Ads 468x60px

.

රූකා - ලේකා Music වලට දුන් දායාදය

අම්මාගේත් , තාත්තාගේත් අඩිපාරේ යමින්, ඔවුන්ගේ අත්දැකීම් වලිනුත් පන්නරය ලබා, ඒත් තමුන්ටම ආවේණික ශෛලියක් ගොඩනගා ගන්නා අපේ පරම්පරාවේ ගායිකාවක් හැටියටයි රයිනි චාරුකා ගුණතිලක අපේ මතකයේ රැඳී ඉන්නේ. රූකාන්ත - චන්ද්‍රලේකා මේ රටේ Music වලට ලබා දුන් දායාදයන් අතර වටිනා ම සම්පත රයිනි වැනි දක්ෂ ගායිකාවක් බිහිකිරීම කියලා කිව්වොත් එහි වරදක් නැහැ. 

කුඩා කාලයේ ඉඳලම දෙමාපියන් සමග කලා කටයුතු වලට සම්බන්ධ වුණත් , රයනිව අපට වඩාත් ම සමීප වුණේ “නීල කඳුගැටේ“ ගීතයෙන්. රයිනි , චින්තිත් එක්ක ගායනා කළ “තරු මිණි“ song එකත් Hit වුණා. ගායනයට විතරක් නෙවෙයි, රයිනි රඟපෑමටත් දක්ෂ බව එයා රඟපෑ පලවෙනි film එකෙන් ම ඔප්පු කළා. “සිංහාවලෝකනය“ රයිනිගේ පළවෙනි සිනමා රංගනයයි. ඒත් රයිනි වේදිකා රංගනයට නම් අලුත් කෙනෙක් නෙවෙයි. පාසලේ දී ම The Lobster Quadrille, West Side Story, Don’t Call Me Woman, Wicked, The Lion King, The Nativity වගේ වේදිකා නාට්‍ය රැසකට රයිනි රංගනයෙන් එක් වුණා. ඒ වගේම Prima, Damro, X-Tra, Kicks, Wrigleys, Lotus, Lanka Soy, Munchee, Nivaaran, Indra Traders වගේ වෙළඳ දැන්වීම් වලට පසුම් හඬ සපයන්නටත් රයිනිට හැකි වුණා.

කලා ලොවේ ඉහලින් ම වැජඹෙන රයිනිගේ අනාගත සිහිනය නම් ටිකක් විතර අමුතු එකක්. ඇගේ බලාපොරොත්තුව Commercial Pilot කෙනෙක් වීමයි. ඇය මේ වන විටත් ඒ ගැන අධ්‍යාපනය ලබමින් ඉන්නවා. ඒ සියල්ල අතරේ ගායනයට, රංගනයට සුළුවෙන් හෝ කාලය යොදවන්න ඇය අමතක කරන්නේත් නැහැ.රයිනිට කලා ලොවේ දිගු ගමනක් යන්නට ලැබේවා කියලා අපි සුබ පතමු.
 
Related Posts with Thumbnails