ආදරේදී තුන් වතාවක් වැරදුනා...
විවාහයක් කියන්නේ බොහොම කල්පනාවෙන් සිදුවියයුතු දෙයක්..
2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා.
සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ.
පසුගිය ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.
නමුත් මේ සතිඅන්තයේ පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.
කීපදෙනෙකුට ආදරේ කරපු කෙනෙක් අදරයේදී විශ්වාස කරන්න පුලුවන්ද?
පුළුවන්. මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නෑ.
ඔබට ආදරේදී කී වතාවක් වැරදුනාද?
තුන් වතාවක්
විවාහයක් කියන්නේ හදිසියේ සිදුවියයුතු දෙයක් ද?
නෑ බොහොම කල්පනාවෙන් සිදුවියයුතු දෙයක්.
එහෙනම් ඔබ හදිසියේ විවාහ උනේ?
කවුද කියන්නේ?
කන්ද උඩරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක විවාහ ගිවිසගත්ත කියන එක බොරුවක් කියලද කියන්නේ?
එහෙම කතාවක් තියනවද? මම නම් එහෙම එකක් ගැන දන්නේ නෑ.
වෙබ් අඩවි වල තිබුන චායාරූප ඔබේ නෙවෙයිද?
මම ඒවා දැක්කේ නෑ.
ගින්නක් නැතිව දුමක් නගියිද?
සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.