Ads 468x60px

.

කුරුවිට කූප්‍රකට දානපතියකුවන තිස්ස අප්පෝ කෝටි ගණනක් බෙදන හැටි මෙන්න.

විශේෂ පුවත්
2014 අප්‍රේල් 10 01.48 p.m

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට හන්දිය අසලින් වැටී තිබෙන ‘පැරඩයිස්’ මාර්ගය අතුරු සිදුරු නැතිව මහ ජනතාවගෙන් පිරී ගොස් ඇතැයි වාර්ථා වෙයි. 

එම මාර්ගයට කිසිම වාහනයකට ඇතුළු විය නොහැකි ආකාරයට ජනතාව රොක් වී ඉදිරියට ගමන් කරමින් සිටින බව පැවසේ. ඒ, එම මාර්ගයේ ජීවත් වන කූප්‍රකට දානපතියකුවන තිස්ස අප්පෝ නැමැති ව්‍යාපාරික මහත්මයකු විසින් වාර්ෂිකව සිංහල අවුරුද්දේ රුපියල් කෝටි ගණනක් ජනතාව අතරේ බෙදා දීම මෙම
වසරේ දී ද සුපුරුදු ලෙස බ්‍රහස්පතින්දා (10) පෙරවරුවේ ආරම්භ කිරීමත් සමගය.

මෙසේ පැමිණි ජනතාව දිවා ආහාරය ගැනීම සඳහා කුරුවිට හන්දියේ ආපන ශාලාවලට රොක් වීමෙන් එම ස්ථාවල දැඩි තදබදයක් පවතින බව ව්‍යාපාරික මහත්මයෙක් දුරකතනය ඔස්සේ අප සමග පැවසුවේය.


තිස්ස අප්පෝ මහතා වාර්ෂිකව රුපියල් කෝටි 10ත් 15ත් අතර මුදල් ප්‍රමාණයක් සිංහල අවුරුද්ද නිමිත්තෙන් ජනතාව අතරේ බෙදා දෙති. ගණන් නොකර අතට අසුවන මුදල් ප්‍රමාණය බෙදා දීමක් සිදුවන බැවින් සමහරුන්ට රුපියල් ලක්ෂ ගණන් ලැබී ඇතැයි වාර්ථා වේ.


දින හතරක පමණ කාලයක් මෙසේ මුදල් බෙදන අතර එම කාලයේ දී පැරඩයිස් පාරේ ළිංවල වතුර හිඳී යන බව පැවසේ. ඒ පැමිණෙන මහා ජන සන්නිපාතය විසින් ඒවා පාවිච්චි කිරම හේතුවෙනි.
 
Related Posts with Thumbnails