Ads 468x60px

.

සිසුවාට ග්‍රාමසේවා නිලධාරිනිය සමග අඹු සැමියන් ලෙස හැසිරෙනන්ට අණකළ ග්‍රාම සේවා නිලධාරියා


හැඟීම් ඇවිස්සී හුන් 
නිලධාරිනියත් 
බල කරලා

ජාතික ළමා ආරක්ෂක අධිකාරි යේ දුරකථන අංක 1929 ළමා උපකාරක සේවාවට ඉකුත් 11 වෙනිදා පෙරවරුවේ නිර්නාමික දුරකථන ඇමතුමක් දෙමින් කාන්තාවක් දැනුම් දෙන්නේ සීදූව පැත්තේ ග්‍රාමසේවා නිලධාරියෙකු වසර තුනක් තිස්සේ පිරිමි ළමයෙකු සම්බන්ධ යෙන් කරනු ලබන ලිංගික අපයෝජනයක් ගැනය.  අපයෝජනයට ලක්වන පිරිමි ළමයා ගැනත්, ග්‍රාමසේවා නිලධාරියා ගැනත් සියලු විස්තරද ඇය හෙළිදරව් කළාය.

මෙවන් නිර්නාමික පැමිණිල්ලක් 1929 ළමා උපකාරක සේවා මැදිරියට ලැබුණු සැණින් ජාතික ළමා අධිකාරිය ඒ ගැන සොයා බැලීමේ මූලික වගකීම පවරන්නේ ‍පොලීසියටය. එකී තොරතුරට අනුව ළමා අපයෝජන ය සිදුවන බව සඳහන් වූයේ සීදූව පැත්තේ බැවින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය ඒ ගැන සොයා බැලීමේ වගකීම පවරන්නේ සීදූව ‍පොලීසියටය. 


ඒ වනවිට සීදූව ‍පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටින්නේ ‍පොලිස් පරීක්ෂක අයි.ආර්.එම්.එස්.රණසිංහ මහතාය. පැමිණිල්ල ගැන සොයාබැලීමේ කටයුත්ත එහිදී ඔහු පවරන්නේ
සීදූව ‍පොලිස් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි උප ‍පොලිස් පරීක්ෂිකා ලිලීනෝනා මහත්මියටය. ඒ මීගමුව කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ උපදෙසිනි.

ග්‍රාම සේවක නිලධාරියා පිළිබඳව ලැබුණු නිර්නාමික පැමිණිල්ල සත්‍යයක් විය හැකිදැයි සොයා බලන්නට පියවර ගත් ‍පොලිස් නිලධාරීන්ට, සීදූව පැත්තේ ප්‍රසිද්ධ පාසලක කරාටේ ගුරුවරයෙකු ලෙසද සේවයේ නිරතවන මේ ග්‍රාම නිලධාරියා සම්බන්ධයෙන් එවැනි කිසිදු සැකයක් ඇති වන ආකාරයේ හෝඩුවාවක් සොයා ගන්නට නොහැකි විය.  


ගමේ ඔහු ප්‍රසිද්ධියක් උසුලන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන නිලධාරියෙකු ලෙසිනි. අයුක්තියට අසාධාරණයට එරෙහිව නිරන්තරයෙන් හඬක් නගන සෘජු පුද්ගලයකු ලෙසිනි. 

මෙවන් පුද්ගලයෙකු ළමා අපයෝජනයක් කරනු ඇතිදැයි යන්න එහිදී ‍පොලීසියට ගැටලුවක් වුවද එය එසේ යැයි කියා ඒ සම්බන්ධයෙන් කෙරෙන සොයාබැලීම් අතහැර දැමුවේ නැත. ග්‍රාමසේවා නිලධාරියාගෙන් අපයෝජනයට ලක්වන බව සඳහන් වූ පිරිමි දරුවා ගැන තොරතුරු සොයන්නට පටන් ගත්තේ ඒ අනුවය.

සීදූව පැත්තේම පදිංචිකරුවෙකු වන එම දරුවා මෙවර අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට සිටින්නෙකි. වය
අවුරුදු දහසයයි මාස අටකි. මව්පියන් ඔහු කුඩා කාලයේම නීතියෙන් වෙන්වී වෙනත් විවාහයන් කරගෙනය. ඔහුව රැක බලා ගන්නේ ආත්තම්මාය. ඒ ආත්තම්මාගේ නිවසේ නවතා තබාගෙනය. 

අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය බාහිර ක්‍රියාවන්ටද ඔහු එකසේ දක්ෂය.  කරාටේ ක්‍රීඩකයෙකු ලෙසද පාස‍ලේ නමක් දිනාගෙන සිටින්නෙකි. ඔහුගේ කරාටේ ගුරා ග්‍රාමසේවා නිලධාරියාය.

මේ තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව ‍පොලිස් නිලධාරීහු අපයෝජනයට ලක්වූ බව සඳහන් දරුවා මුණගැසෙන්නට පියවර ගත්තෝය. ඉහත කී ග්‍රාමසේවක නිලධාරියාගෙන්  පමණක් නොව, ග්‍රාමසේවා නිලධාරිනියකගෙන්ද එම සිසුවා වසර තුනක් තිස්සේ අපයෝජනයට ලක්වන බව අනාවරණය වන්නේ එවිටය.


මෙතැන් සිට  සටහන් තබන්නට යන්නේ අප්‍රසන්න කතාවකි. මෙවන් දේවල් මේ රටේ සිදුවනවාදැයි යමෙකුට සිතෙන්නටත් පුළුවන. ඇතැමෙකුට මෙය අසභ්‍ය කතාවක් යැයි සිතෙන්නටද පුළුවන. නමුත් අප මේ සටහන තබන්නේ රටේ මෙවැනි දේවල් ද සිදුවන බව හෙළිකරමින් විවිධ වෙස්ගෙන සමාජයේ සිටින ළමා අපයෝජකයන්ගෙන් තම දරුවන් රැකගන්නට යැයි දෙමාපියන්ට  කියන්නටය. දැනමුතුකමක් දෙන්නටය.


සමාජය ආරක්ෂා කරන්නට සිටින පුද්ගලයින් පවා කෙතරම් දුරට විශ්වාස කළ හැකිද යන කාරණය ගැන අවධානය යොමු කරවන්නටය. මේ කියන ග්‍රාම සේවක නිලධාරියා හතළිස් නව වියැතිය. විවාහකයෙකු වන ඔහු දරුවන් සිටින පියෙකුද වන්නේය.

ඒ මෙයට තුන් වසරකට පෙර දිනයකි. එකල මේ සිසුවා දාහතර වියැතිය. කරාටේ පන්තිය අවසන් වූ පසු දිනක් සිසුවාව පැත්තකට කතා කර ග්‍රාමසේවා නිලධාරියා යමක් ඔහුගෙන් විමසුවේය. ඔහු විමසා ඇත්තේ යම් ලිංගික ක්‍රියාවක් සම්බන්ධවය. 


ස්වයංවින්දනය ක්‍රීඩාවටද බලපෑමක් ඇතිකරන බව එහිදී පවසා ඇති ඔහු සිසුවාට පවසන්නේ ස්වාභාවිකව කරන්නට ඇති දේවල් අස්වාභාවික ආකාරයෙන් කරන්නට යන්නට එපා යැයි කියාය. ඊට දින කිහිපයකට පසු හවස් කාලයක ඔහු සිසුවාව රැගෙන ගොස් ඇත්තේ සීදූව පැත්තේම ඇති ඉදිකරමින් පවතින දෙමහල් නිවසකටය. 

එය ග්‍රාමසේවා නිලධාරිනියකට අයත් නිවසකි. ඇය පදිංචිව සිටින්නේ එම නිවසේ ඉහළ මහ‍ලේ ඇති වැඩ නිම කළ කාමරයකය. හතළිස් අට වියැති ඇය එම නිවසේ ජීවත්වන්නේ තනිවමය. සිසුවාව ඔහු රැගෙන යන්නේ එම නිවසේ ඉහළ මහ‍ලේ ඇති කාමරයටය. ඒ යන විට ග්‍රාමසේවා නිලධාරිනිය නිවසේ නොසිටියාය. ඒ ඇය රාජකාරි කටයුතු සඳහා නිවසින් බැහැරට ගොස් සිටි බැවිනි.

අනාවරණය වී ඇති ආකාරයට අනුව මේ සිසුවාව ඔහු පළමු වතාවට බිලිගන්නේ එවිටය. කාමරයට රැගෙන ගොස් ග්‍රාම නිලධාරියා සිසුවා ස්පර්ශ කරමින් ඔහුගේ හැඟීම් අවුස්සවමින් සිටියදී ග්‍රාමසේවා නිලධාරිනිය අනපේක්ෂිත ලෙස කාමරයට පැමිණ ඇත.


 “ඔය මොනවද කරන්නේ?” දෑස් ලොකු කරගෙන ඒ දෙස මදක් බලා සිට එසේ පවසමින් ඇය කාමරයෙන් පිටතට යන්නට හැදුවා පමණි. 


ග්‍රාමසේවක නිලධාරියා ඇයගේ අතක් අල්ලා තමාගේ තුරුලට ගත්තේය. ඇයව බලහත්කාරයෙන් යහනේ පෙරළාගත් ඔහු සිසුවා බලා සිටියදීම අඹු සැමියන් ලෙස එකට සිටියේ සිසුවාට කාමරයෙන් පිටතට යන්නට නොහැකි ලෙස දොරගුළු වසා දමමිනි. 

ඊළඟට ග්‍රාමසේවා නිලධාරියා සිසුවාට තවත් අසික්කිත යෝජනාවක් ගෙන ආවේය. ඒ තමන් සිටියදීම ග්‍රාමසේවා නිලධාරිනිය සමග අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙසිනි. මේ වනවිට හැඟීම් ඇවිස්සී හුන් ඇගෙන්ද සිසුවාට ඉල්ලීමක් ආවේ දැඩි පෙරැත්ත කිරීමක්ද සමගිනි.

දාහතර වියැති සිසුවෙකු වූ ඔහු මේ වනවිට සිටියේ දැඩි කම්පනයට පත් සිතිනි.  එබැවින් ඔහු ඊට දැක්වූයේ දැඩි විරෝධයකි. අකමැත්තකි. එහෙත් ඔහුට ඒ දෙදෙනාගෙන් ගැලවිල්ලක් නොවීය. අවසානයේ හෙළි වූයේ  මේ සියල්ලම සිදුවෙමින් තිබුනේ දෙදෙනාගේ සැලසුමකට අනුව බවය.


අහඹු ලෙස ඇය කාමරයට පැමිණුනත් එයද සිදුවී තිබුනේ සැලසුමට අනුවය. සිසුවා ඒ වන විටත් කොටුවී සිටියේය. තර්ජනය කිරීම් සහ බලපෑම් මධ්‍යයේ සිසුවාට සිදුවන්නේ  ග්‍රාම සේවක යුවළගේ පහත් ලිංගික ආශාවන් සංසිඳුවාලන්නටය.

එය එදිනට පමණක් සීමා වන්නේ නැත. වසර තුනක් පුරාවටම සිසුවා ඒ දෙදෙනාගේ පහත් ලිංගික ආශාවන්ගේ ගොදුර බවට පත්ව සිටියේය. මේ ගැන ඔහුට කියන්නට කෙනෙක් සිටියේ නැත. කියන්නට හිතුවත් ලැජ්ජාව නිසා ඉවසාගෙන සිටියේය. සියදිවි හානිකරගන්නටද, ඔළුව හැරුණු අත යන්නටද ඔහුට කිහිපවරක් සිතුණු බව ඔහු පවසා තිබේ.


තම පුතාගේ දුක සැප සොයා බලන්නට සිසුවාගේ මව දිනක් ආත්තම්මාගේ නිවසට එන්නේ සිසුවා එසේ සිතමින් සිටි අවස්ථාවකදීය. ඒ ඉකුත් 11 වෙනිදාය. එදා සිසුවා සිය මවට සියල්ල නොසඟවා පවසන්නේ ඒ ගැන කියන්නට ඔහුට වෙන කිසිදු විශ්වාසවන්තයෙකු නොවූ තැනය.


එහිදී ඒ ගැන ‍පොලීසියට කියන්නට ඇයට සිතුණත්  ග්‍රාමසේවා නිලධාරීන් ‍පොලීසිය සමග ළඟින් ඇසුරු කරන අය බැවින් එයින් පලක් වේදැයි ඇය සිතුවාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දුරකථන අංක 1929ට කතා කර ළමා උපකාරක සේවාවට ඇය නිර්නාමික ඇමතුමක් දෙමින් තම දරුවා ග්‍රාමසේවා යුවළගෙන් බේරාගන්නට කටයුතු කරන්නේ ඒ අනුවය.


සිසුවාගෙන් හෙළිවූ මේ තොරතුරුවලට අනුව සීදූව ‍පොලීසිය වහාම ක්‍රියාත්මක විය. 12 වෙනිදා දහවල් වන විට ග්‍රාමසේවා නිලධාරියාත්, නිලධාරිනියත් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුහු තමන් සිසුවාට කළ සියල්ල පිළිගත්තෝය. 


ඒ අනුව දෙදෙනාටම ළමා අපයෝජන චෝදනාවක් ගොනු කළ ‍පොලීසිය ඔවුන් මීගමුව අධිකරණයටද ඉදිරිපත් කළෝය. දැන් ඔවුන් දෙදෙනා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඒ ලබන 25 වෙනිදා දක්වා බන්ධනාගාරගත කර ඇති බැවිනි.

ගයාන් කුමාර වීරසිංහ
 
Related Posts with Thumbnails