Ads 468x60px

.

අන්තර්ජාලෙ නිසා වැඩේ අල වුනු මාලඹේ BMW නෝනාගේ මහත්තයාගෙන් වැඩේ ෂේප් කරගන්න ට්‍රැෆික් නිලධාරියාට බෝතල් පාටියක්


පසුගියදා මාළඹේ ස්ලිට් ආයතනය අසලදී මවිකිරිදෙමින් රථය පැදවීම නිසා පොලිස් අත්අඩංගුවට පත් කාන්තාව සම්බන්ධ විස්තරයේ වීඩියෝව අන්තර්ජාලයේ පළවීමේ පළමු සිද්ධියෙන් දින දෙකකට පසු ඇය අත්අඩංගුවට පත්වූ දෙවන සිදුවීමද මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. 

නමුත් මේ වනවිට එම කතාවට තවත් තුන්වන පරිච්ඡේදයක් එක්ව තිඛෙනවා. ඒ මේ කාන්තාවගේ සැමියා වැඩේ ෂේප් කරන්න පොලිසියට ගොස් පොලිස් නිලධාරීන් සමග මත්පැන් සාදයක් දැමීම නිසා දැන් උද්ගතව ඇති තත්වයයි.

මෙය නිසා මේ වනවිට තලංගම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් උසස් නිලධාරීන් විසින් විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවටද අභ්‍යන්තර තොරතුරු හෙළි වනවා.


වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.


මව් කිරිදෙමින් රථය පැදවූ කාන්තාව පොලිස් සෝදිසියට පත්වූ අවස්ථාවේ ඇය දඩ කොළය ලියනවාට අකමැතිවී වාද කර පසුව පොලිස් නිලධාරියෙකුගේ හිස්වැස්මක් හා ලිපිලේඛන රැගෙන නිවසට ගිය පසු ඇගේ සැමියා ඇය සිදු කරන ලද ක්‍රියාවේ බරපතලකම ගැන තැතිගැන්මට පත්ව තිඛෙනවා.

වෘත්තියෙන් කොන්ත්‍රාත් සමාගමක හිමිකරුවෙකුවූ ඔහු මෙහි නීතිමය වරද ගැන කාන්තාව දැනුවත් නොවීම ගැන පුදුම වී නැත්තේ ඇය මන්ද මානසික රෝගයකට ඒ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටි නිසාය.

එදින රාත්‍රියේම ඇගේ වෛද්‍ය වාර්තා සහ පොලිස් නිලධාරීන්ගෙන් ඇය රැගෙන ආ දේවල්ද රැගෙන තලංගම පොලිසියට ගොස් එහි ස්ථානාධිපති වරයා මුණගැසෙන ඔහු බිරිඳගේ මානසික තත්ත්වය ගැන පැහැදිලි කර ඇත. මෙම වරද වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් සමාව අයැද සිටි ඔහු නැවත එවැන්නක් නොකරන බවට පොරොන්දුවී ඇත.

ඒ වනවිට පොලිස් නිලධාරීන්ගේ උපකරණ සොරාගැනීමේ සිද්ධිය පොලිස් පොතේ ලිඛිතව සටහන්ව තිබීම නිසා මෙය ගොඩින් බේරෙන්නට බැරි උසාවි දමන්නට සිදුවන වරදක්වී හමාරවී තිබුණි. 


පොලිස් ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන් කැඳවා ඒ සම්බන්ධයෙන් බිරිඳ වෙනුවෙන් සැමියා කරනු ලබන ආයාචනයට සමථයට පත්විය හැකිදැයි විමසා ඇත.

ඔවුන් කථාබස් කර පසුව තීරණය කර ඇත්තේ එය සමථයකට පත් කරගන්න කැමති බවටයි. මෙම තීරණය නිසා සතුටට පත් ව්‍යාපාරික සැමියා සිය සතුට වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාට තමා සමග මත්පැන් වීදුරුවක් තොල ගාන්නට ආරාධනාවක්ද කළ බව වාර්තා වනවා.

ඒ ආරාධනාව දෙදෙනාටම කළත් ව්‍යාපාරිකයා සමග ඒ කටයුත්තට එක් නිලධාරියෙක් පමණක් සහභාගීවූ බව වාර්තා වුණා.

තලවතුගොඩ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක පැය කිහිපයක් ගතකර ඔවුන් රුපියල් 35000 ක බිලකට වගකියා ඇති බවද පසුව වාර්තා වුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය එතැනින් හමාර වන්නට ඉඩ තබා නොතිබුනේ අන්තර්ජාලයට එක්වූ වීඩියෝ ක්ලිප් එක නිසාය. 


සමාජ ජාලවල මෙම වීඩියෝව සැරිසැරීම හේතුකොටගෙන උසස් නිලධාරීන්ගේද අවධානය මෙම සිද්ධිය කෙරෙහි යොමුවූ අතර ඒ ගැන ස්ථානාධිපතිවරයා විමසා ඇතිබවද පැවසුණා.

ඒ වනවිටත් වසා තිබුණ පරිච්ඡේදය නැවත ඇර කාන්තාව අත්අඩංගුවට ගන්නට ඒ අනුව පොලිසියට සිදුවුණා. සිද්ධිය යට ගැසීම ගැන තලංගම පොලිස් නිලධාරීන්ට ඉදිරියේද ගැටලූ මතුවිය හැකි බවටද දැන් වාර්තා වනවා.
 
Related Posts with Thumbnails