Ads 468x60px

.

සර්වඥ ධාතු ප්‍රදර්ශන මුවාවෙන් මුදල් එකතු කරන කූට ජාවාරමක් මෙන්න...

ශ්‍රී දළදා මාලිගාවෙන් වැඩම කරවා සර්වඥ ධාතු ප්‍රදර්ශනය කෙරෙන මුවාවෙන් කූට ව්‍යා පාරයක් රටතුළ ක්‍රියාත්මක වන පුවතක් hotandfastnews වෙත වාර්තා වෙනවා.

පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එලෙස වංචාකාරී ලෙස අසත්‍ය තොර තුරු ප්‍රකාශ කරමින්, දළදා මන්දිරයට ගෙවීම සඳහා යැයි පවසමින් රුපි යල් 1000 රුපියල් 500 මුදල් එක්රැස් කිරීමක්ද සිදුවන බවයි. 

ඒ බව මල්වතු අස්ගිරි උභය විහාරස්ථ මහ නාහිමිවරු දෙපළ නිවේදනයක් නිකුත් කරමින් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුනොවන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහානායක හිමිවරු ඇතුළු දියවඩන නිලමේතුමා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙනවා.

මෙවැනි වංචනික කටයුතුවලට ශ්‍රී දළදා මාලිගාව හෝ මල්වතු අස්ගිරි උභය මහා විහාර හෝ කිසිදාක කිසිම ආකාරයකින් සම්බන්ධතාවක් දක්වා නැත. එවැනි කටයුතුවල අප කිසිසේත් නියැ‍‍ළෙන්නේද නැති බව අවධාරණය කරන්නෙමු.

කාලයෙන් කාලයට දිවයිනේ නොයෙක් තැන්හි මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක හිමිවරුන්ට සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට අපහාසයක් ගෙන දෙන ආකාරයෙන් සිදුකෙරෙන මෙබඳු වංචනික කූට ක්‍රියාවන්ට කිසිම ආකාරයකින් හසු නොවන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
 
Related Posts with Thumbnails