Ads 468x60px

.

සුබ අලුත් අවුරුද්දක් වේවා - සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඔහු වෙත ලබාදුන් "එක් දින අවුරුදු නිදහස" ප්‍රතික්ෂේප කල අර අද දිනයේ කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ සරත් ෆොන්සේකා මහතා අවුරුදු සුබපැතුමක් එක් කිරීමට අමතක කලේ නැහැ 


"සුබ අලුත් අවුරුද්දක් වේවා. මට අවුරුදු තුනක් අවුරුද්ද දවසේ හිරබත් කන්න සලස්සපු අයටත් ඒකෙන් කාලකන්නි සතුටක් ලබපු අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි කියා මං ප්‍රාර්ථනා කරනවා. ජයවේවා..."

ෆොන්සේකා නිදහස් කර ගැනීමේ දෙවන කතිකාව

ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති අනෝමා ෆොන්සේකා
"අවුරුදු 30 යුධ ජයග්‍රහණය තවමත් මගේ ස්වාමියා සිරබත් කනවා. ඒක තමයි අද රටේ තියෙන විශාල විපර්යාසේ. මං හිතන්නේ අපේ ලංකාවට විතරක් පොදු වෙච්ච දෙයක්. සාමාන්‍යෙයන් කළගුණ දත් මනුෂ්‍ය වර්ගයා සිටින්නේ ලංකාවේ යැයි කියා මුළු ලෝකයම් කාලයක් පිළීගත්තා. 

දැන් ඒකේ අනික් පැත්ත වෙලා තියෙන්නේ. නීතිය නැතුව අවනීතිය අසාධරණය අයුක්තිය රජයන ලොවක අපි මොනවා බලාපොරොත්තු වෙන්නද? ඒක තමයි මේකට මූලිකම හේතුව"

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්"කරුණාකරලා නැවත නැවත ආණ්ඩුවට මතක් කරනාව අපිටත් අවුරුදු කිහිපය තුළ කිව්වා ඔන්න නිදහස් දවසේ ජෙනරල් ෆොන්සේකා මැතිතුමා නිදහස් කරනවා කිව්වා. ඊට පස්සේ කියනවා අලුත් අවුරුද්දට කියලා කියනවා. 

ඊට පස්සේ වෙසක් දවසට කියලා කියනවා. හැමදාම කියනවා. නමුත් වෙසක් ආවා ගියා. අලුත් අවුරුද්ද ආවා ගියා. නිදහස් දිනය ආවා ගියා. අපි සමරනවා නමුත් එතුමා තවත් හිරේ ඉන්නවා"

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

"අපි දන්නවා ෆොන්සේකා මහත්තයා හිරකාරයෙක් කියලා. නමුත් අපි දන්නෑ අපි හැමෝම සිරකාරයෝ බවට මේ රජය පත් කරලා තියෙනවා. ෆොන්සේකා මහත්තයා හිරේ දාගත්ත මිනිහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදගේ වහලෙක් එයා විතරක් වහල්කමට ගියානම් කමක් නෑ. 

අපි ඔක්කෝම වහල්බවට දාලා තියෙන්නේ. බොරුවෙන් මේ රට ගෙනියන් බෑ. මේ විදිහට රට ගෙනයාම තව ටික කාලයයි තියෙන්නේ. මොකද දැන් ඇත්ත එළිවේගෙන යනවා. දැන් ටික ටික එළියට එනවා ජනතාව. වෙඩි තියද්දි එළියට එනවා"

ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරයේ අනුශාසක පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි 
"පෙනහල්ලෙත් මූනිස්සම්. අක්මාවෙත් මූනිස්සම්. ලෙඩෙක් අපි නිසා ලෙඩවෙලා. රට නිසා එතුමා අද දුක් විදිනවා. ඒ දුක දරාගන්න බැරිකමටයි අපි මේ කතා කරන්නේ දෙයියනේ මෙහෙම වද දෙන්න එපා. මෙහෙම වද දෙන්න ඕන මිනිහෙක් නෙමෙයි. 

අර එහෙමයි අපේ රජ්වරු සැළකුවේ. අද හිඟන හිරකාරයෙක්. සියල්ලක් අහිමිවෙච්ච රටක් දිනපු යෝධයා අද හිඟන්නෙක් හැටියට හිරබාරයේ ඉන්නේ. අපි කොහොමද අවුරුදු කන්නේ. රට බේරාදුන් නායකයා හිරේ තියාගෙන. නිදහස් කරන්න,  නිදහස් කරන්න ජනාධිපතිතුමනි නිදහස් කරන්න. වද දුන්නා ඇති අපිට බලා ඉන්න බැහැ. නිදහස් කරන්න. එච්චරයි අපේ ඉල්ලීම"

ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු අර්ජුන රණතුංග
"අපි හැමදෙනාම එකඟවෙනවා දේශපාලන නායකත්වයක් ජකාධිපතිතුමා දුන්නා කියලා. නමුත් මේ දේශපාලන නායකත්වය දුන්න පමණින් මේ යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් නැහැ. මොනම දේ කරන්ඩත් දැක්මක්තියෙන් ඕනේ. මම හිතනවා ඒ දැක්ක ඒ පළපුරුද්ද එක්ක එතුමා යුද්ධ නිමා කරන්න කරගෙන ගිය ඒ දායකත්වය මම හිතන්නේ අපි කාටවත් අමතක කරන්න බැහැ"

විශ්‍රාමික අගවිනිසුරු සරත් එන්. සිල්වා
"කවුරුත් කිව්වා මේ වේදිකාව මෙතුමා, සරත් ෆොන්සේකා මැතිතුමා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කනපිට කියලා. මුලසිටන්ම ඒකයි මැතිණියනි ඇත්ත. නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කනපිටයි. මේ අපේ ව්‍යවස්ථාව පමණක් නෙවෙයි ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන සංයුතිය උල්ලංඝනය වෙලා තියෙන්නේ. මේක ජාත්‍යන්තර මානවහිමිකමක්. 

අපේ ශ්‍රී ලංකා ජනරජය මේකට අත්සන් කරලා තියෙන්නේ වෙසක් දවසේ. කෝ සරත් ෆොන්සේකා මහතාට එතුමා ඉදිරිපත් කරපු පෙත්සම. මේ ජාත්‍යන්තර සම්මුතියේ තිබෙනවා ඒ ගැන තීරණයක් ලබාගන්න පුළුවන්. වන්දි ලබා ගන්නත් පුළුවන්. ඒකයි අපි කියන්නේ නීතිය කනපිටට පෙරලිලා තියෙන්නේ" 
 
Related Posts with Thumbnails