Ads 468x60px

.

කොළඹ සෙලවේ, බියවිය යුතු නෑ, මේ 11 වන පිපිරීමයි...

භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශය කියයි... 

අද උදෑසන කොළඹ වරාය ආසන්නයේ යම් භූකම්පන තත්වයක් ඇතිවූයේ වරාය ගැඹුරු කිරීම වෙනුවෙන් දියයට සිදුකරන පිපිරීම් නිසා බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද කියයි. 



ඔහු පැවසුවේ මේ පිළිබඳව බියවිය යුතු නැති බවත් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයේ අධීක්ෂණය යටතේ මෙම පිපිරීම් සිදුකරන බවයි. 

“වරාය ගැඹුරු කරන විට විශාල ගලක් මතුවුණා. මේ නිසා මෙම ගල කුඩු කිරීමට මෙම දියයට පිපිරීම් කරනවා. අද කළේ 11 වන පිපිරීම. මීට පෙර කරපු පිපිරීම් දහය ජනතාවට දැනුනෙ නෑ.“ 

“මහ බැංකු ගොඩනැගිල්ලේ 11 වන මහලේ අපි යම් උපකරණයක් සවිකර මෙම පිපිරීම් අපගේ ප්‍රමිතීන්ට අදාළව සිදුකරනවාදැයි විමසා බලනවා. අද කරපු පිපිරීමත් එම ප්‍රමිතීන්ට අනුකූලයි. ඉදිරියේදීත් මෙවැනි පිපිරීම් කිරීමට නියමිත නිසා යම් සෙලවීම් තත්ත්වයන් ඇතිවිය හැකියි.“

යනුවෙන් විජයානන්ද මහතා පැවසීය.

අද සිදුකළ පිපිරීම නිසා කොළඹ කොටුවේ මහ බැංකු ගොඩනැගිල්ල, ලංකා බැංකු ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රදේශයට යම් කම්පන තත්ත්වයක් ඇතිවී තිබුණි. කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට සිදුකරමින් සිටින අතර ඒ යටතේ දියකඩනයක් හා බහාලුම් පර්යන්තයක් ගොඩනගමින් තිබේ. 

මෙම බහාලුම් පර්යන්තය ඉදිකරන්නේ වැඩි ගැඹුරක් අවශ්‍යවන නැව් වලට පැමිණීමට හැකියාව ලැබෙන පරිදිය. 

කොළඹ වරායෙත් කලූ ගලක්

කොළඹ වරාය පුළුල් කරමින් දිය කඩනයක් සහ බහලූම් පර්යන්තයක් ඉදිකිරීමේ කටයුතු කටයුතු මේ දිනවල සිදුවන අතර මෙහිදී කලූ ගලක් මතුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.වරාය ගැඹුරු කරමින් ඇත්තේ තවත් විශාල නැවුවලට කොළඹ වරායට ඇතුලූ වීම පහසු කරවනු පිණිසයි.

අද පෙරවරුවේ කොළඹ උස් ගොඩනැගිලි කිහිපයකට දැනුනු කම්පනය මෙම කලූගල පිපිරවීමේදී ඇති වූ එකක් බවද එම කාර්යංශය පවසයි. අද දිනයේ සිදු කලේ 11 වන පිපිරවීම බවත් ඉදිරියේදීත් මෙවැනි පිපිරවීම් සිදු කල යුතුව අති බවත් කාර්යාංශයේ සභාපති එන්.පී. විජයානන්ද මහතා කියා සිටී.

මෙහිදී සිදුකරන පිපිරවීම් ප‍්‍රමිතීන්ට අනුකූලදැයි පරීක්‍ෂා කිරීමට මහ බැංකු ගොඩනැඟිල්ලේ 11 වන මහලේ කිසියම් උපකරණයක් සවි කර ඇති බවත් අද දිනයේ සිදු වූ පිපිරවීමද ප‍්‍රමිතියට අනුකූල බවත් ඒ මහතා කියා සිටී.

 

 
Related Posts with Thumbnails