Ads 468x60px

.

ලොවම කැළඹූ ගුවන් හා නාවුක අනතුරු දෙකේ අලුත්ම තොරතුරු...

2014 වසරේ මාර්තු මස 8 වෙනිදාට හිරු පායා ආවේ ලොව අඩු වියදම් ගුවන් සේවාවක් ලෙස ජනප්‍රියව තිබූ මලයාසියානු ගුවන් සේවය බරපතළ ඛිෙදවාචක යකට යොමු කරවමිනි. 

ඒ 2014. 03. 08 දින අලුයම 12.21ට පමණ මලයාසියානු ගුවන් සේවයේ පියාසර අංක MH 307 දරන යානය වියට් නාමයට නුදුරින් වූ අහස් තලයේදී අතුරුදන් වීමත් සමගිනි. 

මගීන් 227 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු කැටිව ගමන් ගත් බෝයිං 777 වර්ගයේ මෙම ගුවන් යානය ක්වාලාලාම්පූර් පාලක මැදිරිය හා පැවැති සියලු සබඳතා බිඳ දමමින් එදින අලුයම 1.20ට පමණ රේඩාර් තිරයෙන් මැකී ගිය බැවින් ඒ මොහොතේ සිටම දකුණු චීන මුහුද ආශ්‍රිතව වියට්නාමය, මලයාසියාව, චීනය ප්‍රමුඛ රටවල් යානය සොයා වෙහෙසෙන්නට විය. 

08-03-2014 දින සවස වියට්නාමය විසින් තෙල් පැල්ලමක් සාගරයෙන් සොයාගත් අතර යානය මුහුදට ඇදවැටුණු බව ඒ සමගම අනුමාන
කරන්නට විය. 2014-03-10 දින වන විට ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව යන රටවල් පවා සෝදිසි මෙහෙයුමට එක්විය. 

එහෙත් 2014-03-12 වන විට යානය පැහැරගත් බව සැකයක් විවිධ පාර්ශ්ව මතු කරන්නට විය. මේ වන විටත් එම යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් මගීන් පිළිබඳව බලා‍පොරොත්තු තබාගෙන තිබුණි.

ඔවුන් රජය සහ ගුවන් සමාගම බොරු කියන බවට චෝදනා කරන්නට විය. ඒ සමගම යානය කවුරුන් විසින් හෝ පැහැර ගත්තේද යන සැකය මතුවන්නට විය. යානය ඇමෙරිකන් හමුදාව විසින් පැහැරගෙන ඉන්දීය සාගරයේ හුදෙකලා දිවයිනකට ගෙන ගොස් ඇති බවට මත පළවන්නට විය. එහෙත් ඇමෙරිකාව එය ප්‍රතික්ෂේප කළේය.


2014-03-18 දින වන විට යානය පැහැරගත්තේ එහි ප්‍රධාන නියමුවා බවට ප්‍රබල සැකයක් මලයාසියාව වෙතින් පළවන්නට විය. ඒ අනුව ඔවුන්ගේ බැංකු ගිණුම්, දුරකථන සබඳතා ගැන පවා සොයා බලන්නට විය. 


එපමණක්ද නොව කපිතාන් අහමඩ් ෂාගේ නිවසේ තිබූ ගුවන් යානා නියමු කුටියේ ආකෘතිය සහ එහි දත්ත සහිත දෘඪාංග තැටිය පවා එරට ගුවන් බලධාරීන්ගේ අවධානයට ලක්විය. එම දෘඪාංග තැටියේ අඩංගුව තිබි මකා දැමූ දත්ත පිළිබඳව සොයා බැලීමට එම තැටිය ඇමෙරිකාවේ FBI රසායනාගාරයට රැගෙන යන බවද වාර්තා වූ අතර ඉන්පසු ඒ පිළිබඳව කිසිදු පුවතක් වාර්තා නොවීය.

2014-03-19 දින වන විටත් මලයාසියාව තම යානය නිරුපද්‍රිතව ගොඩබා ඇති බව විශ්වාස කරන්නට විය. ඒ සමගම ඥාතීන්ගේ නොසන්සුන්තාව ඉහළ යන්නට විය. චන්ද්‍රිකා විසින් ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රිතව යානයේ සුන්බුන් යැයි සැක කරන කොටස් අවට සාගර කලාපවලින් හමු වූ බව පැවසුනද ඒ කිසිවක් විධිමත්ව තහවුරු නොවූ බැවින් මගීන්ගේ ඥාතීන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන්නට විය. 


යානයේ එක කැබැල්ලක් හෝ දකින තුරු එය කඩා වැටුණ බව තමුන් විශ්වාස නොකරන බව ගුවන් මගීන්ගේ ඥාතීහු පවසන්නට වූහ. ඔවුන් ක්වාලාම්පූර් සහ බිජිං නුවරවල විරෝධතා දක්වන්නට විය. විශේෂයෙන් මගීන්ගේ බහුතරය චීන බැවින් චීනය දෙසින් දැඩි විරෝධතා නැග එන්නට විය.

2014-03-18 දින අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටි ගුවන් අනතුරු පරීක්ෂක කණ්ඩායම් යානය අතුරුදන් වූ මොහොතේ සිට තිබූ තැන සිට පැය 7ක් තුළ එය ගමන් කළ හැකි උපරිම දුර සලකා කවයක් නිර්මාණය කළෝය. මෙහිදී  පැය 7ක් යන කාලය ඔවුන් තෝරා ගත්තේ අතුරුදන් වන අවස්ථාවේ එහි ඉතිරිව තිබූ ඉන්ධන ප්‍රමාණයෙන් යා හැකි දුර පැය 7ක් බව තහවුරු වීමෙනි.


ඊට අමතරව බෝයිං යානාවල එන්ජින් සක්‍රීයව ඇති විට විශේෂ සංඥා විශේෂයක් නිකුත් කරන අතර MH 307 එම අවසන් සංඥාව ලන්ඩනයේ ඉස්මාසැට් සමාගමට ලැබි ඇත්තේ 08-03-2014 දින උදෑසන 8.11ට මෙහිදී සලකා බලා ඇත.


ඒ අනුව පැය 7ක් තුළ යානය ගමන් කළ හැකි උපරිම දුර ආශ්‍රිතව නිර්මාණය කළ කවයේ දකුණු දිසාව මුළුමනින්ම සාගරවලින් යුක්ත වූ අතර සෙසු කලාප චීනය, මලයාසියාව, යුක්රේනය, වැනි ගොඩබිම්වලින් යුක්ත විය. 


ගොඩබිම් කලාප සියල්ලම පාහේ රේඩාර් සක්‍රිය බැවින් එම කලාප හරහා MH 307  යානයට රහසේ ගමන් කළ නොහැකි බැවින් එකී කලාප තුන තුළ සෝදිසි කිරීම අත්හැර දමන ලදී. කවයේ දකුණු දිසාව ඕස්ට්‍රේලියාව තෙක් විහිදෙන අතර සාගර කලාපයක් වූ අතර එම කලාපය රේඩාර් ආවරණයෙන් තොරය. එබැවින් සෝදිසි මෙහෙයුම් ඕස්ට්‍රේලියාවට නුදුරු ඉන්දීය සාගරයේ දකුණු කොටසට සීමා කරන ලදී.

එකී තීරණයේ සාර්ථක බව කියාපාමින් 2014-4-18  සවස් භාගයේ ඕස්ට්‍රේලියානු නාවික අධිකාරිය මගින් විශේෂිත චන්ද්‍රිකා ඡායාරූපයක තොරතුරු වාර්තා කළේය. එකී ඡායාරූපය මගින් දැක්වූයේ ගුවන් යානයේ පිටුපස කොටස යැයි මත පළ විය. 


නමුත් මේ පිළිබඳ මීට වඩා යමක් වාර්තා නොවුණ අතර 2014-4-4 දින තෙක්ම යානයේ සොයාබැලීම් ඒකාකාරී ස්වරයෙන් සිදුවිය. ඇමෙරිකාව විසින් මෙම මෙහෙයුමට එක්කරන ලද Blufin 21 ඩේ‍රා්න සබ්මැරීනය සහ බ්‍රිතාන්‍ය සතු HMS Tireless මැරීනයද සාගරය පීරා තොරතුරු සොයන්නට විය. 

මෙම යානා දෙක සුන්බුන් සොයනවාට වඩා යානයේ කළු පෙට්ටියෙන් නිකුත් කරනා pin සංඥා ලබා ගැනීමට බලා‍පොරොත්තු වන බව විමර්ශකයන් විසින් වාර්තා කරන ලදී. යානයේ කළු පෙට්ටියේ බැටරි බලය 2014-04-09 දින වන විට හීනව යන බව බෝයිං සමාගම වාර්තා කිරීම නිසා කළු පෙට්ටිය සොයා ගැනීම කාලය සමග කරන තරගයක් බවට පත්විය. 

කෙසේ නමුත් 2014-04-05 දින යානයේ ගමන්ගත් ඇමෙරිකානු ජාතික පිලිප් වුඩ් නමැත්තා යානය පැහැරගෙන ගොස් රඳවාගෙන තිබෙන බවට කෙටි පණිවුඩයක් එවා ඇති බවටත් එකී කෙටි පණිවුඩය දියාගෝ ගාෂියා දිවයිනට නොදුරෙන් ගුවනට මුදාහල බවද වබේ අඩවි ගණනාවක් වාර්තා කර තිබුණි. 

මලයාසියානු බලධාරීන් යානය සහ පාලක මැදිරිය අතර වූ සංවාදයන්ගේ පිටපත් මාධ්‍යයට නිකුත් කිරීම සිදුකළ අතර එකී සංවාද පිටපත් අනුව යානයේ අවසන් පණිවුඩය All right good night යන්න නොව “good night malayshia Three Seven Zero යන්න බව තහවුරු විය. 

මේ සමගම මගීන්ගේ ඥාතීන් යළි කෝප වන්නට විය. කෙසේ නමුත් අප්‍රේල් 05 වන දින රාත්‍රියේ ඕස්ට්‍රේලියාව විසින් යානයේ කළු පෙට්ටියෙන් සංඥා ලද බවට නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ සමගම අතුරුදන් වූ යානය පිළිබඳව සියලු ප්‍රවාද යටපත්ව යන අයුරු දැකගත හැකි විය.

අප්‍රේල්- 7-8 යන දිනවලද මෙම කළු පෙට්ටියෙන් නිකුත් කරන Pin සංඥා ලැබි තිබුණි. ප්‍රථම වතාවට මෙම සංඥාවන් ලැබි ඇත්තේ HAIXUM-01 නමැති චීන නෞකාවට බවත් ඒ සමගම ඕස්ට්‍රේලියාව සතු ඕෂන් ෆීල්ඩ්ස් නෞකාවටද මෙම සංඥා ලැබි ඇති බවත් වාර්තා විය.


ඕෂන් ෆීල්ඩ්ස් නෞකාව ලද සංඥා Kllz 37.5 ක සංඛ්‍යාවකින් යුතු බවත් එකී සංඛ්‍යාතය කළු පෙට්ටිය නිකුත් කරනා Pin සංඥා පරාසය බවත් ගුවන් යානා අනතුරු පර්යේෂකයන් සහතික කර ඇත. 


ඒ අනුව දින ගණනාවක් පුරා සෝනාර් බෝයා මගින් විවිධ සංඥා ලබා ඒවා විශ්‍ලේෂණය කිරීමෙන් 20-04-2014 දින වන විට යානය සෙවීම කි.මී. 10ක තරම් කුඩා කවයකට සිමා කිරීමට සෝදිසි කණ්ඩායම් ක්‍රියා කළෝය. ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පවසා සිටිනුයේ 2014-04-27 දිනට පෙර යානයේ අබිරහස හෙළි වනු ඇති බවයි. 

යානයේ කපිතාන් අහමඩ් ෂා එරට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම්ගේ ඥාතියකු වන බැවින් ගුවන් අනතුර ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වීමට වඩා එරට අභ්‍යන්තර දේශපාලන ගැටුමක ප්‍රතිඵලයක් ද යන්න විවිධ පාර්ශ්ව සැක පළ කරයි. 

යානයේ කපිතාන් අහමඩ් ෂා ඕස්ට්‍රේලියාවේ රැකවරණය පතා ගුවන් යානය රැගෙන පලා යද්දී ඉන්ධන නිමවී එය ඕස්ට්‍රේලියාවට කි.මී. 1600- පමණ දුරින් මුහුදට කඩා වැටුනාද යන සැකය විවිධ පාර්ශ්ව මතු කරයි. අහමඩ් ෂාගේ දියණියක්ද ඕස්ට්‍රේලියාවේ සිටින බවට වාර්තා වෙයි. 

කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුළ MH 370 යානයේ අබිරහස නිරාවරණය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

මෙම වසරේ සාගරය කේන්ද්‍ර කර සිදු වූ දවෛනි විශාල අනතුර දකුණු කොරියාව සතු සෙවොල් නම් නෞකාව මුහුදුබත් වීමය. 2014-4-16 දින සිදු වූ මෙම අනතුරින් මියගිය බහුතරය පාසල් දරුවන් වන බැවින් ලෝ පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මින් කම්පාවට පත්ව ඇත. 


මගීන් 476 දෙනකු සහිතව ගමන් කළ සෙවෝල් නෞකාව හිටි අඩියේ ගිලී යාමට හේතුව තවමත් අබිරහසකි. දකුණු කොරියාවේ ඉචියොන් සිට ජෙයිජු දක්වා යාත්‍රා කළ බව මෙම නෞකාවේ කපිතාන් ලී ජුන් සීයොක් ඇතුළු කාර්ය මණ්ඩලයේ හත් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. 

නෞකාවේ කපිතාන්වරයා පවසා ඇත්තේ ගමන් කළ යතු මාර්ගය ගැන තම සහයකයා දැනුවත් කර තමා නින්දට ගිය බවයි. එහෙත් දැනට වාර්තා වන පරිදි අනතුර සිදුවන විට නෞකාව පදවා ඇත්තේ එහි 3වෙනි නිලධාරියා (3rd officer) බවත් ඔහුට ගල්පර සහිත මෙම මාර්ගය ගැන එතරම් අවබෝධයක් නැති බවයි. 

එමෙන්ම මගීන්ට නොසෙල්වී සිටීමට උපදෙස් දීම පිළිබඳවද නැවේ කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල වේ. නොසෙල්වී සිටි මගීන් සමග නැව ගිලී යෑමට පටන්ගත් බවත්, විදුලිය විසන්ධි වූ පසු එහි ඇතැම් දොරවල් විවෘත කර ගත නොහැකි වූ බවත් දිවි ගලවාගත් අය පවසයි.

යාත්‍රාවේ සිටි කුඩා දරුවන් තම නිවෙස්වලට යැවූ කෙටි පණිවුඩ මාධ්‍යයන්ට නිකුත් වීම සමග බොහෝ දෙනකු දැඩි කම්පාවට පත්ව ඇති බව වාර්තා වෙයි.


“යමක් සිදු වූවා. නැව ඇලවෙනවා. අපි මැරෙයිද?” යැයි එක දරුවෙකු තම මවට කෙටි පණිවුඩයක් යවා ඇත” ධෛර්යමත් වන්නයි මව ඔහුට පිළිතුරු යවා ඇත. එහෙත් ඒ පණිවුඩය ලැබිමට පෙර නෞකාව ගිලී ඇති බව වාර්තා වෙයි.


තවත් දරුවෙකු සිය මවට දන්වා ඇත්තේ “ඔබට ආදරේ යැයි කීමට තවත් අවස්ථාවක් මට ලැබේද යන්න සැක සහිත බවයි” මෙවැනි පණිවුඩ යවන දරුවන් මරණය පෙනි පෙනී ගත කළ පැය කිහිපය සියලු දෙනා තුළ බරපතළ කම්පාවක් ඇති කර ඇත.


යාත්‍රාවේ ගමන් කළ මගීන්ගෙන් 176 දෙනකු බේරා ගෙන ඇති අතර දැනට මළ සිරුරු 150ක් සොයාගෙන ඇත. ඉතිරි 150 දෙනාද මියගොස් ඇතැයි විශ්වාස කරනා බව ගලවාගැනීමේ කණ්ඩායම් නියෝජිතයෝ පවසති. 


නෞකාව වෙත කිමිදුන හමුදා කිමිදුම්කරුවන් පවසා ඇත්තේ නැව තුළ මළ සිරුරු තිබිය හැකි මුත් ඒවා ගොඩගැනීමට ඉතා අසීරු බවයි. නැව කෙලින් නොකොට එය තුළට යාම අනතුරුදායක බව ඔවුන් පවසා ඇත. ප්‍රචණ්ඩ මුහුදු රළ,සහ බොර පැහැ ජලය නිසා කිමිදීම ඉතා අසීරු බව ඔවුන් පවසා ඇත.

නෞකාවේ සාගර යෝග්‍යතාව දැඩි අභියෝගයකට ලක්ව ඇති අතර, එයට ලොයිඩ් වැනි ප්‍රකට රක්ෂණ සමාගමක රක්ෂණ ආවරණය නොතිබුන බවද වාර්තා වේ. නැවේ රක්ෂණය පිළිබඳ එහි හිමිකාර Chonghaejin සමාගම පැහැදිලි ප්‍රකාශයක් කර නැත. නමුත් ඔවුන් තම වබේ අඩවිය ඔස්සේ සිදුවීම ගැන කනස්සල්ල පළ කර ඇත.


එම සමාගමේ ප්‍රධාන නිලධාරීන්ට රටින් පිටව යාමද එරට අධිකරණය තහනම් කර ඇත. නෞකාවේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් මෙන්ම ඉන් බේරාගත් අයද ජින්ඩෝ දිවයිනේ ක්‍රීඩාගාරයක රදවා ඇති අතර ඔවුන් එරට රජයට සහ නෞකාව අයත් සමාගමට බරපතළ ලෙස විරෝධය පානා බව වාර්තා වෙයි. 


නෞකාවේ ගමන් ගත් පිරිසෙන් බහුතරය Dan wan උසස් පාස‍ලේ සිසුන් වන අතර එම පාස‍ලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා අනතුරින් දිවි බේරාගෙන ඇත. ජින්ඩෝ දිවයිනේ ක්‍රීඩාගාරයේ රඳවා සිටි ඔහු අනතුරින් මියගිය තමන්ගේ සිසුන් පිළිබඳ දැඩි ශෝකය වාවාගත නොහැකිව ක්‍රීඩාගාරය අසල ඇති ගසක එල්ලී දිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි.

සෙවොල් නෞකාව ගල්පරයක වැදී ගිලී යන්නට ඇති බව දැනටමත් සැක පළ කරන අතර එය ගොඩගෙන ඇතුළත ඇති මළ සිරුරු ඉවත් කර ගැනීමට තවත් සති 4-6ක් අතර ගත විය හැකි බව කිමිදුම් විශේෂඥයෝ පවසති.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
 
Related Posts with Thumbnails