Ads 468x60px

.

ට්‍රැක්‌ටරයේ රේසරයක්‌ ගැලවුණාම බාධයි කියා හැරී යමු කීවත් එය හදාගෙන යළි පිටත් වුණා

දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර සිට සෙවන පිටියට අත් ට්‍රැක්‌ටරයේ ටේ්‍රලරයට පොලුවලින් වහලයක්‌ සකස්‌ කරගෙන කළාලයක්‌ උඩට දමා අවුරුදු නෑගම් ගිය එකම පවුලේ දූ දරුවන් සමග ඥතීන් 23 දෙනකු ගමන්ගත් අත් ට්‍රැක්‌ටරය අරලගංවිල අලුත් ඔය පාලම අසලින් ඉසඩ් ඩී. ඇළට වැටීමෙන් 10 දෙනකු මිය යැම නිසා විඡේපුර ගම්මානයට මැති ඇමැතිවරුන් ඇතුළු මහජන ගංගාවක්‌ මේ වන විට පැමිණෙමින් සිටිති.

මෙම ෙ€දවාචකය නිසා මේ වන විට දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර ගම්මානයම ශෝකාන්තයක්‌ වී තිබේ. ඥතීන් පමණක්‌ නොව ගම්වාසීන් ඇතුළු ජනතාව මහත් සංවේගයකට පත් වී සිටිති.

18 වැනිදා ප.ව. 3.00 ට අලුත් ඔය ඉසඩ් ඩී ඇළ අසලට මා යන විට ද 5000 ක පමණ ජනකායක්‌ රැස්‌ වී සිටි අතර අරලගංවිල පොලිස්‌ ස්‌ථානාධිපති ලලිත් රාජමන්ත්‍රී 232 බලසේනාධිපති කර්නල් ඩයස්‌, පොලිස්‌, හමුදා නිලධාරි සහ අලුත් ඔය ජනතාව මහත් කලබලයෙන් අතුරුදන්වූවන් සොයමින් සිටියා.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් මහවැලි බී කලාපයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකක ගොවි පවුල් 20000 කට දියවර සැපයීමට ඉසෙඩ් ඩී ඇළ නිර්මාණය කළ අතර මෙහි ගැඹුර මීටර් 10 ක්‌ පමණ වේ. හරිම භයානක අනතුරුදායක මහවැලි ඇළක්‌ ලෙස

ඉසෙඩ් ඩී ඇළ මහජනතාව විසින් හඳුන්වනු ලබයි. වල් අලි, පොලිස්‌ නිලධාරීන්, යතුරුපැදිකරුවන් ඉසෙඩ් ඩී ඇළට බිලි වී ඇත. 

1982 වර්ෂයේ ඉසෙඩ් ඩී ඇළට පුද්ගලයකු වැටී ප්‍රථම වරට මියගොස්‌ ඇති අතර අනාරක්‍ෂිත ඉසෙඩ් ඩී ඇළට පසුගිය 18 දා ප.ව. 2.00 ට පමණ අත්ට්‍රැක්‌ටරයක්‌ වැටී මෙවර එකම පවුලකට සම්බන්ධ 10 දෙනකු දියේ ගිලී මිය යැම නිසා ශෝකජනක ෙ€දවාචකය අපට අසන්නට ලැබිණි. මේ ඔවුන්ගේ කඳුළු කතාවයි.

අංක 42 කොස්‌හින්න, පොල්ගහවෙල, ලෙවුල ලිපිනයේ පදිංචි කැටවල පිරිවෙනේ ගුරුවරයකු වන එම්. පී. බී. මංජුල සනත් මුතුනායක මහතා (30) මෙසේ කීවේය - 


මේ පාර සිංහල අවුරුද්ද සතුටින් ගතකරන්න පවුලේ සියලු දෙනාම අම්මාගේ තාත්තාගේ සෙවනපුර ගෙදර ආවා. මගේ බිරිඳ ටිකිරි මැණිකේ, පුතා කවීෂ සමග මහ ගෙදර ඇවිත් සතුටින් සිටියා. 17 දින ආපසු යන්න සූදානම් වන විට තාත්තා කීවා පුතේ සෙවනපිටියේ ඉන්න නැන්දගේ ගෙදර ගිහිල්ලා එන්න කියලා. 

අවුරුද්දට ගියේ නෑ කියලා නැන්දා තරහා වෙයි කියපු නිසා අපි ඔක්‌කොම එකතුවෙලා අත් ට්‍රැක්‌ටරයේ නැගලා සෙවනපිටියේ යන්න සූදානම් වුණා. 18 දා පවුලේ 23 දෙනකු අත් ට්‍රැක්‌ටරයෙන් ගමන පිටත් වුණා. මමයි බාප්පයි යතුරුපැදියෙන් පස්‌සෙන් ගියා. අතරමගදී ට්‍රැක්‌ටරයේ පිටුපස වම් රෝදයේ රේසරය ගැලවුණා. ඊට පස්‌සේ ගමන බාධයි, ආපසු ගෙදර යමු කියා කට්‌ටිය කීවත් නැවත රෝදය හදාගෙන නැන්දලාගේ ගෙදර යන්න පිටත් වුණා.

වෙහෙරගල හන්දිය පසුකර ඉසෙඩ් ඩී ඇළ මැදින් ගොස්‌ පාලම මැදින් අත් ට්‍රැක්‌ටරය රැගෙන දකුණට හරවනකොට දකුණුපස රෝදය කරකැවිලා පාලමට දකුණු පැත්තෙන් අත් ට්‍රැක්‌ටරය ඉසෙඩ් ඩී ඇළට වැටුණා. මම බාප්පත් සමග යතුරුපැදියේ ගියේ. මම පීනන්න දන්නේ නැහැ. මගේ නෝනයි පුතයි අම්මායි ඇතුළු 23 දෙනෙක්‌ ඉසෙඩ් ඩී ඇළට වැටෙනකොට මම බුදු අම්මෝ කියලා කෑගැහුවා. 


ගස්‌වල එල්ලිලා කට්‌ටිය ගොඩ ගත්තා. එතකොටම මගේ නෝනයි පුතායි උඩට ඇවිත් එක පාරටම වතුර යටට ගියා. මගේ මියගිය පුතා අවුරුද්දට තිබුණ ඇඳුම් ඇඳගෙන ලස්‌සනට හිටියා. කවදාවත් කිසිම කෙනකුට වරදක්‌ නොකරපු අපට මෙහෙම දෙයක්‌ වුණේ ඇයි කියලා මට හිතාගන්න බැහැ. මල්ලී දරුවා ගොඩට දීලා ආයෙත් පැනලා කට්‌ටිය බේරාගන්න යනකොට මල්ලි මගේ ඉදිරිපිටම දියේ ගිලුණා යෑයි කීය.

දෙහිඅත්තකණ්‌ඩිය අංක 158 විඡේපුර පදිංචි වීරංග මුතුනායක මහතා මෙසේ කීවේය - 


දරුවෝ සියල්ලම ගෙදර ආවා. මගේ බිරිඳයි මමයි හරිම සතුටින් හිටියා. මගේ නංගි ඉන්නේ වැලිකන්ද සෙවනපිටියේ. මගේ නංගිගේ ගෙදර ගිහිල්ල එන්න කියලා මම සියලු දෙනාටම දන්වා සිටිය නිසා ගමනට සියලු දෙනා සූදානම් වුණා. මමයි මගෙ දුව රසිකා මේ ගමන ගියේ නැහැ.

අපි කිසිම කෙනකු කවදාවත් හීනෙන්වත් කාටවත් කරදරයක්‌ කරලා නෑ. ඒත් කවදාවත් අමතක නොවන දිනයක අමතක නොවන ලෙස දෙවියෝ අපට අමතක නොවන දඬුවමක්‌ දුන්නා. මෙහෙම දඬුවමක්‌ අපට දෙන්න අප කළ වරද කුමක්‌ද දෙයියනේ... යෑයි කියමින් ඔහු හඬන්නට විය. එම හැමට සියලු දෙනාගේ දෙනෙත් කඳුළින් තෙත් විණි. එම විලාපය දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර ගම්මානය පුරාම දොaංකාර දුනි.

දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර පදිංචි රසිකා එරන්දි මුතුනායක මෙසේ කීවාය. මේ පාර අවුරුද්ද අපි පවුලේ සියලු දෙනාම එකතුවෙලා හොඳට සැමරුවා. අපි හරි සතුටින් හිටියේ. අම්මා කිව්වා මෙහෙම එකතුවෙලා අවුරුදු කන්න ආයෙත් එයිද දන්නේ නැහැ කියලා. 


අපි එකට එකතුවෙලා කෑම කන අවසාන අවුරුද්ද ද කියන්න දන්නෙත් නැහැ. මැරෙන්න ඉස්‌සරවෙලා මට තව එක මුණුබුරෙක්‌ ගෙනත් දීපන් දුවේ කියලා අම්මා කීවා. එහෙම කියූ අම්මාට හිටිය එකම මුණුබුරත් අරගෙන දිවියලෝකේ ගියා. මටයි එරංග මුතුනායක මගේ තාත්තාටයි මේ දුක දරාගන්න බැහැ.

නිකවතලන්ද ග්‍රාම නිලධාරිනි බී. ඒ. එම්. සඳරේණු මහත්මිය මෙසේ කීවාය - මගේ ගමේ ජීවත් වන පත්මසිරි වීරංජනි යන යුවළ ගමේ කාටවත් කරදරයක්‌ නොකර අහිංසක ලෙස ගොවිතැන් බත් කරගෙන ජීවත් වන අයයි. මේ ෙ€දවාචකය නිසා අපේ ගමේ සියලු දෙනාටම විශාල දුකක්‌ අද විඳින්න වෙලා තියෙනවා. 


මේවාගේ දේවල් මිනිස්‌ හිස්‌ තියෙන අයට දරාගන්න අමාරුයි. මේ දුකට පත්වෙලා සිටින අයට පොළොන්නරුව මහ දිසාපති නිමල් අබේවීර, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් යූ. නිශාන්ත, සහකාර ප්‍රාදේශීය ලේකම් පාරමි තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු අප සියලු දෙනාම එක්‌ව මුදල් ආධාර හා සහන සැලසීමට කටයුතු කරන බව කීය.

මෙම ශෝකජනක පුවත පිළිබඳ අදහස්‌ දැක්‌වූ අරලගංවිල පොලිස්‌ ස්‌ථානාධිපති ලලිත් රාජමන්ත්‍රී මහතා මෙසේ කීවේය. - මෙම සිදුවීම දරාගන්නට බැරි ශෝකජනක සිද්ධියක්‌. මෙම සිදුවීම වූ ඉසෙඩ් ඩී ඇළ හරිම අනතුරුදායකයි. 


මිනිස්‌සු විතරක්‌ නොව වල් අලි ඉසෙඩ් ඩී ඇළට වැටුණාම දින 3 - 4 ක්‌ මහන්සිවෙලා ගන්න සිදුවෙනවා. අවුරුදු නිසා මේ ප්‍රදේශයේ ජනතාව එතරම් ගැවසීම සිදු නොවූ නිසා මේ ශෝකජනක සිදුවීම සිදු වුණා. නැතිනම් තව පිරිසක්‌ බේරා ගන්න තිබුණා යෑයි කීය.

අම්පාර මහ දිසාපති නීල් ද අල්විස්‌, දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය ලේකම් රුවන්දිකා හෙන්නායක, ප්‍රාදේශීය සභා සභාපති කේ. පී. විඡේරත්න, පොළොන්නරුව මහ දිසාපති නිමල් අබේවීර, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් යූ. නිශාන්ත, සහකාර ප්‍රාදේශීය ලේකම් පාරමි තෙන්නකෝන්, කම්කරු සබඳතා නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර යන මහත්ම මහත්මීහු සහන සැලසීම සඳහා මෙම ස්‌ථානයට පැමිණ සිටියහ.

සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ

දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර අංක 158 පදිංචි ඡේ. එම්. මල්ලිකා ජයවීර (50), එන්. එම්. ඒ. ජී. ටිකිරි මැණිකේ (28), කවීෂ ප්‍රභාෂ්වර මුතුනායක, (3) (මවයි පුතයි) දෙහිඅත්තකණ්‌ඩිය නිකවතලන්ද අංක 20 පදිංචි ඒ. ඩී. පද්මසිරි (55), එම්. පී. බී. වීරංජනී මුතුනායක (45) (සැමියයි බිරිඳයි)

බණ්‌ඩාරගම වල්ගම පදිංචි එම්. පී. බී. වීරංගනී මුතුනායක (55) විජයපුර පදිංචිව සිටි රියෑදුරු, මංජුල ප්‍රදීප් (24) පානදුර සුමංගල විදුහලේ ඉගෙනුම ලැබූ නිපුන් විශ්ව මුතුනායක (10), පානදුර සුමංගල විදුහලේ ඉගෙනුම ලැබූ සෙව්මිණි හංසිකා මුතුනායක (13), (අක්‌කයි මල්ලියි) පානදුර අගමැති විදුහලේ ඉගෙනුම ලැබූ කවීෂා මල්ෂානි ප්‍රේමරත්න යන එකම පවුලේ මියගිය අය වෙති. 


මොවුන් සියලු දෙනාගේම මෘත දේහ දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර අංක 158 මහගෙදර වත්තේ වෙනම ස්‌ථානයක්‌ සකස්‌ කොට එහි තැන්පත් කර ඇත.
 
Related Posts with Thumbnails