Ads 468x60px

.

ගයාතී‍්‍ර හා නයනා "ඒෂියා ටුඩේ" ප්‍රදර්ශනයට ගිය අවස්ථාව

නයනා එක්ක තියෙන්නේ ආත්ම ගානක බැඳීමක්...ගයාතී‍්‍ර

මම ඉස්සර හැමදාම උදේට උගුර ලූනු වතුර දාලා හෝදනවා...

පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැති ජාත්‍යන්තර ජායාරූප හා වෙළෙඳ දැන්වීම්කරණය පිළිබඳ "ඒෂියා ටුඩේ" ප‍්‍රදර්ශනය නැරඹීමට ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු වන නයනා කුමාරි හා ගයාතී‍්‍ර ඩයස් සහභාගිවී තිබුණා.


මීට පෙර ගයාතී‍්‍ර විසින් ඇය ගැන පවසා තිබුනේ "සමහරු කියනවා මම රානි මුඛර්ජි වගේලූ (සිනාසෙමින්) ඒකනම් දන්නෙ නැහැ. ඒත් කටහඬ නම් ඒ වගේ කියලා කියනවා.

ඉස්සරනම් හුඟක් අය මගේ කටහඩ කැතයි කියනවා. බෙලෙක් සවුන්ඩ් එකක් කියනවා. මම ඉස්සර හැමදාම උදේට උගුර ලූනු වතුර දාලා හෝදනවා. පස්සේ මේ සවුන්ඩ් එකට හැමෝම කැමතියි" ලෙසයි.

ගයාතී‍්‍ර විසින් නයනා ගැන පවසා තිබුනේ "නයනා එක්ක තියෙන්නේ ආත්ම ගානක බැඳීමක් කියලා මට හිතෙනවා. අපේ යාළුකමට අවුරුදු 15 ක් විතර වෙනවා. නයනා මගේ හිතට හයියක් වුන අවස්ථා බොහොමයි." ලෙසයි.

නමුත් පසුගිය කාලයේදී ගයාතී‍්‍ර හා නයනා අතර විරසක කමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තාවී තිබුණද "ඒෂියා ටුඩේ" ප‍්‍රදර්ශනය නැරඹීමට එක්ව යාම නිසා එම විරසකය අහවර වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

එම ප්‍රදර්ශනය ජූලි 27 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවති අතර එහි දෙවැනි අදියර මේ වසරේ ඔක්තෝබර් 19 වැනිදා සිට 21 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

ගයාතී‍්‍ර හා නයනා "ඒෂියා ටුඩේ" ප්‍රදර්ශනය ගිය අවස්ථාවේ චෙන්නායි නුවරදී ගත් ජායාරූප එකතුවක් පහතින්.












 
Related Posts with Thumbnails