Ads 468x60px

.

අඛිල ශෙනාලිටත්, ශෙනාලි අඛිලටත් බෝල විසි කරමින් ලිස්සා යන ප්‍රශ්නය...

'සිරිපැරකුම්' චිත‍්‍රපටය මේ වන විට ජනප‍්‍රිය ළමා චිත‍්‍රපටයක් ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනප‍්‍රිය වෙමින් ඉදිරියට දිවෙන බව කාටත් නොරහසකි.

'සිරි පැරකුම්' නිෂ්පාදකයින්ද එය ළමා චිත‍්‍රපටයක් ලෙස වෙළඳ ප‍්‍රචාරණ කටයුතු සිදු කිරිමද මෙය ළමා චිත‍්‍රපටයක් විමට ප‍්‍රධාන හේතුවක්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි රූපගත කිරීම් වලින් පසු, එහි දෙවන සංස්කරණයෙදී පසු පළමු ප‍්‍රදර්ශනයේ තිබු රූපරාමු වල ප‍්‍රමානය අඩු වී තිබන බව පැවසෙනවා

ළමා චිත‍්‍රපටයටක් ලෙස 'සිරි පැරකුම්' ජනප‍්‍රිය වීම සහ එය ජනප‍්‍රිය කිරිම නිසා තමන් සිදු කළ රංගනයන් සිනමාපටයෙන් ඉවත් කිරිම සහ කුඩා දරුවාගේ කොටස් වැඩිකිරීම නිසා තමන්ට අසාධාරණයක් වී ඇතැයි තරුණ රංගන ශීල්පින් දෙදෙනෙකු පවසා තිබෙනවා යැයි අප වෙත දැනගන්නට ලැබුණා.

මේ තොරතුරු සම්බන්ධව නිවැරදිතාව දැන ගැනිම උදෙසා අප එහි තරුණ රංගන ශිල්පින්ගෙන් කරුණු විමසූ අයුරු පහතින් .

අඛිල ඇත්තද ඔයාලට අසාධාරණයක් වෙලා කියන්නේ?

මොන අසාධාරණයක්ද..?

සිරි පැරකුම් චිත‍්‍රපටයේ ඔයාලගෙ කොටස් කපා ඉවත් කරලා පොඩි පැරකුම්ගෙ ඒවා වැඩි කරලා කියන කතාව? 

කොටස් කපලා ඉවත් කරලා. ඒක ඇත්ත. ඒ චිත‍්‍රපටයේ වේලාව පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා. නැතුව මට වුණ අසාධාරණයක් නෙමේ.මොකද කොටස් කපල ඉවත් කළේ මගේ විතරකුත් නෙමේ.එහෙම නොකළහොත් චිත‍්‍රපටය අපට පැය තුනක් හතරක් පෙන්වන්න වෙනවා. 

චිත‍්‍රපටයේ කොටස් කපලා ඉවත් කිරිම අධ්‍යක්‍ෂකවරයා සහ නිෂ්පාදකවරයා විසින් සිදු කරන්නක්.ඔවුන් එය සිදු කරණුයේ සෑම විටම ඔවුන්ගේ නිර්මාණයේ යහපත උදෙසා මෙන්ම පැවැත්ම උදෙසායි.

ඒ කියන්නෙ 'සිරි පැරකුම්'ළමා චිත‍්‍රපටයක් ලෙස ජනප‍්‍රිය වීමත් ඒ තුළ තිබු ඔබගේ කොටස් ඉවත් කිරීම පිළිබඳ ඔබට කිසිදු ප‍්‍රශ්නයක් නැති බවද?

ඔව් ඇත්තටම..... එය ළමා චිත‍්‍රපටයක් ලෙස ජනප‍්‍රිය කරවිම නිෂ්පාදකවරයාගේ වෙළඳ උපක‍්‍රමයක් මිසක් අපට සිදුකළ අසාධාරණයක් නොවේ. මොකද අප තුළින් නිතරම සිරි පැරකුම් ගැන කතා කෙරෙණවා නමුත් පොඩි ළමයි තුළින් එසේ නොවේ.

විශේෂයෙන් කියන්න ඕනේ රංගනය පිළිබඳ හීනයක්වත් නොතිබුණ මට රංගනයට වරම් ලැබුණු සිරිපැරකුම් ගැන කිසිදු ප‍්‍රශ්නයක් නොමැති බව එසේම ඔබගේ ඔය ප‍්‍රශ්නය මගෙන් අසනවාට වඩා එය ප‍්‍රශ්නයක් වු අයගෙන්ම අසනවා නම් හොඳයි කියා මා විශ්වාස කරනවා.

ඒ කියන්නෙ එම හේතුව ප‍්‍රශ්නයක් වු අයත් සිරි පැරකුම් රංගනශීල්පින් අතර ඉන්නවා කියන එකද?

මම විසින්ම ඔවුන්ට ඔය ප‍්‍රශ්නය ගැන කරුණු වටහා දීලා තියෙනවා. ඒකයි මම ඔබට කියන්නේ ඔය ප‍්‍රශ්නේ අහන්න ඕනේ මගෙන් නෙමෙයි අදාල පුද්ගලයින්ගෙන් කියලා.

සිරි පැරකුම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන රංගනශිල්පියෙක් වන අඛිල පවසන්නේ ඔහුට කිසිඳුඅසාධාරණයක් සිදු නොවු බවය.අපි මේ පිළිබඳව ශෙනාලිගෙන් ද විමසීමක් කළේ අඛිල අනෙක් පාර්ශවය ගෙන්ද අසන්නටයැයි කිවූ නිසාය.

ශෙනාලි මොකක්ද මේ අසාධාරණයක් වෙලා කියන්නේ.....?
මොන වගේ අසාධාරණයක්ද වෙලා කියන්නේ?.

සිරි පැරකුම් චිත‍්‍රපටයේ කොටස් කපා ඉවත් කරලා කියන්නේ....?

කොටස් ඉවත් වුණා කියලා කියන්න මම දන්නෙ නැහැ. මොකද එහි මුලම චිත‍්‍රපටය මම නරඹලා නැහැ. නමුත් මම මේ බලන චිත‍්‍රපටයේ නම් මට අසාධාරණයක් වෙලා නැහැ. හැබැයි සිරි පැරකුම් කියන්නේ නම් ළමා චිත‍්‍රපටයක්ම නෙමේ. 

සිරි පැරකුම් කියන්නේ ප‍්‍රථම වතාවට සෝමේ මාමා විසින් තරුණ තරුණියන් යොදාගෙන කරපු චිත‍්‍රපටයක්. ඉතින් එය ළමා චිත‍්‍රපටයක්ම නෙමේ කියලා තමයි මට කියන්න තියෙන්නෙ.

ඒ කියන්නෙ සිරි පැරකුම් ළමා චිත‍්‍රපටයක් ලෙස ජනප‍්‍රිය වීම හ ඒ තුළ තිබු ඔබගේ රංගනයේ කොටස් ඉවත් වීම පිළිබඳ ඔබට කිසිදු ප‍්‍රශ්නයක් නොමැති බවද...?

මට එයට උත්තරයක් හරියටම දෙන්න බැහැ. මොකද මම එහි මුල් ප‍්‍රදර්ශනය දැක්කේ නැහැ. මම ලංකාවේ හිටියේ නැහැ. මම හිතන්නේ සුදුසු විදිහට තමයි එය කරන්න ඇත්තේ. මම දන්නවා ඔය වගේ දේවල් ආවේ කොහොමද කියලා. 

නමුත් මම රංගනයේ යෙදුණු හැම කොටසක්ම වාගේ මෙම චිත‍්‍රපටයේ තියෙනවා. මොකද සිරි පැරකුම් එකේ ඉන්න රංගන ශිල්පිනියක් විදිහට කට්ටිය මාව හඳුනනවා. ඒ ප‍්‍රතිචාර මට ලැබෙන නිසා මම දන්නනවා අපිට ඒ ජනප‍්‍රියත්වය ලැබෙනවා කියලා.

ඒ කියන්නෙ ප‍්‍රශ්නයක් වු අයත් සිරි පැරකුම් රංගන ශීල්පින් අතර ඉන්නවා කියන එකද...?

ඔව්. ඔබ ඔය ප‍්‍රශ්නය අහන්න ඕන ඒ අයගෙන්. එවිට එයට උත්තරයක් ලැබෙයි.

ශෙනාලිට කෙලින්ම ඇගිල්ල දික්වෙනවා මෙම චිත‍්‍රපටයේ කොටස් අඩු වීම ගැන ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. මොකක්ද ඒ ගැන කියන්නේ.?

මෙහෙමයි චිතපටයේ මේ තියෙන දර්ශන වලට මම ආසයි. එය හොඳ විදිහට කෙරිලා තියෙනවා. මම මගේ රංගනය සාධාරණව කළා කියලා මම විශ්වාස කරනවා. චිත‍්‍රපටය බලද්දි මට අසාධාරණයක් වෙලා කියලා මට හිතෙන්නෙ නැහැ.

මෙම කාරණය සම්බන්ධයෙන් එහි නිෂ්පාදිකාවගෙන් අප කළ විමසීමෙදී ඇය පැවසුවෙ අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය පරිදි නිර්මාණයේ සංස්කරණය සිදුවීම සාමාන්‍ය දෙයක් වන හෙයින් නිර්මාණයේ තිරපිටපත අණුව සංස්කරණය සිදුව ඇති බවයි .

කෙසේවුවත් මෙහිදී අප නිගමනය කරණ දෙය වන්නේ අඛිල සහ ශෙනාලි යන දෙදෙනාම තමන්ට යම් ආධාරණයක් සිදුව ඇති බව නොකියා කියන බවයි. මේ නිසාම අඛිල ශෙනාලිටත්, ශෙනාලි අඛිලටත් බෝලය විසිකරමින් මෙම ප‍්‍රශ්නයෙන් ලෙස්සා යෑම සිදු කළ බව පෙනේ.
 
Related Posts with Thumbnails