Ads 468x60px

.

ඔලිම්පික් උළෙල හඳුනා නොගත් අභිරහස් කාන්තාව හඳුනා ගනී

මෙම කාන්තාව සමාරම්භක උලෙළේ නර්තන ශිල්පිනියක වූ මධුර නාගේන්ද්‍රයි...

ඔලිම්පික් උළෙල නියෝජනය කරන රටවල ක්‍රීඩා කණ්ඩායම් වලට, නිලධාරීන්ට සහ වෙනත් අවසරලත් පුද්ගලයන්ට පමණක් ගමන් කල හැකි ජාතීන්ගේ පෙළපාළියට කිසිඳු අනන්‍යතාවයක් තහවුරු කරගත නොහැකි කාන්තාවක් ඇතුළු වුයේ කෙසේද? යන්න ඔලිම්පික් සංවිධායකයන්ට, ඉන්දීය බලධාරීන්ට, පමණක් නොව මුළු ලෝකයටම විශාල අභිරහසක් විය.


හඳුනා නොගත් කාන්තාවගේ සිද්ධියෙන් වඩාත්ම කෝපයට පත්වුයේ ඉන්දියාවයි. ආගන්තුක කාන්තාවකට කිසිඳු බාධාවකින් තොරව තම ක්‍රීඩා කණ්ඩායම අසලට පැමිණීමට හැකිවීම ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තර්ජනයක් බව ඉන්දියාව දැඩි ලෙස අවධාරණය කළේය. 


දකුණු ආසියානු කලාපයේ පමණක් නොව සෙසු ලෝකය තුලත් බලවතකු ලෙසින් සැලකෙන ඉන්දියාව ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයන් 40 දෙනෙකු සහ නිලධාරීන් 11 දෙනෙකු සහභාගි කර සිටි අතර, පෙළපාලියේදී ඉන්දීය ධජය රැගෙන ගියේ මල්ලවපොර ශුරයකු වන සුසින් කුමාර් ය. අභිරහස් කාන්තාව ගමන් කලේ සුසිල් කුමාර්ට සමිපවය. 




ඉන්දීය කණ්ඩායමේ පිරිමි සාමාජිකයන් නිල පැහැති කබායකින් සහ තලප්පාවකින් සැරසී සිටි අතර,කාන්තාව සැරසී සිටියේ කහ පැහැති සාරියකිනි. මේ කණ්ඩායම සමග ගමන් කල රතු පැහැති බ්ලවිසයක් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සැරසුණු අභිරහස් කාන්තාව සියලු දෙන අතුරින් හොඳින් කැපී පෙනුන අතර, සමාරම්භක උළෙල රුපවාහිනිය හරහා නරඹමින් සිටි බිලියන ගණනක් වූ ක්‍රීඩා ලෝලීන්ට අගේ අනන්‍යතාවය මහත් ප්‍රහේලිකාවක් විය. 

"ඒ කාන්තාව අපේ කණ්ඩායම සමග ගමන් කරන්න කිසිඳු හේතුවක් නැහැ. මේක අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂව සම්බන්ධ බරපතල ගැටළුවක්" යනුවෙන් පැවසුවේ ඉන්දීය කණ්ඩායම භාර ප්‍රධාන නිලධාරී බ්‍රිගේඩියර් පි .කේ . මුරලිදරන් රාජා ය. කෙසේ වෙතත් ලොව කුතුහලයට ලක් කල. අභිරහස් කාන්තාවගේ අනන්‍යතාවය සොයාගත් බව ඊයේ ලන්ඩන් ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය.


ලන්ඩන් උලෙළේ සංවිධායකයන් පවසන ආකාරයට ඇය සමාරම්භක උලෙළේ නර්තන අංශයට සහභාගී වූ ස්වෙච්චා සේවිකාවකි. 


"මේ සිද්ධිය ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂාවට තජනයන් වුනේ නත්තත් අපි මේ ගැන වැඩිදුරටත් සොයා බලනවා" යනුවෙන් ලන්ඩන් කමිටුව නිකුත් කල නිවේදනයක දැක්වේ. 


අභිරහස් කාන්තාවගේ නම හෙළිදරවු කිරීම ලන්ඩන් කමිටුව ප්‍රතික්ෂේප කලත්, "ද ඩෙකෑන් ක්‍රෝනිකල්" පුවත්පත පවසන්නේ මෙම කාන්තාව සමාරම්භක උලෙළේ නර්තන ශිල්පිනියක වූ මධුර නාගේන්ද්‍ර බවයි. දකුණු ඉන්දීය නගරයක් වූ බන්ගලොරයේ තරුණියක වන නාගේන්ද්‍ර උපාධි අපේක්ෂිකාවකි. 


දැනට ලන්ඩනයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාදියක් හදාරන නාගේන්ද්‍ර සමාරම්භක උළෙල සඳහා තෝරාගත් 10,000 ක් පමණ වන ස්වෙච්චා සේවකයන්ගෙන් කෙනෙකු වන බවද එම පුවත්පත අනාවරණය කරයි. ඇය ඉන්දීය කොඩිය රැගෙන ගිය සුසිල් කුමාර් අසලට ළඟා වී ඇත්තේ තම නර්තන අංගය ආරම්භ වීමට සුළු වෙලාවකට කලිනි. 


නාගේන්ද්‍ර ගේ මේ අනවසර ඇතුළුවීම ගැන අදහස් දක්වන ලන්ඩන් ඔලිම්පික් කමිටුවේ ප්‍රධානි සෙබස්තියන් කෝඒ පවසන්නේ මෙම තරුණිය ඒ අවස්ථාවේ ඇතිවූ අධික සතුට හේතුවෙන් පෙළපාලියට සම්බන්ධ වුවා මිසක් ඇය ආරක්ෂාවට තර්ජනයක් නොවූ බවයි.
මේ අතර තම දියණියගේ අනවසර ඇතුළුවීම සාධාරණිකරණය නාගේන්ද්‍ර ගේ පියා කේ. එල්. නාගේන්ද්‍ර පවසන්නේ මෙම ජාතීන්ගේ පෙළපාලිය සමග ගමන් ගන්නා ලෙසට තම දියණියට දැනුම් දී තිබු බවයි. 


"මගේ දුව කිසිම වැරද්දක් කලෙත් නැහැ.... කිසිම නීතියක් කැඩුවෙත් නැහැ" නාගේන්ද්‍ර මහතා ඩෙකෑන් ක්‍රෝනිකල් පුවත්පතට පවසා ඇත.
"ඇය සමාරම්භක උලෙළේ නර්තන ශිල්පිනියක ලෙසින් කටයුතු කළා. පස්සේ එයට සංවිධායක මණ්ඩලයේ කෙනෙක් කියල තියෙනවා ඉන්දීය කණ්ඩායමත් සමග එකට ගමන් කරන්න කියල." ඔහු පවසයි. 


තම දියණියගේ සිද්ධ්ය සම්බන්ධයෙන් මාධ්‍යවලින් ලැබෙන අවධානය මගහැරීමට නාගේන්ද්‍ර පවුල මේ වන විට බැංගලෝරයේ බනෂන්කාරී ප්‍රදේශයේ පිහිටි නිවෙස අතහැර වෙනත් ස්ථානයකට ගොස් ඇති බව ඩෙකෑන් ක්‍රෝනිකල් පුවත්පත වාර්තා කරයි. 


මෙම සිදුවීම පිලිබඳ දැඩි අවධානයක් යොමුකොට ඇති ඉන්දියාව මේ ගැන ඔලිම්පික් කමිටුව ලජ්ජාවට පත්විය යුතු බවද පවසා ඇත. 


එහෙත් අන්තර්ජාලයේ බ්ලොග් සටහන්කරුවන් පවසන්නේ මෙය ආරක්ෂාවට තර්ජනයක් වුවත්, මිට වැඩ ලැජ්ජාවට කරුණු ඉන්දියාවට තිබෙන බවයි. 


"බිලියන 1.2 ක ජනගහනයක් ඉන්න ඉන්දියාව වසර 112 ක කාලයක් තිස්සේ ඔලින්පික් උළෙලට තරඟ කරනවා. එත් මේ දක්වා ඔවුන් දිනාගෙන තියෙන්නේ ඇමරිකාවේ මයිකල් පෙල්ප්ස් තනියම දිනාගත්ත පදක්කම් සංඛ්‍යාවට වඩා හතරක් වැඩියෙන් විතරයි. එතකොට එක ලැජ්ජාවක් නෙමෙයිද?"
යනුවෙන් ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රශ්න කරති. 

 
Related Posts with Thumbnails