Ads 468x60px

.

දිරිය දියණියක්‌! සෞඛ්‍යාරක්‌ෂිත නවතම නිපැයුමක්‌ ඉදිරිපත් කරයි


මදුරුවන් පලවා හරින සුවඳ කූරක්‌ 
ඖෂධීය වාෂ්ප තෛලයක්‌

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්කර ඩෙංගු මදුරුවන් පලවා හැරීම සඳහා නවතම වාෂ්ප තෛලයක්‌ නිෂ්පාදනය කර ඇති දිරිය දියණියක්‌ කෑගල්ලේ ඔලගමදී අපට හමු විය.

ඇය නමින් මධුෂානි විඡේතිලකය. ඇය දේවාලේගම මලියදේව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස්‌ පෙළ සඳහා කෑගල්ල බාලිකා මහා විද්‍යාලයට ඇතුළත්ව උසස්‌ පෙළ සාමාර්ථයෙන් පසු කැලණි විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධිය සඳහා පෙනී සිටියි. 


ඒ අතරම ඇය කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නි වේදන පිළිබඳ ඩිප්ලෝමා වක්‌ද, කොළඹ විශ්ව විද්‍යාලයේ කුඩා කර්මාන්ත කළමනාකරණය සම්බන්ධ ඩිප්ලෝමාවක්‌ද හදාරා ඇත. 

මෙම කළමනාකරණ ඩිප්ලෝමාව උපයෝගි කරගෙන හා විදාතා මධ්‍යස්‌ථානයෙන් ලබාගත් පුහුණුවද සමඟ මෙම මදුරු මර්දනය සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන ඇත.

ඇය පළමුවෙන්ම සුවඳ සඳුන්කූරු නිෂ්පාදනය කර පසුව මදුරුවන් පලවා හරින සුවඳ කූරක්‌ නිෂ්පාදනයකර ඇත. මෙම සුවඳ කූර පැය දෙකක්‌

දැල්වෙන අතර එහි සුවඳ පැය ගණනාවක්‌ පවතියි. 

මෙම සුවඳ කූරු හා හඳුන් කූරු දෙවර්ගය සාදනු ලබන්නේ පොල් ඉරටු උපයෝගී කරගෙනය. එමෙන්ම මදුරු මර්දනය සඳහාම භාවිතා කිරීමට සුදුසු සෞඛ්‍යයට හිතකර ඖෂධීය ශාකසාර 05 ක්‌ අඩංගුකර නිෂ්පාදනය කර ඇත.

මෙය දැනට විශාල හෝටල්වල පාවිච්චියට ගෙන ඇති අතර ඉතාමත් ජනප්‍රිය මදුරු මර්දනයක්‌ බවට පත්වී ඇත.

මේ සම්බන්ධව නිෂ්පාදක මධුෂාණි විඡේතිලක මෙනවිය පැවැසුවේ. මම 2012 දී විදාතා මධ්‍යස්‌ථානයේදී හඳුන්කූරු නිෂ්පාදනය ඉගෙන ගත්තා. ඉන්පසු මගේ දැනීම හා දෙමව්පියන්ගේ සහාය මත මදුරුවන් පලවා හැරීමට සුවඳ කූරුක්‌ නිෂ්පාදනය කළා. 


එයට පරිසර හිතකාමී ශාකසාර 5 ක්‌ අඩංගුකර ගත්තා. මේ සුවඳකූර පැය 2 ක්‌ දැල්වෙනවා. මෙම සුවඳ කූර නිෂ්පාදනය කර මදුරුවන් පළවා හැරියත් ඉන් තවත් අනිසි ප්‍රතිඵලයක්‌ ලැබෙන බව තේරුණා . සුවඳ කුරෙන් පසු අළු ඉතිරි වෙනවා. ඒවා පරිසරයට එකතු වෙනවා. 

නිවෙසද අපිරිසිදු වෙනවා. ඒ නිසා මෙම තෛලය නිෂ්පාදනය කළා. එහිද ඇත්තේ පරිසරයට හිතකාමී ඖෂධ වර්ග. ඉන් දුමක්‌ පමණයි එන්නේ ඒ නිසා පරිසරයට අළුවලින් සිදුවන විනාශය නැති වෙනවා. මැටි බඳුනක්‌ හෝ පෝච්චියක්‌ බඳේ හිලක සාදා ඉටි පහනක්‌ ඇතුළු කරනවා. 

එම ඉටි පහන දැල්වීමෙන් රත් දුමක්‌ නගිනවා. එම දුම මදුරුවන් පලවා හැරීමට උපයෝගී වෙනවා. මේ සඳහා විශේෂ මැටි බඳුන් අපිටම කියා සාදා ගන්නවා. මේ සඳහා පාවිච්චිය කරන ඉටි පහන්ද අපිම නිෂ්පාදනය කරනවා.

සහන දිගටම, පාවිච්චි කරන්න පුළුවන්. තෙල් පමණයි අවශ්‍ය වන්නේ. මෙම පහනක්‌ එක කාමරයක හෝ ශාලාවක තබා ගත්තාට ඉඩ පැතිර යන නිසා මදුරුවන් ඉවත් වෙනවා.

මේ සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පරිසර හිතකාමී සෞඛ්‍යාරක්‌ෂක බවට සහතික ලබාගෙන තිබෙනවා. එමෙන්ම මේ නිෂ්පාදනය සඳහා පේටන්ට්‌ බලපත්‍රයද ගෙන තිබෙනවා.

මෙම කුඩු හා තෙල් නිෂ්පාදනය මගින් 15 දෙනකුට පමණ රැකියා ලබාදී තිබෙනවා. මෙය ස්‌වයා රැකියාවන් බවට පත්කර ගන්න පුළුවන් බව ද පැවැසුවාය.
 
Related Posts with Thumbnails