Ads 468x60px

.

නේපාලයේ කඳු තරණයෙන් දුලීකාගේ නාට්‍යයේ වැඩ කටයුතු අඩාල වෙලා

ධික සීතලත් අධික මහන්සියත් හේතුවෙන් කලා ශිල්පීන් කිහිපදෙනෙකුම එහිදී අසනීප වෙලා...

ප‍්‍රවීන රංගන ශිල්පික් වන  දුලීකා මාරපණ පසුගිය කාලයේ නේපාලයේ කඳු තරණයක යෙදී ඇති බව වාර්තා වේ.

ඇයට මේ අවස්ථාව ලැබී ඇත්තේ විශ්ව සාහිත්‍ය නවකතාවක් වූ ‘ගුරු ගීතය’ ඇසුරින් නිර්මාණය කිරීමට සූදානම් වූ පළමු ගුරුතුමා (First Teacher) ටෙලි නාට්‍යයට රංගනයෙන් දායකවීමට අවස්ථාව ලැබීම නිසාය.


අදාළ ටෙලියේ රූගත කිරීම් කිහිපයක් නේපාලයේ සිදු කිරීමට සැලැසුම් කර තිබී ඇත.කෙසේවුවද එම රූගත කිරීම් ස‍දහා මෙම නළු නිළියන් හා නිෂ්පාදක කණ්ඩායම ගොස් ඇත්තේ එහි අධික සීතල පවතින සමයේ බව පැවසේ.

මේ පිරිස අධික සීතලේ කිලෝමීටර් 90ක් පමණ පයින් ගොස් ඇති බවද වාර්තා වේ.අධික සීතලත් අධික මහන්සියත් හේතුවෙන් කලා ශිල්පීන් කිහිපදෙනෙකුම එහිදී අසනීපවී තිබේ.

පසුව ඔවුන් එම රූගත කිරීම් අත්හැරදමා නැවත ලංකාවට පැමිණ ඇත. මේ නිසා නාට්‍යයේ කටයුතු ද අඩාලවී ඇතැයි පැවසේ.
 
Related Posts with Thumbnails