Ads 468x60px

.

සඳුනිව අල්ලාගෙන සිටින කොට මම කැත්තෙන් ඇගේ බෙල්ල වෙන් වෙන්නම කැපුවා

පාසල් යමින් සිටි සඳුනිව ජනක පුතා අපේ ගෙදරට එක්‌කරගෙන ඒම ගැන මමත්, මගේ බිරිඳත් එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නෑ. සඳුනි සමඟ පුතා අඹුසැමියන් වශයෙන් අපේ ගෙදර ජීවත් වුණා. 

සඳුනි අපේ ගෙදරට ආපු දවසෙ ඉඳලම අපට කරදර රැසකට මුහුණ දෙන්න සිදු වුණා. සඳුනිට අවුරුදු 18 සම්පූර්ණ වූ ගමන් ඇය විවාහ කරගන්න කියලා පුතාට බලකරමින් සඳුනි නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගත්තා.

පසුගිය 25 දා උදේ සඳුනි ජනක පුතා සමඟ ආරවුලක්‌ ඇතිකරගෙන පුතාගේ ෆෝන් එක පොළොවේ ගැහුවා. එවිට පුතා සඳුනිට පහරදීල මමත් සමඟ කුරුඳු කපාගෙන එන්න පුවක්‌දොඩැල්ලේ ඉඩමට ගියා.


සඳුනි රණ්‌ඩු වෙමින් පුතා පසුපස ආවා. මම කැලේ මැදදී සඳුනිගේ හිසට පොල්ලකින් පහර දුන්නා. සඳුනි සිහි නැතිව බිම ඇද වැටුණු පසු බෙල්ල කපා වෙන්කර සිරුර සහ හිස කන්දෙන් පහළට දාලා පුතා සමඟ ගෙදර
ආවා, යෑයි ඇල්පිටිය, ඇල්ල පුවක්‌දොඩැල්ලේ පදිංචිව සිටි පාසල් ශිෂ්‍යාවක වූ කැටීපෙආරච්චි සඳුනි කාංචනා නමැති තරුණියගේ සැහැසි ඝාතනය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වෙත පාපොච්චාරණය කරමින් ඇල්පිටිය, ඇල්ල, පුවක්‌දොඩැල්ලේ පදිංචි බමුණු ආරච්චිගේ සරත් (49) නමැත්තා පැවැසීය.

සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ ගා/ සාසනචන්ද්‍ර මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ඇල්ල පුවක්‌දොඩැල්ලේ ලිපිනයේ පදිංචිව සිටි කැටීපෙආරච්චි සඳුනි කාංචනා (17) තරුණියකි.

ඇල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක වී. එස්‌. ඩී. විදානගේ මහතා ඉදිරියේ සිද්ධිය පිළිබඳව තවදුරටත් පාපොච්චාරණය කරමින් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන බමුණුසිංහ ආරච්චිගේ සරත් (49) නමැත්තා මෙසේද පැවැසීය.

මගේ ජනක පුතා කුඩා කාලයේ සිටම දඩබ්බර ගති පැවතුම්වලින් යුතු අයෙක්‌. ඔහු මීට පෙරත් බාල වයස්‌කාර දැරියන් දෙදෙනෙක්‌ ගෙදරට එක්‌කරගෙන ඇවිත් අඹුසැමියන් වශයෙන් වසර ගණනාවක්‌ ජීවත්ව සිට නැවත ඒ දෙදෙනාම පන්නා දැමුවා.

මා විසින් මරා දැමූ සඳුනි අපේ ගෙදරට තරමක්‌ දුරිනුයි පදිංචිව සිටියේ. එයාගේ අම්මා විදේශ ගතවූවාට පසු මගේ පුතා සමඟ ආදර සම්බන්ධයක්‌ පැවැත්වූවා.

එයට මමත්, මගේ බිරිඳත් විරුද්ධ වුණා. පුතා අපේ කීම නොතකා පාසල ඇරී ගෙදර එන ගමන් පාසල් ඇඳුම පිටින්ම සඳුනිව අපේ ගෙදරට එක්‌කරගෙන ආවා. සඳුනි හරිම අකීකරු ළමයෙක්‌.

මමත් බිරිඳත් අවස්‌ථා කිහිපයකදී තව අවුරුදු 4 කින් විවාහ වෙන්න කියලා කිව්වා. දැන් පාසල් යන්න කියලා කීවා. සඳුනි අපේ කීම ගණන් ගත්තේ නෑ. සඳුනි අවුරුදු 2 ක්‌ පමණ පවුල් කෑවා. ඒ අය නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගත්තා.

සිද්ධිය වූ 25 දා සඳුනි ජනකට කිව්වා දැන් එයාට අවුරුදු 18 සම්පූර්ණයි, විවාහ වෙමු කියලා. ජනක බැහැ කිව්වාම ඒ දෙන්න රණ්‌ඩු සරුවල් වුණා. සඳුනි ජනකගේ අතේ තිබුණු
ෆෝන් එක උදුරාගෙන පොළොවේ ගසා කුඩුකළා. එවිට ජනක පුතා සඳුනිට පහර දීලා මමත් ජනකගේ යාලුවෙක්‌ වන කපිලත් සමඟ කුරුඳු කපන්න පුවක්‌ දොඩැල්ල ඉඩමට ගියා.

සඳුනි රණ්‌ඩු වෙවී ජනක පසු පස ආවා. සඳුනිගේ හිතුවක්‌කාර වැඩවලට මම වෛරයෙන් සිටියේ. මම එක්‌වරම පොල්ලක්‌ අරගෙන සඳුනිගේ හිසට පහර කිහිපයක්‌ එල්ල කළා. සඳුනි බිම වැටුණ. පසුව ජනක පුතා, බිම වැටුණු සඳුනිව අල්ලාගෙන සිටින කොට මම කැත්තෙන් ඇගේ බෙල්ල වෙන් වෙන්නම කැපුවා.

පසුව රෙද්දකින් හිස කොටස ඔතා කන්දෙන් පහළට දැමුවා. පසුව මමත් ජනකත් ජනකගේ යාළුවා කපිලත් සමඟ සඳුනිගේ සිරුර ඔසවාගෙන ඇවිත් කන්දෙන් පහළට දැම්මා. සිරුර කොටස ගසක රැඳුනා. පසුව ලොකු රිටක්‌ ගෙන ඇනල සිරුර පල්ලමට දමා ගෙදර ආවා.

සිද්ධිය රහසක්‌ වශයෙන් තබා ගනිමු කියලා අපි කතා කරගත්තා. ඊට පසුදා මම පුතාට කිව්වා සඳුනි අතුරුදන් කියලා සඳුනිගේ ගෙදර අයට කියන්න කියලා. පසුව මම ජනක පුතත්, බිරිඳත් සමඟ ඇල්පිටිය පොලිසියට ඇවිත් සඳුනි අතුරුදන් කියලා පුතා ලවා පැමිණිල්ලක්‌ ලිව්වා. විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවලටත් සඳුනි අතුරුදන් කියලා ප්‍රකාශ ලබාදී ප්‍රචාර ලබා දුන්නා, යෑයිද ඔහු පාපොච්චාරණය කළේය.



අධික ලෙස කුණුවී තිබුණු සඳුනි කාංචනා තරුණියගේ මෘත ශරීරය ඇගේ ඥතීන් විසින් ඇල්ල, පුවක්‌දොඩැල්ල ළඳු කැලෑවේ තිබී සොයාගෙන තිබිණි. සඳුනිගේ සැහැසි ඝාතනය පිළිබඳව මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සඳහා ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් මුනිදාස හාල්පන්දෙණිය මහතා ඉකුත් 06 දා සිද්ධිය වූ ස්‌ථානයේ ස්‌ථාන පරීක්‍ෂණයට ගොස්‌ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය සඳහා සිරුරේ සියලුම කොටස්‌ කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යවන ලෙසත්, ඝාතකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් පොලිසියට නියෝග කළේය.

මේ පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය පැවැත්වූ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ඒ. සී. ඩී. ආරියරත්න මහතා මෙම ඝාතනය පිළිබඳ විවෘත තීන්දුවක්‌ ප්‍රකාශ කළේය.
 
Related Posts with Thumbnails