Ads 468x60px

.

කටුගෙයි හොරකමේ ප්‍රධානියා "කන්ගැට්‌ටා" ඇල්ලු සුක්ෂම මෙහෙයුම දියත් කල හැටි..

කෞතුකාගාරය වහන වෙලාවේ කබඩ් එකක සැඟවී සිටියා. 

කවුරුත් දන්නේ නෑ මම සැඟවී සිටිනවා කියලා. මම රෑ වෙනකල් බිඩි බිබි සිටියා. 

පසුව මට ගෙනියන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන බෑගයට දමා ගත්තා...

රාජසිංහ රජුගේ ඔටුන්නයි සිංහාසනයයි ගෙනියන්නත් හිතුනා..

එදා සොරකම කළ දිනයේ තමාට යැයි කියා වාහනයක් තිබුණේ නම් රාජසිංහ රජතුමාගේ සිංහාසනයත්, ඔටුන්නත් රැගෙන යන බව ජාතික කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු, ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කන්ගැට්‌ටා’ දීර්ඝ ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කලා
.



පොලීසියට කට්ටි පනිමින් සිටි මෙම සැකකරු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මීගමුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි, ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කලා.

මීගමුවේ සංචාරක හෝටලයක

පෙදරේරුවෙක් ලෙස සේවය කරමින් සිටියදී ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව විවිධ තොරතුරු සඳහන් කරයි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර මාර්ගවලින් අනාවරණය වන ආකාරයට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව වෙරළේදීය.

පොලිස් කාන්තා නිලධාරිනියක් ලවා මෙහෙයවමින් සැකකරු මීගමුව වෙරළට ගෙන්වා ගෙන ඇති බව සඳහන්ය. දැඩි ස්ත්‍රී ලෝලියෙක් වන සැකකරු ‍පොලීසියේ මෙම උපක්‍රමයට හසුවී තිබේ. ‍


පොලිස් නිලධාරිනිය යොදා ඔහු සමග සම්බන්ධකම් පවත්වා ඇත්තේ ජංගම දුරකතනයෙන් බවත්, ඔහුගේ ජංගම දුරකතන අංකය සොයාගෙන ඇත්තේ දුරකතනජාල පරීක්ෂණයකින් අනතුරුව බවත් ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. 

තමා විසින් කෞතුකාගාරය සොරකම කළ බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පිළිගෙන තිබේ. කෞතුකාගාර සොරකම වන දිනවල මත්කුඩු පානයට අතේ මුදල් නොමැතිව ඒ මේ අත ඇවිද යමින් සිටියදී කෞතුකාගාරයට නිකමට ගොස් ඇතැයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

 “එදා මම කෞතුකාගාරයට ගියා ටිකට් එකක් අරගෙන. හැම තැනම ඇවිදින කොට තමයි බඩුවක් සොරකම් කරන්න හිතුණේ. ඒකේ ආරක්ෂාව අන්තිමයි. මම දැක්කා ආරක්ෂිත කැමරා තියනවා. මම ඒ වෙලාව් එතැන කෞතුක භාණ්ඩ පෙට්ටියක් අරිමිනුයි සිටියේ. 


කෞතුක භාණ්ඩ බලනවා වගෙයි ඒ පෙට්ටිය ඇරියේ. මම ගොඩක් වෙලා එතැන සිටියා. කවුරුත්ම ආරක්ෂකයෙක් මම පෙට්ටිය අරිනවා බලන්න ආවේ නෑ. ඒ නිසා මම හිතුවා කැමරා වැඩ කරන්නේ නෑ කියලා’

යැයි ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත. ඒ අනුව පසුදින සවස බිඩි 20ක් රැගෙන කෞතුකාගාරය නරඹන පුද්ගලයෙක් ලෙස මෙම පුද්ගලයා කෞතුකාගාරයට ඇතුල් වී ඇතැයි ‍පොලීසිය පවසයි.

ඔහු ඒ වන විට ගමන් මල්ලක් කරේ දමාගෙන පැමිණ ඇති අතර එය ඔහු යන යන තැන රැගෙන යන මල්ලක් බවද ‍පොලීසිය කියයි.

“මම කෞතුකාගාරයට එදත් සවස ගියේ ටිකට් එකක් අරන්. ඒ ගිහින් කෞතුක භාණ්ඩ බලනවා වගේ සිට කෞතුකාගාරය වහන වෙලාවේ කබඩ් එකක සැඟවී සිටියා. කවුරුත් දන්නේ නෑ මම සැඟවී සිටිනවා කියලා. මම රෑ වෙනකල් බිඩි බිබි සිටියා. 


පසුව මට ගෙනියන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන බෑගයට දමා ගත්තා. ඉන්පසුව මම ජනේලයක් ඇරගෙන බෑගයේ තිබුණු බෙඩ් සීට් එක ජනේ‍ලේ ගැටගහලා උඩ තට්ටුවෙන් බිමට බැහැලා ගියා.”

යැයිද අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඔහු කෞතුක භාණ්ඩ තිබූ වීදුරු ආවරණයක් විවෘත කර ඇත්තේ ඉස්කුරුප්පු නියනකින් අගුල පන්නා බව අනාවරණය වී ඇත. 


ඇතැම් කෞතුක භණ්ඩ ගමන් මල්‍ලේ දමා ගැනීමට නොහැකි වූ තැන ඒවා තලා කෑලිවලට කඩා ගමන් මල්‍ලේ දමාගෙන ඇති බව අනාවරණය වී තිබේ. කඩා දමා ගත් කෞතුක භාණ්ඩ අතර බස්තම් හා කඩු ද ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කරයි.

මෙම පුද්ගලයා කෞතුකාගාරය බිඳ ප්‍රධාන මාර්ගයට යන විට ඒ අසල ‍පොලිස් ජංගම රථයක් පවා තිබි ඇත. එහෙත් ඔහුව එම ජංගම රථයේ සිටි නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව නැති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ. 


ප්‍රධාන මාර්ගයේ තවත් තැනකදී ‍පොලිස් නිලධාරීන් පිරිසක් මොහුට හමුවී ඇතත් එතැනදීවත් තමාව පරීක්ෂාවට ලක්නොවූ බව සැකකරු ‍පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

කෞතුකාගාරයෙන් සොරකම් කළ භාණ්ඩ විකුණා ගත් මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇත්තේ කන්තාවන්ට බව හෙළි වී ඇත. කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් විවිධ පුවත්පත්වල හා දේශපාලනඥයන් පසුගිය දිනවල කළ ප්‍රකාශ දුටුවිට තමා ගැන සැකයක් කිසිවිටකත් ඇති නොවෙන බව සැකකරු සිතා ඇත. 


එහෙත් පිළියන්දල ‍පොලිසියට සොරා ගත් භාණ්ඩ කිහිපයක් හමුවී ඇති බව පුවත්පත්වල පළවී තිබෙනු දැක මෙම පුද්ගලයා උන්හිටි තැන්වලින් අතුරුදහන්ව අනියම් බිරින්දෑවරුන්ගේ නිවෙස්වල දින කිහිපයක් ගත කර ඇතැයි ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

බදුල්ල සහ ගල්ගමුව පිහිටි අනියම් බිරින්දෑවරුන්ගේ නිවාස දෙකකට ‍පොලිසිට කඩා පැන තිබුණි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟවී සිටි මෙම පුද්ගලයා පසුගිය කාලයේ මේ ආකාරයටම බොහෝ සොරකම් කර ඇති බව මේ වන විට හෙළි වෙමින් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අනුව මෙම හොරකම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

මොහු විසින් සොරාගන්නා ලද කෞතුක භාණ්ඩවලින් කොටසක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබුණු අතර, සෙසු භාණ්ඩ අලෙවි කළ ස්ථාන ගැන තොරතුරු හෙළි කරන බැවින් එම භාණ්ඩද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගොස් ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. කෞතුකාගාර සොරකමෙන් අනතුරුව ‍පොලීසියට කළ විමර්ශනවලින් සැකකරුගේ ඇඟිලි සලකුණු 16ක් සොයා ගෙන තිබේ.

එම ඇඟිලි සලකුණු මේ පුද්ගලයාගේ ඇඟිලි සලකුණු සමග සැසඳීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.මෙයට අමතරව මෙම පුද්ගලයා ඩී.එන්.ඒ. පරීක්ෂාවට ලක් කිරීමටද කටයුතු කරන බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
 
Related Posts with Thumbnails