Ads 468x60px

.

ගිණි කෙළි සහ ගිණි අවි, අනාගතයේ ගිණි පොලූ සහ මළ කෙළි බවට...

ගිණි කෙළි හා ගිණි අවි ටෙලියේ රගපෑම නළු නිලියන් ප‍්‍රතික්ෂේප කරලා...

අනුර හොරේෂස්ගේ ගිණි කෙළි සහ ගිණි අවි කතා වස්තුව ටෙලිකට නැගීමට සුදානමක් ඇතැයි වාර්තා වේ. ටෙලිය අධ්‍යක්‍ෂණය කිරීමට සැරසෙන්නේ සාරංග මෙන්ඩිස් බවද පැවසේ.


කෙසේවුද සාරංග මීට පෙර අධ්‍යක්‍ෂණය කළ ගඟ අද්දර හා භාර්යාවෝ ටෙලි නාට්‍යවල ශිල්පීන්ට මුදල් නොගෙවීම හේතුවෙන් ඔහු මෙම ටෙලියට ශිල්පීන් එක්කර ගැනීමේ අපහසුතාවයකට පත්ව අතැයි ද වාර්තා වේ.

‘ගිණි කෙළි හා ගිණි අවි’ චිත‍්‍රපටයේ රගපෑ ශිල්පීන් බොහෝ දෙනෙකු කොටස් 32 කින් යුක්ත මෙම ටෙලියේ රගපෑම ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද පැවසේ.

කෙසේ වවුද සාරංග අදාල ටෙලිවල ශිල්පීන්ට පවසා ඇත්තේ තමාට පෙර ටෙලිවලට සහභාගිවූ ශිල්පීන්ට මුදල් ගෙවීමට නොහැකි වූයේ නිෂ්පාදකයන් පොලූ තැබූ නිසා බවයි.

මෙවර ශිල්පීන් ආරක්‍ෂා කර ගැනීමට මේ ටෙලියේ නිෂ්පාදන කටයුතුද තමාම සිදු කරන බව ඔහු රංගන ශිල්පීන් කිහිප දෙනෙකුට පවසා තිබේ.
සාරංග මීට පෙර අධ්‍යක්‍ෂණය කළ ගඟ අද්දර ටෙලියේ නිෂ්පාදක ලෙස හැරල්ඞ් විජේසිංහ කටයුතු කළ අතර භාර්යාවෝ නිෂ්පාදනය කරනු ලැබුවේ සුදර්මා නෙත්තිකුමාර විසිනි.

කෙසේවුවද ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී ඇත්තේ ගිණි කෙළි සහ ගිණි අවි යන්න අනාගතයේ ගිණි පොලූ සහ මළ කෙළිලෙස වෙනස්වීමේ හැකියාවක් ඇති බවයි.

 
Related Posts with Thumbnails