Ads 468x60px

.

මස්‌සිනා බිරිඳගේ නැගණිය ගණිකාවක් කරයි..

වෑන් රථය හා රියෑදුරු සමඟ දැරිය ද අත්අඩංගුවට...

සොහොයුරියගේ සැමියා පලා යි...

තම බිරිඳගේ 14 හැවිරිදි නැගණිය ගණිකා සේවයේ යෙදවූ මස්‌සිනා සොයා අතුරුගිරිය පොලිසිය මෙහෙයුමක්‌ දියත් කර ඇත.

හිනිදුම ප්‍රදේශයේ පදිංචිකාරියක වන එම බාලවයස්‌කාර දැරිය මාලබේ පිට්‌ටුගල ප්‍රදේශයේ වෑන් රථයක්‌ තුළ ගණිකා සේවයේ යොදවා සිටියදී අතුරුගිරිය පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත වෑන් රථය හා එහි රියෑදුරු සමඟ එම දැරිය ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සිද්ධිය වූ ස්‌ථානය වටලන අවස්‌ථාවේ එම කටයුතු මෙහෙය වූ දැරියගේ වැඩිමල් සොහොයුරියගේ සැමියා පලාගොස්‌ තිබේ.

පිළියන්දල පදිංචිව සිටින සිය වැඩිමහල් සොහොයුරිගේ නිවසට මෑතකදී පැමිණ ඇති ඇය, ඔවුන්ගේ අනුදැනුම ඇතිව මස්‌සිනාගේ උපදෙස්‌ මත තමන් ගණිකා සේවයේ යෙදුනු බව අනාවරණය වී   තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ පොලිසිය දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකරවීමට කටයුතු කිරීමේදී ඇගේ මව ඊට විරෝධය දැක්‌වීම නිසා අධිකරණ නියෝග මත එම කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇත.

එම දැරිය මෙයට කලකට පෙර හිනිදුම ප්‍රදේශයේදී ලිංගික අතවරයකට ලක්‌වී තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන තිබෙන බව අතුරුගිරිය පොලිසිය පවසයි.

අතුරුගිරිය ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල සේනානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ මෙහෙයවයි.
 
Related Posts with Thumbnails