Ads 468x60px

.

ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේදී ජිප්සීස් සුනිල් කියන්නට ඇතිදේ ගේ ඇතුළටම ගිහින් කිව්වේ කාටද..?

ආණ්ඩුවට හොඳටම කඬේ යන්නෙ ජැක්සන් විතරද

ජිප්සීස් සුනිල් දශක කිහිපයක් තිස්සේ මේ රටේ සංගීත සහ ප‍්‍රාසාංගි ක කලාව තුළ යම් වෙනස් යමක් කිරීමට උත්සාහ කළ සම්ප‍්‍රදායික නොවන සංගීත කණ්ඩායමක් සහ ගායකයෙකි.

සුනිල් ඔහු ජීවත්වන සමාජයේ දේශපාලනය ආර්ථිකය සහ සංස්කෘතිය සිය ගීතයෙන් කලාවෙන් ඉදිරිපත් කරණු ලබයි. මෙම ගීත විටෙක උපහාසාත්මකය. විටෙක අමුය. විටෙක තිත්තය. 

මේ සියල්ල ඔහු සමාජයීය සාමාජිකයෙකු ලෙස සිට සංගීතය සහ ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීම තුළ සිට ජනතාවට, රසිකයාට සහ රසිකයින් නොවන අයට ද බෙදා දෙයි. පසුගියදා සිදුවූ එවන් සිදුවීමක් නිසා සුනිල් පෙරේරා බොහෝ දෙනෙකුගේ අවදානයට පාත‍්‍රවිය.

ලෝකෙන් උතුම් රට ලංකාව බැවින් සුද්දන්ට ටියුෂන් ගන්න ලංකාවට එන්න කියන්න සුනිල්ට හැකියාව ලැබිණි. ක‍්‍රි
ට් සම්මාන රාත‍්‍රියේදී සුනිල් පැමිණ සිටි කි‍්‍රකට් නිළධාරීන්ටත් ක‍්‍රීඩකයන්ටත් හරි අපූරු දේවල් ප‍්‍රසාංගිකව කියා දැම්මේය.

ක‍්‍රිකට් යනු මේ රටේ පේ‍්‍රක්‍ෂකයන් වැඩි දෙනෙක් නරඹන මෙන්ම ක‍්‍රීඩාව වෙයි. එමෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තරම් මුදල් උපයන වෙනත් ක‍්‍රීඩකයන් මේ රටේ තවත් නැත. 


ඒ මදිවාට ක‍්‍රිකට් පරිපාලකයන්ද ඒ හා සමාන තවත් අයද මේ තුළින් විශාල ගසාකෑම් කරමින්, අයථා ලෙස මුදල් පරිහරණය කරමින් ජීවත්වන බව, සැප විඳින බව නොරහසකි. මේ යථාර්ථය කලාකරුවකුට සමාජ ගත කිරීමේ නිදහස තිබේ. එය අමුද, තිත්තද, පැණි රසද යන්න ගැටළුවක් නොවේ.

එහෙයින් සුනිල් කියන්නට ඇතිදේ ගේ ඇතුළටම ගොස් සංගීතයෙන් සහ කලාවෙන් ඉදිරිපත් කර තිබේ. ඒ සුනිල් ගේ හැටිය. සුනිල් මෙහිදී ගැයූ ගීයේ රතුපස්වල වතුර සම්බන්ධයෙන් බලධාරීන් ජනතාවට වෙඩි තිබ්බෙ මොන රටේද? කියා අසන විට අමෙරිකාවේ බව ගෝලයෝ ටික පවසයි.

සාධාරණ ජන්දයක් තියන්නෙ මොන රටේද කියා අසන විට ලංකාවේ කියා ගෝලයෝ ටික පවසයි. අග‍්‍රවිනිශ්චයකාර වරියන් ගෙදර යවන්නේ මොන රටේද කියා අසයි ගෝලයෝ එය එංගලන්තයේ සිදුවන බව පවසයි.

දයාවෙන් සිරියාවෙන් දේශපාලකයො බල්ටි ගහන්නෙ කොයි රටේද කියා සුනිල් විමසයි ගෝලයෝ එංගලන්තයේ කියා පවසයි........සුනිල් මේ ගීත කලාවෙන් කතා කරණුයේ මේ සමාජයේ පවතින සහ සිදුවූ සියල්ලයි . මෙය ගීත කලාවේ, ප‍්‍රසාංගික කලාවේ වාර්ථාමය ස්වරූපයයි.


මේවා වේදිකාවකට නැග විපක්‍ෂය රැස්වීම් දහයකට ගොස් පවසා කෑ මොර දෙනවාට වඩා සුනිල් විසින් ඉදිරිපත් කරණ ලද මෙම ප‍්‍රසාංගික විනාඩි 15ව මේ රටේ සුවහසක් ජනතාව අතර කතාබහට මෙන්ම, ඉහළ නිලධාරීන් අතර, විවිධ කණ්ඩායම් අතර, සිවිල් පොරවල් අතර සහ අන්තර්ජාලයේ සැරි සරණ තරුණ ප‍්‍රජාව අතරද වේගයෙන් සන්නි වේදනය වී තිබේ.

මේ පිළිබඳව කතාබහ කරන්නට, මේ පනිවිඩය බෙදා ගන්නට උත්සුක වී තිබේ. මේ පහර ගැසීම දේශපාලනික වන බැවින්, ප‍්‍රසාංගික වන බැවින්, සංගීතාත්මක වන බැවින් සුනිල්ට බොහෝ අයගේ කැමැත්ත ප‍්‍රකාශ වී තිබේ. මේ හේතුවෙන් සුනිල් රසිකයින් අතර තවදුරටත් සිය අනන්‍යතාව තහවුරු කරගනිමින් සිටී.

අද වනවිට කලාකරුවන්ට අනන්‍යතාවක් නැති තැනට කටයුතු සිදුව ඇති බව ද සුනිල් පෙන්වා දෙයි. ස්වාධීන කලාකරුවන් වැඩිපුරම සිටින්නෙ මොන රටේද කියා සුනිල් අසයි. ගෝලයෝ ලංකාවේ බව පවසයි. කඬේ යන කලාකරුවෝ ඉන්නෙ අමෙරිකාවේ බව ගෝලයෝ පවසයි. 


ජැක්සන් වඩාත්ම කඬේ යන්න පටන්ගෙන ඇති බව ද පවසයි. ඒමෙන්ම සිංදු කියන්න ස්ටේජ් වලට නැග්ගහම මයික් එකට රන්ඩුවෙලා සිංදු කියන්න පොරකන්නෙත් අමෙරිකාවේ බව පවසයි. මේවා තිත්තය. නමුත් ඇත්තය.

සමස්ථ කලාකරුවෝ තම විෂය පථය තුළ තමාගේ අවට සිදුවන දේ පිළිබඳව විචාර බුද්ධියෙන් විමර්ෂණය කළ යුතුව ඇත. ලංකාවේ කලාකරුවන් වන්දිබට්ටයන් වී සිටීම, නිහඬව සිටීම සහ ඇග බේරා ගෙන සිටීම නිසා සුනිල්ලාට මේ ලෙස හුදකලාව ගයන්නට, ඉදිරිපත්වන්නට, කියන්නටසිදුව තිබේ.

 වීඩියෝව පහතින්


සම්මාන රාත්‍රියේදී සුනිල් පෙරේරා මඩ ගැසූ ලොක්කන්ගේ ඇස් රතු වෙලාලු (වීඩියෝ)
ජිප්සීස් සුනිල් ඇස්‌ රතු වෙන අයිටම් දෙක දැම්මේ ක්‍රිකට්‌ ලොක්කන්ගේ උවමනාවටලු
 
Related Posts with Thumbnails