Ads 468x60px

.

ග්ලැන්කන් වතුයායේ සිටින ඉන්දීය කම්කරුවන් කාන්තාවක් දුෂණය කරන්න හදලා...

බේරෙන්න දුවනකොට ඇදගෙන වැටිලා...
තාමත් ඇය සිහිනැතිලු...

හැටන් දික්ඔය ග්ලැන්කන් වතුයායේ රෝහලක් ඉදිකිරීමට පැමිණ සිටින ඉන්දීය කම්කරුවන් පිරිසකගේ බලහත්කාරකමකින් බේරීම සඳහා දිවගිය කාන්තාවක ඇදවැටීමෙන් හිසට බරපතළ තුවාල සිදු වී මේ වනවිට පේරාදෙණිය රෝහලේ අසාධ්‍ය තත්වයේ පසුවේ. මේ වනවිටත් ඇය සිහිසුන්ව සිටින බවද වාර්තා වේ.


ග්ලැන්කන් වතුයායේ ලිපිකාරිණියක වන මෛදිලී නම් 40 වියේ පසුවන දෙදරු මවක් මෙම සිදුවීමට මුහුණපා ඇත. ඉන්දියානු ණය මත ග්ලැන්කන් වතුයායේ රෝහලක් ඉදික‍රෙන අතර එහි ඉදිකිරීම් කටයුතුවලට ඉන්දියානු ජාතිකයන් පිරිසක් ගෙන්වාගෙන ඇත. සවස් කාලයේ මොවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් අසල වතු නිවාසවල ජීවත් වන කාන්තාවන්ට දිගින් දිගටම අතවර කිරීමට උත්සාහ කරන බවටද වාර්තා වේ.

පසුගිය 11 වන දින සවස 07 ට පමණ නිවෙස් බලා එමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මොවුන් ගොදුරු කරගැනීමට උත්සාහ දරා ඇති බවත් එක් තැනැත්තියක ඉවතට දුවගොස් ඇති අතර මෛදිනී නම් සිද්ධියට මුහුණ පෑ මෙම කාන්තාව බිම ඇද වැටීමෙන් හිස අභ්‍යන්තරයට බරපතළ හානි සිදුවී ඇත.


පොලීසිය මේ පිළිබඳව පරීක‍්ෂණ පවත්වා ගෙන යන නමුදු තොණ්ඩමන් අමාත්‍යවරයාගේ බලපෑම් නිසා පොලිස් පරීක‍්ෂණ කටයුතුවලට බාධා පැමිණෙමින් තිබෙන බවද අනාවරණය වේ.
 
Related Posts with Thumbnails