Ads 468x60px

.

අනුර සොලමන්ස් - දිවයින පාඨකයන්ට පිදුරු කව්වන්නේ ඇයි?

මිත්‍යාව වන්දනා කරන මිත්‍යාවේ ගැලී සිටින ජාතියකට අවශ්‍ය ඥානය මිසක තව තවත් මිත්‍යා මඩ ගොහොරු නොවේ.   

මෙවර ඉරිදා දිවයින සංග්‍රහයෙන්  යූරි ගෙලර්  ගේ චිත්ත ශක්තිය පිළිබඳව අනුර සොලමන්ස් ලිපියක් පල කොට තිබේ . එම ලිපිය ආරම්භ වන්නේ මෙසේය.


ඔහු අදත් චිත්ත බලයෙන් යකඩ නවයි!



යූරි ගෙලර් යනු චිත්ත ශක්‌තියෙන් ලෝහ කැබලි නවන ඊශ්‍රායල් ජාතිකයෙකි. කම්බි කූරු, යතුරු, හැඳි, ගෑරුප්පු, පිහි, ලෝහ පටි යනාදිය ඔහුට චිත්ත ශක්‌තිය යොදා නැවීමට පුළුවන. ඒ අතර තම චිත්ත ශක්‌තිය වෙන අයකුට හුවමාරු කර ඔහු ලවා යකඩ නැවීමටද ඔහුට පුළුවන. 

ඔහුගේ මේ දස්‌කම හෝ හාස්‌කම පෞද්ගලිකවත් ප්‍රසිද්ධ සංදර්ශනවලදීත් රූපවාහිනි වැඩසටහන් ඔස්‌සේත් මිලියන ගණන් ජනතාවක්‌ දැක තිබේ. විද්‍යාවට ඔහු තේරුම් ගත නොහැක. ඔහුගේ ශක්‌තිය කිසිදු මීටරයකට හසු වන්නේද නැත. (අනුර සොලමන්ස් - දිවයින ඉරිදා සංග්‍රහය )


අනුර සොලමන්ස් මහතාණෙනි යූරි ගෙලර් යනු පිළුණු වූ  මාතෘකාවකි. ගෙලර් ගේ ප්‍රයෝග  ගැන පරීක්ෂකයන් විශ්ලේෂණය කොට දැන් දශක ගණනාවක් ගෙවී ගොස් තිබේ. නමුත් ඔබලා තවමත් ලංකාවේ ගෝත්‍රික ජනයාට මිත්‍යාවේ පිළුණු බත් බෙදති.   මිත්‍යාව වන්දනා කරන මිත්‍යාවේ ගැලී සිටින ජාතියකට අවශ්‍ය ඥානය මිසක තව තවත් මිත්‍යා මඩ ගොහොරු නොවේ.   

යුරි ගෙලර්ගේ ප්‍රයෝගයන් චිත්ත බලයෙන් නොව මැජික් ඇස්බැන්දුම් යොදාගෙන බව සනාථ කරන වැඩසටහන නරඹන්න. ඔහු නවන්නේ තමන් විසින් කලින්ම නවා දුර්වල කොට සුදානම් කරන ලද හැඳිය. මෙය දැනගත් පරීක්ෂකයන්   ඔහුට වෙනත් හැඳි දෙනු ලැබිය. නමුත් ලබා දුන් කිසිදු හැන්දක් නැවීමට ඔහුට නොහැකි විය. ගෙලර්ගේ ප්‍රයෝගයන් හෙළි කරන ජේමිස් රැන්ඩි ගේ මේ වැඩසටහනවත් බලා ඔබගේ දැනුම අප්ඩේට් කරගන්න.


James Randi exposes Uri Geller and Peter Popoff
- අමිල ගුණරත්න 
 
Related Posts with Thumbnails