Ads 468x60px

.

අඹතැන්නට කඳුළු ගෙනා කතරගම ඛේදවාචකය


වෑන් එක වැවට වැටුණා 
කියා පාරේ ආපු මාමා 
කෙනකුට කීවා

මම නිදාගෙන සිටියේ පොඩි අක්‌කා ළඟයි. එක පාරම ශබ්දයක්‌ ඇසුණා. ඒ සමගම මාව වතුරට වැටුණා. මම කළුවරේම වතුරෙන් ගොඩට ආවා. ගොඩට ඇවිත් කළුවරේම පාරේ ඇවිදගෙන යන කොට මාමා කෙනෙක්‌ හමුවුණා. මම ඒ මාමාට කිව්වා වාහනේ වතුරේ වැටුණා කියලා. 

ඊට පස්‌සේ පොලිසියේ මාමල ඇවිත් මාව රෝහලට අරන් ගියා යෑයි දෙටගමුව වැවට වෑන් රියක්‌ පෙරළීමෙන් සිදුවූ අනතුරින් දිවි ගලවා ගත් ජනිත චාතිකර දාබරේ නමැති නව හැවිරිදි දරුවා පැවසුවේය.

දෙහිඅත්තකණ්‌ඩිය වැලිකන්ද නෑගම් ගිය 10 දෙනෙකු නෑගම් යමින් සිටියදී ඇළකට වැටී මියගිය සිද්ධියේ දොaංකාරය මැකී යන්නටත් පෙර එවැනිම අයුරින් කතරගම දෙටගමුව වැවට පෙරළී තවත් ජීවිත පහක්‌ (5) පෙරේදා 19 වැනි දින අලුයම අහිමි විය.

මුල්ලේගම අඹතැන්න අංක 34 සේනානි නිවසේ පදිංචි තිදෙනකු හා තවත් පවුලක සැමියා හා බිරිඳ මෙම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වූහ. මෙම පිරිස කොළඹ කඩුවෙල ප්‍රදේශයේ නෑගම් ගොස්‌ කතරගම වන්දනා කිරීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත. 


සිද්ධියෙන් දිවි ගලවා ගත් ජනිත චාතිකර දාබරේ 9 හැවිරිදි පිරිමි දරුවා රිය පෙරළීමේදී වැවට වැටී ඇති අතර ඔහු වැවෙන් පීනා විත් මාර්ගයේ
ගමන් ගත් පිරිසකට සිද්ධිය පැවසීමෙන් පසු කතරගම පොලිසිය පැමිණ වෑන් රථයේ හිරවී සිටි පිරිසගේ මළ සිරුරු රැගෙන කතරගම දිසා රෝහල වෙත යොමු කළේය.

මෙම රිය අනතුරින් මියගොස්‌ ඇත්තේ සරත් දාබරේ (වෑන් රථයේ රියෑදුරු) (65) ලලිත් නිලන්ත බණ්‌ඩාර, නිරෝෂනි දාබරේ (35) ඉඳුනි අදිත්‍යා බණ්‌ඩාර (14) කේෂානි බණ්‌ඩාර (12) යන අයයි.

මියගිය අයගේ දේහයන් පිළිබඳ මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය තිස්‌සමහාරාම වැඩ බලන මහෙස්‌ත්‍රාත් ප්‍රියරත්න බණ්‌ඩාර මහතා විසින් සිදුකරනු ලැබූ අතර මිය ගිය අයගේ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීම පිණිස එම මළ සිරුරු හම්බන්තොට මූලික රෝහල වෙත 19 වැනිදා සවස රැගෙන යනු ලැබීය.

රියෑදුරුට නින්ද යැම නිසා මෙම අනතුර සිදුවූ බව පොලිසිය සැක කරන අතර මෙම අනතුරින් හානියට පත්වූ රථය වනුයේ අංක 58-5643 නම් රථයයි.

කතරගම ප්‍රදේශවාසීන් පවසනුයේ කතරගම නගරය ආසන්නයේ ඇති මෙම දෙටගමුව වැව ආසන්නයේ රාත්‍රි කාලයේ දී විදුලි ආලෝකය නැති නිසා දැඩි අඳුරක්‌ පවතින බවයි. එනිසාම දකුණු පැත්තෙන් ආගාදයක්‌ බඳු වෙල්යායත් වම් පැත්තෙන් වැවත් ඇති අතර රථ වාහන දෙකක්‌ පැමිණීමේදී අයින් කිරීමට තැනක්‌ නොමැති වීම නිසා එම ස්‌ථානය අනතුරුදායක ස්‌ථානයක්‌ බවට පත්ව ඇති බවයි.

මේ අයුරින් අනතුරු කීපයක්‌ මේ වන විට දෙටගමුව වැව ආසන්නයේ දී සිදුවී ඇති අතර මෙම ස්‌ථානයට විදුලි ආලෝකය ලබාදෙන ලෙස කතරගම ජනයා වග කිවයුතු අංශයන් ගෙන් ඉල්ලා සිටිති. 


 
Related Posts with Thumbnails