Ads 468x60px

.

මෝටර් රථයේදී බ්රෙසියරෙන් ගෙල සිරකර මරා දැමු ධනවතාගේ අනියම් බිරිය කතා කරයි...

අනියම් බිරිය විවාහවී දික්‌කසාද වූ කෙනෙක්

පානදුර, ශ්‍රීමහා විහාර පාරේදී මෝටර් රථයක්‌ තුළ ගෙළ සිරකර මරා දැමූ ධනවතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාවක පෙරේදා (3 වැනිදා) නීතිඥවරයකු මාර්ගයෙන් පානදුර අධිකරණයට භාරවුණා.

පානදුර, අලුබෝමුල්ල පදිංචි 39 හැවිරිදි සංජීවනී දේවිකා නමැති එක්‌දරු මවක මෙසේ නීතිඥ එල්. පී. වීරක්‌කොඩි මහතා මාර්ගයෙන් භාරවූ බවද පානදුර දකුණ පොලිසිය පවසනවා.


පසුගිය 1 වැනිදා අළුයම් කාලයේ මෙසේ ඝාතනය කර තිබුණේ නුගේගොඩ, ගංගොඩවිල, විජයරාම පාරේ පදිංචිව සිටි ඉන්ද්‍රජිත් ප්‍රදීප් දේවනාරායන (40) නමැති විවාහකයෙකි.

ඝාතනයට ලක්‌වූ අය ඉතාලියේ හා ප්‍රංශයේ කලක්‌ වාසය කර පැමිණි අයකු බවත්, මොහු පානදුර ප්‍රදේශයේදී තමන් සමග අනියම් ඇසුරක්‌ පවත්වාගෙන ගිය බවත්
අනියම් බිරිය නීතිඥවරයාට පවසා තිබෙනවා.

මොහු පානදුර ප්‍රදේශයේ විවිධ අයට මුදල් පොලියට දුන් බවත්, ඔහු විදේශ රැකියා ඒජන්සියක්‌ද පවත්වාගෙන ගිය බවත්, මේ නිසා තමන් එයට අකමැත්තක්‌ දැක්‌වූ බවත් මේ හේතුව නිසා බොහෝවිට දෙදෙනා අතර බහින් බස්‌වීම් පවා ඇතිවූ බවත්
අනියම් බිරිය කියා තිබෙනවා.

තමන් මීට පෙර විවාහවී දික්‌කසාද වූ තැනැත්තියක බවත්, ඒ සම්බන්ධයෙන් දික්‌කසාද නඩුවක්‌ පානදුර අධිකරණයේ විභාග වන බවත් සැකකාරිය නීතිඥවරයාට කියා
තිබෙනවා.

සිද්ධිය වූ දින තමා හා ඝාතනයට ලක්‌වූ අය සමග ගමනක්‌ ගිය බවත් ඒ අවස්‌ථාවේ මොහු මත්පැන් පානය කර සිටි බවත් මෝටර් රථය තුළදී තමා හා මරණකරු අතර ආරවුලක්‌ ඇතිවූ බවත් එහිදී තමන් තිසර පටෙන් ඔහුගේ ගෙළ සිර කළ බවත් නීතිඥවරයාට ප්‍රකාශ කර
තිබෙනවා.

සැකකාරිය ඝාතනයට භාවිතා කළේ යෑයි කියන තිසර පටද ඊයේ රැගෙනවිත් තිබූ බවද පොලිසිය කිය
නවා. මේ අතර ඝාතනයට ලක්‌වූ ධනවත් පුද්ගලයාගේ බිරිඳ ද දිවයිනට පැමිණීමට නියමිත බවද පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකාරියගේ මව ඇතුළු පවුලේ හය දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කිය
නවා. සැකකාරිය පානදුර මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 
 
Related Posts with Thumbnails