Ads 468x60px

.

ෆේස්‌ බුක්‌ ප්‍රේමය වෛරයක්‌ වී තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ 19 හැවිරිදි තරුණයා

ෆේස්‌ බුක්‌ සමාජ වෙබ් අඩවිය ඔස්‌සේ දැන හඳුනා ගත් වයස අවුරුදු 19 තරුණයකු හා 24 තරුණියක්‌ මාස 10 ක්‌ තුළ ඇතිකරගත් ආදර සබඳතාවක්‌ දුරදිග ගොස්‌ ඇති අතර පසුව දෙදෙනාගේ ආදරය විරසකයක්‌ දක්‌වා වර්ධනය වූ විටකදී තරුණයා විසින් තරුණියගේ නිරුවත් ඡායාරූප ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියට (අන්තර්ජාලයට) මුදාහැරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් (18 දා) තරුණයකු ගලේවෙල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ගලේවෙල නිලගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්‌ හා රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු මීට මාස 10 ඉහතදී face book සමාජ වෙබ් අඩවියෙන් දැන හඳුනාගෙන ඇති අතර එය ආදර සම්බන්ධයක්‌ දක්‌වා දුරදිග ගොස්‌ ඇත. පසුව මෙම දෙදෙනා ජංගම දුරකථන අංක හුවමාරු කරගෙන අනතුරුව මොවුන් ගලේවෙල නගරයේදී පළමුව හමුවී ඇත.

මෙම දෙපළ අතර ඇතිවූ බහින්බස්‌ වීමක්‌ දුරදිග යැමෙන් අනතුරුව මෙම ආදර සබඳතාව විරසකයක්‌ දක්‌වා වර්ධනය වී මෙලෙස තරුණියගේ

නිරුවත් ඡායාරූප සහිත face book ගිණුම් හයක්‌ තරුණයා විවෘත කර ඇති බවත් ඇය මරා දමන බවට තර්ජනය කළ බවත් තරුණිය ගලේවෙල පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උප පො.ප. ශානිකා රණසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. 


සැකකාර තරුණයා තරුණියට විටින් විට දුරකථනයෙන් තමා හමුවන්නට පැමිණෙන ලෙසත් එසේ නොවන්නේ නම් තව තව face book ගිණුම් විවෘත කොට වැඩි වැඩියෙන් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව තරුණියට පැවසීමෙන් අනතුරුව ගලේවෙල පොලිස්‌ ස්‌ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් උපාය දූතයන් ලෙස කුරුණෑගල නගරයට ගොස්‌ තිබේ. 

එහිදී තරුණිය බස්‌ නැවතුම්පළක රැඳී සිටියදී තරුණයා විසින් ත්‍රිරෝද රථයක නංවාගෙන ඇය බලහත්කාරයෙන් රැගෙන යැමට උත්සාහ කළ විටදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර තරුණයා රැකියාවක්‌ නොකරන අතර ඔහුගේ දෙමාපියෝ කැවිලි විකුණා මොහු ජීවත් කරති. සැකකරු පෙරේදා (19 දා) දඹුල්ල මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරිණි.
 
Related Posts with Thumbnails