Ads 468x60px

.

මෙවර නත්තලට මිලියන 150ක් වටිනා නත්තල් ගහක්

නත්තල් සමය එළැඹෙත්ම මුළු ලොවම උත්සව අසිරිය සැමරීමට සූදානම් වේ. විවිධ නත්තල් සැරසිලි අතුරින් නත්තල් ගස් සඳහා ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.මෙලෙස සැරසුනු විශේෂ නත්තල් ගසක් පිලිබඳව ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වේ.ටෝකියෝ වේ ප‍්‍රසිද්ධ ස්වර්ණාභාරණ අලෙවි සමාගමක් වන ගින්සා තනකා සමාගමේ ප‍්‍රදර්ශනය කර ඇති මෙම නත්තල් ගස සම්පූර්ණයෙන්රනින් නිමවූවකි.අඩි 8ක් උසැති මෙම ගස නිර්මාණය කිරීමට රන් කිලෝග‍්‍රෑම් 12 යොදාගෙන තිබෙන අතර, මෙම ගස මල්, හදවත් හැඩ හා පීත්ත යොදාගෙන සරසා ඇත.
රන් වල වත්මන් මිල අනුව මෙම ගසේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 700,000 ක් වුවද, ගින්සා තනකා සමාගමේ අලෙවිකරණ අංශයේ සාමාන්‍යාධිකාරී නඔතෝ මිසුකි මහතා පවසා ඇත්තේ මෙම නිර්මාණය නිම කිරීමට ගත වූ කාලය හා සැසඳීමේදී එහි වටිනාකම යෙන් මිලියන 150ක් (ඇමෙරිකානු ඩොලර් 2කට ආසන්න) වන බවයි.

 
Related Posts with Thumbnails