Ads 468x60px

.

රුපියල් 25,000 බේරා ගැනීමට ආශාට පුබුදු සමග හාද වෙන්නැයි පේ‍්‍රක්‍ෂිකාවකගෙන් ඉල්ලීමක්

දුරකතන ඇමතුමක් ලබාදී ඔට්ටුවක් අල්ලලා...

ජනපි‍්‍රය නිළි ආශා එදිරිසිංහ හා ජනපි‍්‍රය නළු පුබුදු චතුරංග හාද කිරීමට රුපියල් 25,000 ක ඔට්ටුවක් අල්ලා ඇතැයි වාර්තා වේ.

මෙම ඔට්ටුව අල්ලා ඇත්තේ පේ‍්‍රක්‍ෂිකාවක් විසින් බවද පැවසේ.කෙසේ වුවද එම පේ‍්‍රක්‍ෂිකාව සිය ඥාති සොයුරියක් සමග මෙම ඔට්ටුව අල්ලා ඇත්තේ ආශා හා පුබුදු සැබෑ ජීවිතයේදී එක් කිරීමට නොව රන් සමනළියෝ ටෙලියේදී සමනලී (ආශා) හා සිහින (පුබුදු) එක් කිරීමටය.


ආශා නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලබන ‘හීන හතක්’ වැඩසටහනට දුරකතන ඇමතුමක් ලබාදී ඔට්ටුව ඇල්ලූ පේ‍්‍රක්‍ශිකාව මේ බව පවසා තිබේ.

එසේම පසුව එම පේ‍්‍රක්‍ෂිකාව ඇගේ රුපියල් 25,000 බේරා ගැනීමට පුබුදු සමග හාද වෙන්නැයි ඉල්ලා ඇතැයි ද පැවසේ.‘රන් සමනළියෝ’ මේ වන විට කොටස් 200 ක් පසුකර විකාශය කිරීමට සමත්ව සිටී.
 
Related Posts with Thumbnails