Ads 468x60px

.

ජෝති අයියා වෙනුවෙන් මම හැමදාම පහනක්‌ පත්තු කරනවා - පොඩි ජෝති කියයි...

ජෝති මල්ටිමීඩියා ක්‍රියේෂන්ස්‌ ළඟදීම...
අවුරුදු දෙකහාමාරකට කලින් මම අන්තිමට ලංකාවට ආවේ...

නෙදර්ලන්තයේ ජීවත් වන ජෝති අනුගාමික ශ්‍රී ලාංකික ගායකයකු වන තුඩාඩ් ජොල්ඩර්ස්‌මා (පොඩි ජෝති) ජෝතිමත් ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 25 වැනි අනුස්‌මරණය නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රසංග සහ වැඩසටහන්වලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

අවුරුදු දෙකහාමාරකට කලින් මම අන්තිමට ලංකාවට ආවේ. ඒ වතාවේ ආනන්ද පද්මසිරි රචනා කළ ගීත 12 ක්‌ ඇතුළත්ව "සුදු අත ගන්න කියා" නමින් සංයුක්‌ත තැටියක්‌ කළා. ජෝති උපහාර ගීත දෙකක්‌ ඒ තැටියට වර්නන් පෙරේරා සහ තරණි අනුරා කාරියවසම් සමග ගායනා කළා.


ග්‍රේෂන් ආනන්ද හැදූ ගීයකුත් එහි තිබෙනවා. මේ වතාවේ සම්පූර්ණයෙන් ස්‌ව නිර්මාණ ඇතුළත් තැටියක්‌ නිකුත් කරනවා. ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, රේෂා රවිහාරි සහ ෙච්තනා රණසිංහගේ යුග ගීත ඊට ඇතුළත්. ආනන්ද පද්මසිරි හා නීතිඥ නන්ද මුරුත්තෙට්‌ටුවෙගම ගීත ලිව්වා." පොඩි ජෝති කියයි.

පොඩි ජෝති අසහාය ගායක ජෝති හඳුනාගෙන ඇත්තේ දහසය හැවිරිදි වියේදීය. ඉන්පසුව වරින් වර ශ්‍රී ලංකාවට පැමිණ තම ප්‍රියතම ගායකයා හමු වූ ඔහු ජෝති නිෂ්පාදනය කළ සුමිතුරෝ චිත්‍රපටයටද දායකත්වය දී තිබේ. පසු කාලයේ "පබා" ටෙලි නාට්‍යයේ පොඩි ජෝති රංගනයෙන් දායක වී ඇත.

දැනට බෙහෙවින් ව්‍යාප්තව ඇති රියෑලිටි තරග ආදියෙන් හඳුනාගත් නවක ගායක ගායිකාවන්ට ගීත පටිගත කර දීමට හා ගීත රූගත කර දීමට වැඩපිළිවෙළක්‌ පොඩි ජෝති සකස්‌ කර තිබේ. "ජෝති මල්ටිමීඩියා ක්‍රියේෂන්ස්‌" නමින් ළඟදීම එම ආයතනය පැපිලියානේ දී ඇරැඹීම ඔහුගේ බලාපොරොත්තුවයි.

බාල වියේ සිට ඔහු දිවි ගෙවන්නේ නෙදර්ලන්තයේය. පොඩි ජෝති විවාහ වී සිටින්නේ අපේ සිනමාවේ ජනප්‍රිය නිළියකව සිටි µරීනා ලායිගේ නැගණිය වන ෂෙරීනා ලායි සමගයි.

සිය කලා කටයුතුවලට බිරිඳගෙන් ලැබෙන සහාය ඔහු අගය කරයි. රිසාස්‌ සහ ප්‍රිසීලියා මොහුගේ දූ පුතුන්ය. දිනපතාම ජෝති අයියාගේ අනුරුව ඉදිරියේ පහනක්‌ පත්තු කිරීම මම එදා සිටම කරගෙන ආවා. ජෝති අයියා ජීවත්ව ඉද්දී ඔහු සමග මා කළ කී දේ අද මතකයක්‌ පමණයි. දැන් මම කරන්නේ මට හැකි පමණින් ඔහු සමරණ කටයුතුවලට දායක වීම යෑයි පොඩි ජෝති පවසයි. තව මාස කීපයක්‌ මව්බිමේ රැඳී සිටීමට ඔහු බලාපොරොත්තු වෙයි. 


පොඩි ජෝතිගේ දුරකථන අංකය - 0777141448
 
Related Posts with Thumbnails