Ads 468x60px

.

අමාරුවෙන් ගොඩනඟාගත් චරිතෙ ඝාතනය කරන්න එපා - කමල් අද්දරආරච්චි

මම එවැනි දේකට සම්බන්ධ වෙන්න වුවමනා කෙනෙක් නෙවේ...

මම මේ ඉන්නෙ. මට පුළුවන්ද එහෙනම් ඔයත් එක්ක මෙහෙම කතා කරන්න...

මම කරන්නෙ මේ රටට කලාවට සේවයක්. ඒ නිසා මේ කතා තනිකරම මඩ ප්‍රචාරයක්...

ප්‍රතිභාපූර්ණ රංගධරයකු වූ කමල් අද්දරආරච්චි පොලිස් අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බවට නොයෙක් මාධ්‍ය වාර්තා පළවිය. මේ පිළිබඳව කමල් අද්දරආරච්චිගෙන් අපි තොරතුරු විමසීමු.

මේ ගණිකා මඩම සම්බන්ධයෙන් කමල් දැක්වූ අදහස් 



මොකක්ද කමල් මේ ඇතිවුණා කියන තත්ත්වය ?
බොරු කතාවක්නෙ. මේ මිනිස්සුන්ට මඩ ගහන්න එක මාධ්‍ය අ‍ායතන සමහරක් එකතුවෙලා කරන බාල වැඩ. මේ කරන චෝදනාවලට කිසිම පදනමක් නැහැ.

ඒ කියන්නෙ ඔබ තායි ගණිකාවන් යොදාගෙන එවැනි ව්‍යාපාරයක් කළේ නැහැ කියන එක?
නැහැ. මම එවැනි දේකට සම්බන්ධ වෙන්න වුවමනා කෙනෙක් නෙවේ. කොටින්ම අද විකාශය කරන මෙගා ටෙලිනාට්‍යකටවත්, නිකං බාල ගණයේ නිර්මාණයකටවත් මම දායක වෙන්නෙ නැහැ. මොකද මම මේ රටේ හොඳ නමක් දිනාගෙන ඉන්න නළුවෙක්. මෙවැනි තත්ත්වයක් රඳවාගෙන මම කරන්නෙ මේ රටට කලාවට සේවයක්. ඒ නිසා මේ කතා තනිකරම මඩ ප්‍රචාරයක්.

එහෙනම් පුවත් පත්වල තිබුණේ ගණිකා නිවසක් වටලයි. හිමිකරු නළුවා පැනයයි කියලා ? 

මම මේ ඉන්නෙ. මට පුළුවන්ද එහෙනම් ඔයත් එක්ක මෙහෙම කතා කරන්න.

හරි එහෙනම් වෙච්ච දේ කියන්න.
ඔය කියන ස්ථානය මගේ හොඳම මිතුරෙකුගෙ. මේක ගණිකා නිවාසයක් නෙවේ. සම්බාහන මධ්‍යස්ථානයක්. එතන සේවයට තායිලන්ත කාන්තාවන් දෙදෙනෙකුත් ඇවිත් ඉන්නවා. ඔවුන් බටහිර සම්බාහන ක්‍රම ගැන මනා පළපුරුද්දක් ඇති අය.

ඉතින් ඔබ කොහොමද මේ කතාවට ඈඳුනේ ?
ඒක තමයි කියන්නෙ. මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා මගේ යාළුවගෙන්. මේ ව්‍යාපාරික ස්ථානයට පොලිසියෙන් ඇවිත් පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් හොඳම යාළුවට කරදරයක් වුණාම අපි බලන්නෙ නැද්ද ? යනවනෙ. මම එතනට ගියා. ඒ ගියේ මගේ වයිෆ් එක්ක. මොකද ටෙලිෆෝන් කෝල් එක එන වෙලාවෙත් මම මගේ වයිෆ් එක්ක දරුවත් දමාගෙන කාර්එකේ ගමනක් යන ගමන් හිටියේ. මම එතනට ගියා. ඒ යනවිට පොලිසියෙන් එතන හිටියා.

මම කාර් එක පාක් කරලා බැහැලා ගිහින් පොලිසියෙන් ඇහුවා ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඉතින් පොලිසියෙන් මට කීවා ලැබුණ පැමිණිල්ලක් අනුව පරීක්‍ෂා කළා කියලා.

ඉතින් ඔබ එහිදී අත්අඩංගුවට ගත්තද?
එහෙම දෙයක් වුණේ නැහැ. මම ඒ පොලිස් නිලධාරීන්ට කීවා ඔය කියන විදියේ අයථා කිසිදු දෙයක් මෙතන වෙන්නේ නැහැ, මේ සම්බාහන මධ්‍යස්ථානයක්. මෙය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව සිදුකරන ජනතා සේවයක් කියලා.

හොඳයි මේ සම්භාහන මධ්‍යස්ථානයෙන් ඔබ සේවය ලබාගන්න කෙනෙක්ද?
ඔව්. මමත් මේ ස්ථානයෙන් සේවය ලබාගන්න කෙනෙක්. හැබැයි ඒ හැම අවස්ථාවකම මම යන්නෙ මගේ බිරිඳත් එක්ක. ඉතින් ඔය කියන විදියේ නීතිවිරෝධී කටයුතු සිද්ධවෙනවානම් මම මගේ බිරිඳත් එක්ක යයිද?

එහෙමනම් මෙවැනි දූෂමාන ප්‍රචාරයන් යන්න හේතුව කුමක් කියලද ඔබ හිතන්නෙ?
මේ සමහර ජාවාරම්කාරයෝ ඉන්නවා. මේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ඔය වගේ නීතිවිරෝධී වැඩ කරන. ඒ අයට මේ සම්බාහන මධ්‍යස්ථානයට එන ගනුදෙනුකරුවන් ගැන ඒ ආයතනය ලබාගෙන තියෙන විශ්වාසය ගැන දරන්න බැරි ඊර්ෂ්‍යාවන් තියෙනවා. ඉතින් මේ අය මගේ හිතවතාට නොයෙක් නොයෙක් කරදර කරල තිබුණා. ඒ වුවත් නීතිගරුකව පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රචාරය ලබාදී මේ ව්‍යාපාරික ස්ථානය ඔහු දිනෙන් දින දියුණු කර ගත්තා. එය දරන්න බැරි අයගෙ බොරු මඩ ප්‍රචාර මේවා. ඒත් මට කනගාටු විශාල වගකීමකින් කළ යුතු මාධ්‍ය වාර්තාවන්, කෙනෙකුගෙ ආත්මය විනාශ කරන්න යොදාගැනීම ගැනයි.

ඔබ දුක් මහන්සියෙන් ගොඩනගා ගත් ජනප්‍රියත්වයට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න පුළුවන්නෙ දැන් ඔබ නිවැරදිනම් ?
මම තවම මේ ගැන හිතුවෙ නැහැ. නීති උපදෙස් පතන්න පුළුවන් මිනිසෙකුට හිමිකම් තියෙනවා. මානව හිමිකම් තියෙනවා. උසාවි තියෙනවා සාධාරණත්වය ඉෂ්ඨ කරගන්න. ඒ සඳහා මට යන්න වුණොත් පැකිලෙන්නෙ නැහැ. මම නීති උපදෙස් පතනවා. බලන්නකො ඒ තරම් දුරට යන්න ඕනැ නැහැනෙ. මේ ගැන මගෙන් අහලා මේක ඇත්තද, බොරුද කියල තේරුම් බේරුම් කරගෙන මේ දේ කළානම් හරිම සරලයි වැඩේ.

අපි කොතරම් මාධ්‍යයට ගරු කරනවද වගකීමක් ඇති ගෞරවනීය තැනක්නෙ මාධ්‍ය කියන්නෙ. මේ වගේ අසත්‍ය ප්‍රචාර දාලා මිනිසුන් මුලා කිරීම මොනතරම් මානසික පීඩනයක්ද? මිනිස්සුන්ට තලු මරන්න මේ වගේ් ප්‍රවෘත්ති පළකිරීම කලාකරුවන්ට කරන නිගාවක්.

මිනිස්සුන්ගෙ අවශ්‍යතා සපුරනවා වගේම මිනිස්සුන්ගෙ මනසත් හදන්න ඕනෑ. මිනිස්සුන්ට හිතන්න පුළුවන් විදියේ පසුබිමක් නිර්මාණය කරන්න ඕනෑ කලාකරුවකුගෙ වගකීමක් ඒක, පුද්ගල පරිකල්පනය ඇති කරන එක. මගේ කාර්යය ඒක. ජනතා හිතවාදී කලාකරුවෙක් කියන්නෙ ඒ වගේ කෙනෙකුට.

සම්බාහන මධ්‍යස්ථානවලට තියෙන්නෙ කළු ලේබලයක් අපේ රටේ. ඔබට හිතෙන්නෙ නැද්ද මේවා අපේ රටට සංස්කෘතියට ගැලපෙන්නෙ නැහැ. ඉවත් කළ යුතුයි කියල
එහෙම කළ යුතු නැහැ. මෙවැනි ප්‍රතිකාර ක්‍රම ලෝකයේ ජනප්‍රියයි. අනෙක එයින් ලැබෙන ප්‍රතිඵල ඉතා අනර්ඝයි. හිතන්න කොණ්ඩෙ යන කෙනෙකුගෙ හිසට තෙල් දානවා කියල නමුත් ඒක නවත්තන්න නම් කළ යුත්තේ සම්බාහන ප්‍රතිකාරයි.

ඒ නිසා මේවා ඉවත් කිරීම නෙවෙයි; විධිමත්ව පවත්වාගෙන යාමයි කළ යුත්තෙ. මෙය අද ලෝකයේ තියෙන ඉතා නවීන ශරීර උත්තේජන ප්‍රතිකාර ක්‍රමයක්.

හොඳයි ඔබ ලබා ඇති ජනප්‍රියත්වය සමඟ සැසඳීමේදී මෙය ඉතා බරපතළ මානසික පීඩාවක්. මොකක්ද ඔබට මේ සම්බන්ධයෙන් අන්තිමට කියන්න තියෙන්නෙ
හරිහැටි කරුණු වටහා ගන්නේ නැතිව කිසිදු පදනමක් නැතිව කරුණු වාර්තා කරපු එක නිසා තමයි මෙවැනි මානසික කඩාවැටීමක් සිත් තැවුලක් මට ඇතිවුණේ. කරුණු හරිහැටි අවබෝධ කරගෙන වාර්තාකරණයේ යෙදෙනවා නම් ඒක රටටත් අප වැනි කලාකරුවන්ටත් විශාල අස්වැසිල්ලක්. මගෙන් අහන්නේ නැතිව කළ වාර්තා කරණයක් නිසා මේ සිද්ධියට මගේ සම්බන්ධයක් නැහැ. එයයි මෙහි ඇත්ත තත්ත්වය.

ඔබ කලා ක්ෂේත්‍රයේ දැන් දකින්න නැතිම තරම්. ඇයි ඒ.
ප්‍රතිපත්තියක් විදියට මම මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැහැ. අනෙක බාල වර්ගයේ පිටපත් මම කොහොමත් ප්‍රතික්ෂේප කරනවා. දායක වෙන්න තරම් හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. ඒ නිසා මම වැඩිය ක්ෂේත්‍රයේ දකින්න නැහැ.

ඔබ දායක වුණු නිර්මාණවලින් ඉදිරියේදී දකින්නට පුළුවන් නිර්මාණ මොනවද ?
මම ප්‍රධාන චරිතය රඟපාන ‘කලර්’ නමැති චිත්‍රපටය ඉතා මෑතක ප්‍රදර්ශනය වෙනවා. එහි මම චිත්‍ර ශිල්පියෙක් හැටියටයි රඟපාන්නේ. බොහොම අනුවේදනීය කතාවක්. එය ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලබයි කියල මම හිතනවා.

චිත්‍රපට කර්මාන්තය අද බොහෝ ලාබ උපයන මට්ටමකට ඇවිත් කියලයි ක්ෂෙත්‍රයේ අය කියන්නෙ. ඔබ මේකට එකඟද?
ඇත්තටම ඓතිහාසික කතා තේමා කරගත් චිත්‍රපටවල ආදායම් ඉතා ඉහළයි. ආදායම ඉහළයි කියන්නෙ චිත්‍රපට ශාලාවලට ප්‍රේක්ෂකයන් එනවා කියන එක. එය කර්මාන්තයේ දියුණුවට හොඳ තත්ත්වයක්.

ප්‍රේක්ෂකයන් ශාලාවලට ඇදී ඒමෙන් කර්මාන්තය දියුණුයි කියල හිතන්න බැහැ නේද?
ඇත්තටම එහෙම හිතන්න බැහැ. අද හොඳ නළු නිළියො අධ්‍යක්‍ෂවරු ඉන්නවා. නමුත් ඒ හිටියා කියල කර්මාන්තය දියුණු කරන්නනම් හොඳ තාක්ෂණය ඉහළ පහසුකම් ඇති චිත්‍රපට ශාලා බිහිවෙන්න ඕනෑ.



 
Related Posts with Thumbnails