේ හමුදාවේ මහත්වරු අරගෙන ගියා මව හඬමින් කියයි

පසුගිය 20 වැනිදා පස්‌වරු 4.00 ට පමණ හමුදා බස්‌ රථයක යතුරුපැදිය ගැටීමෙන් මිය ගිය 29 හැවිරිදි එක්‌දරු පියකු වූ ප්‍රබෝධ මධුශාන් තාරක නමැති යතුරු පැදි කරුගේ මවගේ විලාපයෙන් හෝමාගම ප්‍රදේශයේ ජන හදවත් කම්පාවී ගියේය.

ප්‍රදේශවාසීන් 'මධු' යන සුරතල් නාමයෙන් හැඳින්වූ ප්‍රබෝධ මධුශාන්ගේ උපන් ගම්පියස වූයේද මුල්ලේගම මලවියා කන්දවත්ත ප්‍රදේශයයි. මවුපියන් හා පවුලේ බඩ පිස්‌සාද වන මධුශාන් ජීවත් වූයේ පරම්පරානු ගතව ඔවුන්ට හිමිව තිබූ මුල්ලේගම නිවසේය.

සාමාජිකයන් හතර දෙනකුගෙන් යුත් මධුශාන්ලගේ පවුලේ දෙමාපියන්ට අමතරව ඔහුට සිටි එකම සොහොයුරියද ජීවත් වූයේ එම නිවසේය. මෙයට වසර තුනකට පෙර ජීවිතයේ නව මගකට දෙමාපිය

ආශීර්වාද මධ්‍යයේ පිවිසි මධුශාන් ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේම යුවතියක හා පෙමින් වෙලී ඇය තම සහකාරිය කරගත්තාය.

මධුශාන්ගේ අතගත් මනාලිය අනුෂා මධුවන්ති හා එකම කැදැල්ල පිවිසි මධුශාන්ලගේ පවුලට එක්‌වූ නවක සාමාජිකයා වූ තෙනිඳු දස්‌මිකට මධුශාන් දිවියෙන් සමුගන්නා විට අවු 01 යි මාස 08 ක්‌ පසුවී තිබිණි.

ඒ පුංචි පුතුට සෙනෙහෙබර පියකු අහිමිවී ගොස්‌ තිබූ අතර ආදර බිරිඳකට දයාබර සැමියකු ද සොයුරියට සොහොයුරකුද මවු පිය යුවළට තම එකම පුතුද අහිමි කරමින් සිදුවූ එම අනතුරින් ප්‍රදේශයම කම්පා වී තිබිණි.

කාපට්‌ කරන ලද වංගු සහිත එම මාර්ගයේ එම ස්‌ථානයේම මෙයට පෙරද අනතුරු කීපයක්‌ සිදුවී තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. මේ නිසා එම ස්‌ථානයේ නිතර නිතර අනතුරු සිදුවන බවත් මාර්ග බාධයක්‌ ලෙස පාර හරහා ගැටිති සකස්‌කර දෙන ලෙසත් බලධාරීන්ගෙන් ඔව්හු ඉල්ලා සිටිති.

තම කුළුඳුල් දරුවා සමග අනාගත ලෝකයට සිහින මැවූ මධුශාන් ලබන (23) බදාදා සියල්ලන්ගෙන් සමුගෙන මළහිරු බැස යන සැඳෑ යාමයේ හබරකඩ පොදු සුසාන භූමියේදී සියල්ලන්ට සමුදෙනු ඇත. ලොව සියල්ල නෑසෙන සුළුය යන දහමට අනුව ලොවට තවත් පණිවුඩයක්‌ ඉතුරු කර අවසන් ගමන් යන මධුශාන්ට අපිදු නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු.
 
Related Posts with Thumbnails