Ads 468x60px

.

උදිත් නාරායන් මෙරටට පැමිණි අවස්ථාවේ ගත් ජායාරූප...

උදිත් නාරයන් ගේ සහභාගීත්වයෙන් කොළඹදී දැවැන්ත සංගීත ප‍්‍රසංගයක්

යනුවෙන් අප පෙර ඉදිරිපත් කල පුවතට අනුව ලොව පුරා රසික රසිකාවියන් අමන්දානන්දනයට පත් කළ සුපිරි බොලිවුඞ් ගායක උදිත් නාරායන් අද (15) අලූයම දිවයිනට පැමිණියේය.

සිරස ටී.වී. 14වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන සංගීත රාත‍්‍රීයට සහභාගිවීම සදහා ඔහු මෙරටට පැමිණ සිටී.


උදිත් නාරායන් ඇතුළු පිරිස අද අලූයම 5.25ට පමණ කටුනායක බණ්ඩාරානායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණියේය.
හෙට (16) සවස 7ට කොළඹ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙන සංගීත ප‍්‍රසංගය සඳහා යුග ගායනයෙන් ජනපි‍්‍රය ගායිකාවක වන දීපාද එක්වීමට නියමිතය.

උදිත් නායරායන් දශක තුනකට ආසන්න කාලයක් ඉන්දීය චිත‍්‍රපට රැුසකට පසුබිම් ගායනයෙන් දායකවී තිබේ.දිල්වාලේ දුල්හානියා ලේජායින්ගේ, දිල්තෝ පාගල්හේ, මොහාබතින්, ජබ් ප්යාර් කිසිසේ හෝතාහේ, වීර්සාරා, ලගාන්, මුජ්සේ දෝස්ති කරොගේ ඔහු ඒ අතරින් පසුබිම් ගායනයෙන් එක්වූ චිත‍්‍රපට කිහිපයකි.




සිරස රූපවාහිනී නාලිකාවට වසර 14ක් සපිරීම නිමිති කරගනිමින් භාරතයේ සුප‍්‍රසිද්ධ ගායක උදිත් නාරයන් ගේ සහභාගීත්වයෙන් හෙට සවස 7ට කොළඹ සී.එච් ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන සංගීත ප්‍රසංගය සඳහා යුග ගායනයෙන් මීට දීපා එක්වන අතර වාද්‍ය වෘන්දය ඇතුළු නර්තන ශිල්පීන්ද ඉන්දියාවෙන් පැමිණි බවයි වාර්තා වෙන්නේ.

 


























































 
Related Posts with Thumbnails