Ads 468x60px

.

ප්‍රතිකාර ගන්න රෝහලට ආ පස්‌ හැවිරිදි දරුවාට වෛද්‍යවරයා පහර දෙයි

මාතලේ මූලික රෝහලේ බාහිර රෝගී අංශයට සිය මව සමග ප්‍රතිකාර ගැනීමට පැමිණි පස්‌ හැවිරිදි දරුවකුට එහි වෛද්‍ය වරයකු පහරදීමේ සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර ඇත. 

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී කයිකාවල ඉකිරිගොල්ල පදිංචි නිමල් තාරක දරුවා සිය මව සමග බාහිර රෝගී අංශයට ගිය අවස්‌ථාවේ එහි පෝළිමේ රැඳී සිටියදී එක්‌වරම වෛද්‍යවරයා පැමිණ කුඩා දරුවාගේ අතින් ඇදගෙන ගොස්‌ පා පහරක්‌ එල්ල කර ඇති අතර ඉන් දරුවා බිම වැටී ඇති බවත් ප්‍රකාශ වෙයි.

පසුව සිද්ධිය පිළිබඳව දරුවාගේ මව වන සුනේත්‍රා මාලනී මහත්මිය පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සියසින් දුටු මානලේ මන්දන්ඩාරව පදිංචි සමන් විතානගේ මහතා මෙසේ කීය. 


මේ දරුවා මට ඉදිරියෙන් මව සමග පෝළිමේ සිටියා. වෛද්‍යවරයාගේ කාමරයේ දොරට හෙමින් තට්‌ටු කරමින් දරුවා සිටියේ. එක්‌වරම
වෛද්‍යවරයා සිය පුටුවෙන් නැගිටවිත් දරුවාගේ අතින් අල්ලා ගෙන කාමරයට ඇදගෙන ගියා. 

ඒත් එක්‌කම පොඩි දරුවාට පා පහරක්‌ එල්ල කළා. දරුවා බිම වැටුණා. පස්‌සේ දරුවාගේ අම්මාගේ කෑ ගැසිල්ලත් එක්‌ක ඕ.පී.ඩී. එකේ නොසන්සුන්තාවක්‌ ඇතිවුණා. අසරණ වුණු මිනිස්‌සු එන රෝහලක වෛද්‍යවරයකු මේ වගේ හයක්‌ හතරක්‌ නොතේරෙන දරුවන්ට පහර දෙනවා නම් ඒ පිළිබඳව විධිමත් පරීක්‌ෂණයක්‌ කරන්න ඕන. 

උණට බෙහෙත් ගන්න ආපු ඒ දරුවාට බෙහෙත් නැතිව ගුටි කාලා පොලිසි යන්න වුණා යෑයි ඒ අසල සිටි පිරිස්‌ කීහ.
 
Related Posts with Thumbnails